හිටපු ජනාධිපතුමනි, ඔබතුමාට ගරු කළත් ඔබතුමා වටේ ඉන්න වෘක්කයන් සහ සුනඛයන් එක්ක මේ ගමන යන්න බෑ – විජිත් විජයමුණි සොයියා

ඊයේ (18) ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විජිත් විජයමුණි සොයිසා කළ කතාව,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මමත්, ඒ වගේම ලක්ෂ්මන් සෙනෙවිරත්න ගරු මන්ත්‍රීතුමත්, ඉන්දික බණ්ඩාරනායක ගරු මන්ත්‍රීතුමත් අද මේ රජයට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි එකතුවෙලා තියෙනව. අපි එහෙම එකතුවීමට බලපාපු කරුණු රාශියක් තියෙනව ගරු කතානායක තුමනි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයේ, විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තුව අක්‍රියවෙලා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන මේ අංශ තුනම එකිනෙකට අසමාන කාරණා මත ගැටෙමින් පාර්ලිමේන්තුවෙ සිදුවූ සිදුවීම් මාලාවම ජනතාව දන්නවා.

ගරු කතානායක තුමනි, ඒ වගේම රටේ ඇති වෙච්ච දේශපාලන අස්ථාවරය. මේ රටේ හැම පැල්පතකම හැම මන්දිරයකම ඉන්න හැම මිනිහෙකුටම ඒ දේශපාලන අස්ථාවරය දැනුණා. ඒ දැනිච්ච අස්ථාවරත්වය අද අපේ රටේ ජනතාවගේ කර මත ඇඟ මත පැටවෙනවා. දුප්පත් ජනතාවට පාරිභෝජනය කරන ජනතාවට බදු වශයෙන්, බදු ගෙවන්නන්ට බදු වශයෙන්. ඒ බර ඔවුන්ගේ ඇඟමත අද පතිත වෙලා හමාරයි.

ගරු කථානායක තුමනි, තවදුරටත් මේ රටේ වගකිවයුතු දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ඒ වගේම අපි මේ පාර්ලිමේන්තුව ගරු කරන, පාර්ලිමේන්තු සම්ප්‍රදායට, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි දිවුරා පොරොන්දු වූ කරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හැටියට අපිට ලොකු වගකීමක් තියනව.

අපි ස්තූතිවන්ත වෙනව. සමහර කුඩා වුවත් දේශපාලන පක්ෂ ඔවුන් හැසිරුණු ආකාරය, ඔවුන්ගේ දේශපාලන විඥානය පිළිබදව, ඒකට අපි ගරුත්වයක් තිබිය යුතුයි ගරු කතානායක තුමනි, ඒකට අපි අගයක් එකතුකළ යුතුයි. ගරු කතානායක තුමනි. ඒ නිසා මම අපේ පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අනුශාසක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අයත් සමග අපි කටයුතු කිරීමේ කිසිම බාදාවක් අති වෙන්නෙ නෑ. හැබැයි, මම නම් මාධ්‍යයෙන් දැක්කේ එතුමා වෙනත් පක්ෂයක සාමාජික වෙලා කියලයි. මම කල්පනා කරනවා අදත් ඔබ අපේ අනුශාසක වරයා කියල.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපිට ලොකු වගකීමක් තියනවා ගරු කතානායක තුමනි, අතිගරු ජනාධිපතිතුමාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ පාක්ෂිකයිනුත් අපි ආරක්ෂා කිරීම. ගරු කතානායක තුමනි, අපි හරියට බාඳුරා මලට වැටුණු කෝඳුරුවෝ වගේ. කොඳුරුවට එළියට එන්න බෑ මල වැහිලා. මේකට සුළි සුළඟක් එන්න ඕනේ. නැත්නම් බාඳුරාමල කැඩිලා පෙති ගැලවිලා යන්න ඕනෙ. අපි ශ්‍රී ලංකා පාක්ෂිකයො හැටියට අන්ත අසරණභාවයකට පත්වෙලා තියෙනව. (කතාවට බාදා) මෙයාලා මැදින් පීදිච්ච අය. මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මගේ පියා අවිසාවේල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක. මොවුන්ට මතක නෑ ගරු කතානායක තුමනි. 1979 අවිසාවේල්ල නගර සභාවට ඉල්ලුවේ. තාත්තායි මමයි අපේක්ෂකයො නැති කාලේ. 1989 මම මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 48ක් පොකුරු ඡන්ද මධ්‍යස්ථාන තියෙන. ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයෝ 7 දෙනෙක් මුරපු කාලේ ඒ දිස්ත්‍රික්කයේ මම අපේක්ෂකයෙක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ කිසිම නායකයෙක් අපේ දිස්ත්‍රික්කවල ඇවිල්ලා අපිට ඡන්දෙ දෙන්න කියල කිව්වේ නෑ ගරු කතානායක තුමනි, අපි තනියම ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කවල නිල් පාට කොඩිය ගත්තෙ. රාජ්‍ය බලයටත් කැලේ නීතියටත් එරෙහිව ප්‍රජා අයිතිය නැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කරන්න අපි දායකත්වය දුන්නා.

ගරු කතානායක තුමනි, ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති කරන්න අපි ලබාදීපු දායකත්වය මම හිතන්නෙ මේ මංගල සමරවීර ඇමතිතුමා දන්නවා. එස්.බී. දිසානායක ගරු මන්ත්‍රිතුමා දන්නවා. ගරු කතානායක තුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානෙ ඉඳලා කොළඹ අංක 2 ස්ටැන්ලි තිලකරත්න මහත්තයගෙ බලමණ්ඩලයේ මමයි තාත්තායි දෙන්නම සාමාජිකයො හැටියට හිටිය. එදා කොළඹ දිස්ත්‍රික්කයෙන් මගේ තාත්තා ඉල්ලුවා. අපේ අම්මට පවුලේ නෑදෑයො ඇවිල්ලා කිව්වා. මොකද මේ තාත්තයි පුතයි මේ වෙලාවේ ඡන්දෙට දාන්නෙ. එහෙම කියද්දි මගේ අම්මගෙ වචනෙ ධෛර්යය මගේ පුතා පාර්ලිමේන්තුවට යනව කියල කිව්වා. ගරු කතානායක තුමනි, අපි ජීවිතය පරදුවට තියලා ප්‍රජාඅයිතිය නැති බණ්ඩාරනායක මැතිණිය දාලා ඒ වගේම දුව යනකොට, පුතා යනකොට, බෑණා යනකොට අපි අඩියක්වත් සෙලෙව්වෙ නෑ. අවුරුදු 17ක් විපක්ෂෙ හිටියා ගරු රංජිත් මද්දුමබණ්ඩාර ගරු මන්ත්‍රිතුමා ඉන්නවා. එතුමයි මමයි නයයි පොළගයි වගේ. අපි ගහගෙන රණ්ඩුවෙලා මගේ පස්දෙනෙක් අදත් එල්ලුම්ගස්. දාහතක් ඉන්නවා පෝලිමේ යන්න. හතර දෙනෙක් මගෙ පුතා බේරගත්තා. මේ ඉඩං නඩු නෙමේ මේවා. මේවා ගේම් ගහල ඩීල් දාලා නෙමෙයි. මේවා දේශපාලන අරගල. අද මේ නායාටයි පොළගටයි එකට වාඩිවෙන්න සිද්ධ වුණා. මේ ගලපු ගංවතුරෙ එක කෙහෙල් කොටේ අපිට නගින්නට සිද්ධ වුණා. එහෙම නගින්න සිද්ධ වුණේ ඇයි?

අපේ පක්ෂයේ සංවිධායකවරු සීයක් විතර මට කතා කළා. අපේ වැඩබිම්වල ඉන්න සහෝදරයෝ කතා කළා. වෘත්තිය සමිති නායකයෝ කතා කළා. ගරු කතානායක තුමනි, අද අපි වැටට තියලා අඹුඩෙ ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට ඉස්සරහයට යන්නත් බෑ. පස්සට යන්නත් බෑ. එක්කො අඹඩෙ ගලවන්න ඕනෙ. නැත්නම් වැට කපන්න ඕනෙ. දෙකෙන් එකක් කරන්න ඕනෙ.

ගරු කතානායක තුමනි, අපි 2001 මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයෙ මමයි සුමේධ මැතිනියයි පුෂ්පකුමාරයි අපි තුන්දෙනා, හම්බන්තොට පරදිනකොට අත්තනගල්ල පරදිනකොට අපි මොනරාගල දිස්ත්‍රික්කෙ විතරයි නිල් පැච්එක තිබ්බෙ අපි. මොනරාගල දිස්ත්‍රික්කයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළා. එහෙව් අපට කරපු දේවල් මම මෙතන කියන්න යන්නෙ නෑ.

මම ස්තුතිවන්ත වෙනවා, මොනව වුණත් අපේ හිටපු ජනාධිපතිතුමා ඔබ තුමා මට කැබිනට් ඇමතිකමක් දුන්නා. ඒක ඇත්ත මම ඒකට ගරු කරනවා ඔබතුමාට. හැබැයි ඔබතුමාට ගරුකළත් ඔබතුමා වටේ ඉන්න වෘක්කයන් සහ සුනඛයන් එක්ක මේ ගමන යන්න බෑ.

ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට මම ගරු කරනව, එතුමා මට අතපය දිග ඇරලා වැඩ කරන්න ඇමතිකම් දුන්නා. වෙල්ලස්සෙ අහිංසක ජනතාවට. 1818 කැරැල්ලට අවුරුදු 200 පිරෙනව. සුද්ද කඩපු පිටකොන්ද කෙළින් කරන්න මොනවද අපිට දීපු ඇමතිකම්? මට කැලේ ඇමති, පුෂ්පෙට පොල් ඇමති, සුමේධය කිහිලිකරු ඇමති. කරුකතානායක තුමනි, අපිට ඇමතිකම් හම්බවුණේ එහෙමයි. මම වල් ඇමති, පුෂ්පෙ පොල් ඇමති, සුමේධට කිහිලි කරු ඇමති.

අපි බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි ගරු කතානායක තුමනි, පක්ෂ පාට නෙමෙයි අද මේ රටේ ජනතාවට ඕනෙ. මේ රටේ ජනතාව හැම එකාම රජ කෙරෙව්වා, මේ රටේ ජනතාව අරයා අගමැති කළා. මෙයා ජනාධිපති කළා, පවුල් පවුරවල් බැන්දා. බලකොටු බැන්දා. ඔක්කොම චන්ද ලක්ෂ ගණන් ගොඩගහගත්තා. ගොනී ගණන් ගොඩගහගත්තා. අහිසක මිනිස්සු රජවුණේ නෑ.

සුද්ද කඩපු පිට කොන්ද කෙළින් කරන්න මට යම්කිසි දායකත්වයක් දෙන්න ලැබුණා. පසුගිය රජය යටතේ ඒකට මට ගෞරවයක් තියෙනව. අපේ ආණ්ඩු කාලේ මම වැඩ කරනකොට මට වැඩ කරන්න දුන්නෙ නෑ. රංජිත් මද්දුමබණ්ඩාරවත් ආනන්ද කුමාරසිරිවත් මට එරෙහි වුණේ නෑ.

වැව් 200ක් අපි හැදුවා. පහු ගිය ආණ්ඩුව වැඩ කෙරෙවෙ නෑ කිව්වට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ නායකත්වයෙන් වැව් 200ක් අපි ආරම්භ කළා ඒකෙන් 100ක් අපි හදලා ඉවරයි.

අපේ තියෙන සුන්දරම නගරෙ බණ්ඩාරවෙල. ඒක ගිල්ලවලා, අධ්‍යපන නගරේ. සෙන් තෝමස්, සෙන් ජෝසප්, ආමි ස්කූල් එක, ගරු විද්‍යාලය, මේ මහා සංචාරක නගරය ගිල්වලා වතුර ටික හම්බන්තොටට ගෙනියන්න හැදුවා. හරිද ගරු කතානායක තුමනි, අපි ඒක නැවැත්තුවා දින 100 ආණ්ඩුවෙන්. අලිපොත වැව හදලා ඉවරයි. අක්කර අඩි 9000යි. හඳපානාගල ව්‍යාපාරය අක්කර අඩි 5000 ඉඳලා 15000 දක්වා වැඩි කරල ඉවරයි. ඊළඟට බලහරුව කුඩාඔය ජලාශය කිලෝ මීටර් 38ක ඇලක් කපලා අක්කර අඩි 25000ක මහා ජලාශයක් නිර්මාණය කරල ඉවරයි. ඒ මහ වැව් තුන අස්සේ කුඩා වැව් 100ක් අපි ආරම්භ කරල ඉවරයි ගරු කතානායක තුමනි, අපිට ඕනැ අපේ දිස්ත්‍රික්කෙ ජනතාවට වැඩ කරන්න. රජයට උදව් කරනවා දේශපාලන ස්ථාවරය ඇති කරන්න. ඔහෙලා හිතන්න එපා යූ.එන්.පී. එකට ආවා කියලා.

යූ.එන්.පි.යෙන් ආණ්ඩුව ගන්න චන්ද්‍රිකා මැතිණියට එදා අර්ජූන රණතුංග මහත්තය දන්නවා මම ලක්ෂ සීයක් ගෙනල්ලා දුන්නා එදා. ඔබතුමා සාක්ෂි දරනවා. අපි ඒ පෙළපාලි කරන්නෙ අපි අපේ ධනය, ශ්‍රමය, කාලය මගේ පියාගෙ කාලේ ඉඳලා අපි වියදම් කරපු, ගොඩනගපු මේ පක්ෂය, ගරු කතානායක තුමනි, අපේ පාක්ෂිකයොයි අපේ පක්ෂයයි ආරක්ෂා කරන්න අපි දෑවැන්ත පෙරමුණකට ජයග්‍රාහි පෙරමුණකට අපි අද සම්බන්ධවෙලා තියනව කියන එක මතක්කරන්න කැමතියි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *