ඇවන්ගාඞ් සිද්ධියෙදී නීතිපති වරයාගේ ක්‍රියාකලාපය ගැනත් පරීක්ෂණයක් අවශ්‍යයි – ජෝසෆ් ස්ටාලින්
ආයුධ ගබඩාවක් තිබිලා තියෙනව නම්, රටේ නීති රීති උල්ලංගනය කරලා මේ විධිහට ආයුධ තියන් ඉඳලා, ‘කිසිම දෙයක් වුනේ නෑ’ කියලා නීතිපති කොහොමද කියන්නෙ? මේ රටේ සිවිල් සංවිධාන, පුරවැසියන් හැටියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි නීතිපති වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව.
ලංකා ගුරු සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා මේ පව පැවසුවේ අද (09.09.2015* සවස, කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති පුවත් පත් සාකච්ඡුාවකදීය.
ආයුධ සන්නද්ධ නීති විරෝධි පාවෙන අවි ගබඩවක් මේ රටේ තිබිල තියෙනව. ඒ වගේම නීති විරෝධි අවි ගබඩාව සම්බන්ධයෙන් නඩු දැම්ම ම, එහෙම නඩු දාන්න බැහැ කියලා නීතිපති කියනව නම්, ඒක බරපතල තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නෙ. මේ ආයුධ යවලා තියෙන්නෙ හයර් කරලා. හරියට වාහන හයර් කරනවා වගේ. වාහන හයර් කරන එකයි, ආයුධ හයර් කරන එකයි දෙකම එකද? මෙහෙම නම් මේ රටේ නීති වලට මොකද වෙන්න කියන එකයි අපිට තියෙන ප්‍රශ්නෙ.
රත්නා ලංකා සමාගම මෙයට ඍජුව සම්බන්ධයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඍජුව සම්බන්ධයි. මේ අයට ඉතාම සහනශීලී පියවරක් වර්තමාන රජය ගන්නව නම්, ඒක බරපතල තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නෙ. අපි දන්නව මේ විධිහට නඩු දාන්න පුළුවන්, චෝදනා ලබන පුද්ගලයො පස්දෙනෙක් ඉන්නව. නිස්සංක සේනාධිපති, ගෝඨාභය රාජපක්ෂ, මංජුල කුමාර යාපා, ඞී.එම්.එස් ජයරත්න, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු. මේ පස්දෙනාම මේකට සම්බන්ධයි. මේ අය සම්පූර්ණයෙන් නිදහස් කරල, ‘කිසි ප්‍රශ්නයක් නෑ’ කියල කියනවනම්, මේ විදිහට ආයුධ ගබඩාවක් තිබිලා තියෙනව නම්, රටේ නීති රීති උල්ලංගනය කරලා, මේ විධිහට ආයුධ තියන් ඉඳලා, ‘කිසිම දෙයක් වුනේ නෑ’ කියලා නීතිපති කොහොමද කියන්නෙ? මේ රටේ සිවිල් සංවිධාන, පුරවැසියන් හැටියට සම්පූර්ණයෙන්ම විරුද්ධයි නීතිපති වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව.
කේ. පී. ගැන ගත්තොත්, කේ. පී ගේ කිසි ප්‍රශ්නයක් නැත්නම්, කේ.පී. ව ගේන්න ගිය කපිල හෙන්දාවිතාරණගේ සල්ලි කාගෙද? එයා එක්ක ගිය නිලධාරින්ට වියදම් වුන සල්ලි කාගෙද? ඒ සල්ලි මේ රටේ ජනතාව ගෙවන බදු මුදල්. ඒ ගොල්ල ගිහිල්ල දවස් දෙක තුනක් ඉන්නත් ඇතිනෙ. මේවට වියදම් වෙන්නෙ ජනතාවගෙ සල්ලි. මේව ජාතික අපරාධ.
අපිට තියෙන ප්‍රශ්නෙ. මේ යම්කිසි විදිහක සහනශීලී පිළිවෙතකට යන්නෙ එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ යම්කිසි එක`ගතාවයකින් ගනුදෙනු කරන නිසාද කියන සැකයයි. මේ රටේ සාමාන්‍ය ජනතාව තුළත් ඒ සැකය තියෙනව. ඒක නිසා අපි කියනවා, මේවා සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.
අපි පැහැදිලිවම ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කළ යුතුයි. ආයුධ සම්බන්ධයෙන් පමණක් නොවෙයි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයන්. පහුගිය කාලේ මේ රටේ අධිකරණය කොයි ආකාරයෙන්ද තිබුණෙ? මේ රටේ අගවිනිසුරුවරුව කනෙන් අල්ලලා එළියටදාපු, අධිකරණය පැත්ත පලාතට ගන්න හොඳ නැති, මොහාන් පීරිස් වගේ කෙනෙකු අග්‍රවිනිශ්චකාරවරයෙක් විදිහට හිටපු අධිකරණයක් තමයි අපිට පහුගිය කාලේ තිබ්බේ.
ඒ අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරල තියෙනව. ඒ නිසා මේව සම්බන්ධයෙන් විශේෂ කොමිෂන් සභාවක් පත්කරන්න කියල අපි ඉල්ලා සිටිනව, ඒ කොමිසම පත්කරල, කාලය යන්න ඉසරවෙලා, ඉක්මණින්ම මේවට තීරණයක් ගන්න ඕනැ. එහෙම නොවුනොත් අපි අනිවාර්යෙන්ම අපි සිවිල් පුරවැසියන් හැටියට නීත්‍යානුකූලව මැදිහත් වෙන්න බලනව නීති මාර්ගයෙන්.
මේ රජය, මේ විදිහට මේව වහනවනම්, ඒක බරපතල තත්ත්වයක් හැටියට තමයි අපිි දකින්නෙ.
