“ජාත්‍යන්තර පරීක්ෂණ මෙතනින් ඉවරයි ” – දේශපාලන නිරීක්ෂකයෝ කියති

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් බදාදා නිකුත්වන වාර්තාවෙන් රජයට හා එල්ටීටී ඊ යට බරපතළ චෝදනා එල්ල වී තිබුනද මෙම සිදුවීම් පිළිබද සියලු ජාත්‍යන්තර විමර්ශන මින් අවසන් වන ලකුණු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති . කිසිදු රටක් ඒ පිළිබදව වැඩිදුර ක්‍රියාමාර්ග ඉල්ලා නොසිටිනු ඇතැයි ද කියති . නව රජය බලයට පත්වීමත් සමග රටතුල ඇතිවී තිබෙන යහපත් වෙනස්කම් නිසා ජාත්‍යන්තරයේ ආකල්පද වෙනස් වී ඇතැයි යන්න නිරීක්ෂකයන්ගේ අදහසයි . ඇමෙරිකාවේ හා ඉන්දියාවේ සහාය මෙරටට හිමිවීම නිසා තත්ත්වය වඩාත් යහපත් අතට හැරී ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *