පක්ෂ අතර අර්බුද තිබුණත් එය රටේ ඉදිරි ගමනට බාදාවක් නොකරගත යුතුයි – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය ආසාර්ථක වීමත් සමඟම ඔවුන් කියන්න පටන් ගත්තා, රට කඩාවැටිලා තවත් බලාසිටියොත් මේ රට ගොඩගන්න බැරිතරමට කඩා වැටෙනවා. වහාම පවතින ආණ්ඩුව වෙනස් කර ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි කියලයි. ඒ රටේ ජනතාවගේ හඬද? එහෙත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ හඬද?
ඒකාබද්ධ විපක්ෂයේ අය දැන් ටික කාලයක ඉඳලම කියන්නෙ මේ පෝයට ආණ්ඩුව පෙරළනවා, ඊළඟ පෝයට ආණ්ඩුව පෙරළනව කියලයි. නමුත් එහෙම දෙයක් තවම වෙලා නෑ. ඒක ඒගොල්ලන්ගෙ උවමනාව, ඒක තමයි එයාලා කියන්නෙ.
එහෙත් ජනතාවගෙ පැත්තෙන් එහෙම උවමනාවක් පෙන්න තියනවද? ආණ්ඩුව ගැන යම් කලකිරීමක් තිබුණත් මහින්ද කණ්ඩායම නැවත බලයට ගෙනැවිත් ආණ්ඩුව වෙනස් කරන්න ජනතාවගෙ පෙළගැසීමක් තියනවද?
රාජපක්ෂ ආණ්ඩුව හැසිරුණේ කොහොමද කියලා ජනතාවට තවම මතකයි විශේෂයෙන්ම මාධ්‍යවේදින් ගඝාතනය කරපු හැටි, කොමිස් ගහපු හැටි. මාධ්‍ය නිදහසට බාදා කල හැටි සහ ඒකාධිපති පාලනයත්, පවුල් පාලනයත් මිනිස්සුන්ට තවම මතකයි.
ඒ වගේම පිළිගන්න ඕනැ මේ රජය ගැන කිසිම පැහැදීමක් රටේ ජනතාව තුළ නැහැ. ඒ වගේම පසුගිය රජය කාලේ තිබුණු ප්රජාතන්ත්රවාදයක් නැති, ඒකාධිපති ඒ වගේම අධිකාරිවාදී පාලනය නැති වීම පිළිබදව ප්‍රසාදයකුත් තියනව. මේ රජය ආණ්ඩුව යම්කිසි සාධනීය වැඩකොටසක් කරලා තියෙන බව අපක්ෂපාතීව පිළිගන්න ඕනැ.
ඒ වුණාට රජය කරලා තිබෙන කිසිම සාධනීය වැඩක් ජනතාව අතරට ගිහිල්ලා නෑනේද?
මේ රජයේ ලොකුම දුර්වල කමක් ඒක. රජය කරන කිසිම සාධනීය වැඩක් මෙතෙක් ජනතාව අතරට ගිහිල්ලා නෑ.
අද ඇතිවෙලා තියෙන තත්ත්වය ලංකාව ගැන විතරක් කල්පනා කරලා තේරුම් ගැනීමට හැකියාවක් නැහැ. මේක ජත්‍යන්තර අර්බුදයක පුතිඵලයක්. අපේ රටේ ජනතාව එහෙම හිතන්න පෙළඹිලා නෑ. ඔවුන්ට ජ්යන්තරය වැඩක් නෑ. ආණ්ඩුවෙන් තමන්ට ලැබෙන දේ ගැන විතරයි ඔවුන්ට දැනෙන්නෙ. ඔවුන් කතාකරන්නෙ.
1977 දි ජේ.ආර්. සිරිමාවෝ රජය පෙරලන අවස්ථාවේ දී ජේ.ආර්. ජයවර්ධනගෙ මෙහෙයවීම හා ප්රචාරක යාන්ත්‍රණය යටතෙ සිරිමා රජය කෙරේ ජනතාව දැඩි විදිහක කලකිරීමකට පත්ව හිටියා. 2015 දී යහපාලන රජය බලයට එනවිට රාජපක්ෂ පාලනය මිනිසුන්ට තිත්තම තිත්ත වෙලයි තිබුණේ. මේ රජය පෙරළන්න තරමට දූෂිත වෙලා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා. ඒත් ජනතාව ඇයි රජය කෙරෙහි ඒතරම්ම කලකිරිලා නැත්තෙ. විපක්ෂයේ ප්‍රබලම කණ්ඩායම නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට ඒක කරන්න බැරි වෙලා තියෙන්නෙ.
ඒ විදිහෙ පෙළගැසීමක් කරගන්න බැරි නොයෙකුත් හේතු තියනව. චේතනාව තමයි මූලික හේතුව. ඔවුන් බලයට එන්න දඟලන්නෙ කුමක් සඳහා ද යන්න ජනතාව දන්නව. එකක් ඔවුන්ට ඇති චෝදනාවලින් නිදහස් වෙන්න. අනික දැනට චෝදනා ලබල තියෙන අයව එළියට ගන්න. අනික තමන්ට හුරුපුරුදු දූෂණය, අල්ලස තුළින් නැති වී ගිය සුඛවිහරණය අයෙමත් ලබා ගන්න. ඔවුන් බලයට ආවොත් පුරුදු පරිදි දූෂණය, භීෂණය මුදාහරින බවත් ජනතාව දන්නවා.
මේ රජය ගැනත් ජනතාවගේ පැහැදීමක් නෑ කියන එක නේද යාථාර්ථය?
ඔව්. රජය ගැන පැහැදීමක් නැහැ. එකේ තර්කයක් නෑ. ජනතාවගෙ ජීවන වියදම වැඩියි. රටේ දියුණුවක් නෑ කියල පේනව. සෑම රජයක්ම නිදහස ලැබූ දා ඉඳලා මේ වෙනකම් අනුගමනය කෙරුව ආර්ථික ප්‍රතිපත්ති තමයි මේකට හේතුව. ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්තිය මුළුලෝකෙන්ම අද ප්‍රතික්ෂේප වෙලා තියෙනව. ඇමරිකා එක්සත් ජනපදය පවා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනව. ඇමරිකාවත් පූර්ණ විවෘත ආර්ථිකය ප්‍රතික්ෂේප කරලා ඒකතරා විදියක දේශීය ආර්ථිකයකට යොමුවෙලා තියෙනවා. ‘ඇමරිකා ෆර්ස්ට්’, නැත්නම් ‘ඇමරිකාව ප්‍රථමයෙන්’ කියන තත්ත්වයට යොමු වෙලා තියෙනවා.
පසුගිය රජයෙ අල්ලස දූෂණය පගාව, කොමිස් ගැහිලි තිබුණු කාලයෙවත් මෙච්චර ආර්ථික අපහසුකම් තිබුණෙ නෑ නේද?
අද අප රටට තදින් බලපාන මේ ආර්ථික අර්බුදය අපේ රට තුළින් නිර්මාණය වෙච්ච එකක් නොවේ. මුළු ලෝකෙම මුහුණ දුන් ආර්ථික අර්බුදයක ප්‍රතිඵලයක්. එක අතකින් පහුගිය කාලය තුළ විවෘත ආර්ථික ක්‍රමය ගැන මිනිසුන්ගෙ තිබූ විශ්වාසය බිඳ වැටිලා. ඒ වගේම සමාජවාදය කෙරේ මිනිසුන් තුළ තිබූ විශ්වාසයත් බිඳ වැටිලා. තාමත් ඉතිරිවෙලා ඇත්තෙ සමාජ වෙළඳ පොල කෙරේ ඇති විශ්වාසය පමණයි. මේ රජයත් අනුගමනය කරන්න හදන්න ප්රතිපත්තියත් ඒ වගේ එකක් කියලයි පෙනෙනන් තියෙන්නෙ. ඒ ඒක හරියට කෙරුණෙ නෑ. ඉතින් අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒක හරියට කරන්න බැරි, මේ රජයේම දෙපිළක් තියෙන බව පේනවා.
ඒකක් ඇමරිකාව දෙසට යොමු වූ ලෝක බැංකුව දෙස බලා ඉන්න පිරිසක් හා ඒවගේම ප්රජාතන්ත්රවාදී හා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන සාමාජවාදය දෙසට යොමුවූ ක්‍රියාමාර්ග කෙරෙහි ලැදි පිරිසකුත් ඉන්න බව පේනව. මෙතනදි තියෙන එක්තරා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් තමයි නව ලිබරල්වාදි ප්‍රතිපත්තියක් ගැන තාම විශ්වාස කරන රනිල් වික්‍රමසිංහ එය අත්හැරීමට අකමැති බව පෙන්නුම් කිරීම.
මගේ පුද්ගලික විශ්වාය මේ තත්ත්වය යටතේ මට නම් පෙනෙන්නෙ ලංකාව වැනි කුඩා රටකට ආර්ථික ප්‍රශ්න වේවා, දේශපාලන ප්රශ්නවේවා, අපිට පමණක් විසඳගන්නා ආකාරය ගැන තනිව හිතන්න බෑ.
ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රටේ ප්‍රශ්න විසඳීමේහිලා අසමත් බවද?
නෑ. මේ රටේ ජාතික සමගිය ගැන හොඳ දැක්මක් තියෙන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. අභාග්යකටවගේ සමාජවාදය හා ප්රජාතන්ත්රවාදය පැත්තෙ ඉන්න බව කියන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජාතිවාදි ස්වරූපයකින් පෙනී සිටින බවයි පෙනෙන්නෙ. ඔවුන් අද පෙන්නුම් කරන ස්ථාවරය අනුව ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගේ සහයෝගය ඔවුන්ට නොලැබී යන තත්ත්වයකුයි පෙනෙන්නෙ. ජාතිවාදය මෙන්ම ආගම්වාදයත් ජනාධිපතිවරයාගේ ක්‍රියා තුළින් පිළිබිඹු වෙනවා.
ඔබ එසේ කීවත් ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන්ගේ ප්‍රශ්න, ඉල්ලීම් කෙරේ ඍජුව මැදිහත් වූ බවයි පෙනෙන්නේ. උතුරේ වැසියන්ගේ ඉඩම් ඔවුන් වෙතම මුදාහැරීමේ ප්රශ්නය පිළිබඳ ඍජු තීරණයක් ගෙන තිබෙනවා. ලබන දෙසැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම ඔවුන් ගේ ඉඩම් ඔවුන් වෙත මුදාහරින ලෙස නියෝගයක් මේ වන විටත් නිකුත්කර තිබෙනවා.
ඔහු ජාතික ප්රශ්නය විසඳීම සඳහා අවශ්‍ය සමහර පියවර අරගෙන තියෙනවා. නමුත් හමුදාව සතුටු කිරීම සඳහා, රණවිරුවෝ නමින් හඳුන්වන පිරිස ආරක්ෂා කරගැනීම පිණිස කරන ක්‍රියාමාර්ග තමයි මතුවෙලා පෙනෙන්නේ. මාධ්‍ය මගින් පෙන්නන්න හදන්නෙ. ඒ නිසා ද්‍රවිඩ ජනතාව තුළ එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙලා තිබෙන බව පෙනෙනවා.
දේශපාලඥයන් විසින් රටක ආරක්ෂක හමුදාව, එහෙමත් නැත්නම් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මේ තරම් ඉහළින් තියාගන්න ඕනැද? ඔවුන් වන්දනීය තත්ත්වයකට ගෙන්න අවශ්‍යද? රටේ සිටින රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු අනෙකුත් සේවකයොත් රජයේ වැටුප් ලබන සේවකයෝ. මොවුන් ගැන රණවිරුවන් ගැන තරම් මැතිවරණ වේදිකාවකදිවත් කතාවෙන්නෙ නැති තරම්. රජවරුන් කියන ගොවිවරුන් ගැන කිසිම ගණන් ගැනීමක් නෑ.
මහින්ද රාජපක්ෂ කතාකරන්නෙම රණවිරුවන් ගැන. මෑතක ඉඳල වත්මන් ජනාධිපතිවරයත් රණවිරුවන් ගැන උනන්දුවෙන් කතාකරනවා. මෙහි සැබෑ අරුත කුමක්ද?
වත්මන් රජය පත්වුණු දා ඉඳලා වැඩිම වියදමක් කරල තියෙන්නේ ආරක්ෂාව සඳහා. දැන් උතුරේ නැගෙනහිර යුදමය ප්රශ්නය අවසානයි. අවශ්‍යවෙලා තියෙන්නෙ ඒ අයට නිදහස හා සමාජ ප්රජාතන්ත්රවාදය ලබාදීමයි. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ඇනහිට තිබූ සංවර්ධනය යළි ඇති කිරීමයි. යම්තරමක සංවර්ධනයක් කෙරුණත් එයට ප්‍රසිද්ධියක් ලබාදීමත්, ජනතාව ඒ ගැන දැනුවත් වීමක්වත් සිදුවන්නෙ නෑ.
රුපියල බාල්දුවී අද ලොකුම ප්‍රශ්නයක් වෙලා නේද?
අද තියන ලොකුම ප්‍රශ්න තමයි ලෝකයේ තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රුපියලේ අගය දිනෙන් දිනම පහළ යාමත්, අපේ කොටස් වෙළඳපොල පරිහානියට පත්වීමත්, වෙළඳ ශේෂය අපිට අවාසි වන ආකාරයට වර්ධනය වීමත්, අපනයන ආදායම පහළ වැටීමත් ඒවා යථාර්ථ.
සංචාරක ව්‍යපාරයෙන් උපයන ආදායමත්, විදේශගත සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීමත් නිසා ලොකු අර්බුදයකට රට මුහුණ පාලා තියෙනවා. මෙකෙන් බේරෙන්න රජය බදු පනවනවා. රජය පනවන වක්‍රබදු නිසා භාණ්ඩ මිල ඉහළ යාම නිසා තමයි ජනතාව පිට බර පැටවෙලා තියෙන්නෙ.
මගේ විශ්වාසයේ හැටියට නම් අද ලෝකය මුහුණ පා තිබෙන පරිසර ප්රශ්නය, ආර්ථික ප්රශ්නය, දේශපාලන ප්රශ්නය ලෝකයේ කොයියම්ම බලගතු රටකට වුවත් තනිවම විසඳගන්න නොහැකියි කියන එක තමයි මගේ විශ්වාසය.
අද ජාත්‍යත්ර වශයෙන් එක්තරා විදිහක ශ්රමවිභජනයක් අවශ්‍ය වෙලා තියෙනව. ලෝකය අද ජාත්‍යන්තර වශයෙන් වඩාත් කිට්ටුවෙලා තියෙනව. ඇමරිකාව මේ දවස්වල ජාත්‍යන්තර සම්මුතිවලින් ඉවත් වෙන ක්‍රියාමාර්ගයක ඉන්නවා. ඔවුන් ඇතැම් රටවල් සමග ගියෙන න්‍යෂ්ටික බලය පිළිබඳ ගිවිසුම් වලින් ඉවත්වෙන බවට ප්රවෘත්ති පලවී තිබුණා. ජාත්‍යන්තරයම මුහුණ දී තිබෙන ආර්ථික හා පරිසර ප්‍රශ්නවලට මුහුණ දියයුතුව තිබියදී ඊට වෙනස් ආකාරයකට කිසියම් රටක් ක්‍රියාකරනව නම් එය විශාල හානියක්.
ගිවිසුම් ගන කතා කළ නිසා අපි සිංගප්පූරුවත් සමග ඇති එට්කා ගිවිසුම ගැනත් කතාකරමු. එට්කා ගිවිසුමට වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂවල දැඩි විරෝධයක් තියෙනව. ඒ විරෝධය සාධාරණ ද එම ගිවිසුම රටට හානිදායක ද?
මගේ අදහස නම්, ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තියෙන කුඩා රටක් ගෙන බලපුවාම, අපිට ජත්‍යන්තර වශයෙන් ගිවිසුම් ඇති නොකරගෙන අපේ ආර්ථික ප්‍රශ්න විසඳාගැනීම ගැන කල්පනා කරන්න බෑ. ඉන්දියාව හෝ වේවා, සිංගප්පූරුව හො වේවා, බංගලාදේශය සමග හෝ වේවා අපි ආර්ථික ගිවිසුමක් අත්සන් කරනකොට, ඒවාගෙන් අපිට වාසිවෙන විදිහටත්,
සිංගප්පූරුවෙන් හෝ ඉන්දියාවෙන් හෝ බංගලාදේශයෙන් හෝ මේ රටට පැමිණ අපේ අයගේ රැකියාවලට හානියක් නොවන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුව තියනවා. ඒ ගැන රජය ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රවේසම් විය යුතුයි.
රට මුහුණ පා තිබෙන මේ අර්බුදයෙන් ගොඩඒමට මගක් නැද්ද?
රට අර්බුදයනට මුහුණ පාතිබෙන්නේ හැම පැත්තෙන්ම තියෙන අර්බුද නිසයි. ආණ්ඩුව නිර්මාණ වී තිබෙන ප්‍රධාන පක්ෂ දෙක අතරත් පැහැදිලි අර්බුදයක් තියෙනව. ඒ පක්ෂ දෙක වෙන වෙනම ගත්තත් පක්ෂ දෙකේම විශාල අභ්‍යන්තර අර්බුද තියෙනව. ආණ්ඩුවෙ විපක්ෂයෙත් අර්බුද තියෙනවා. ඒකාබුද්ධ විපක්ෂයේ පක්ෂ අතරත් අර්බුද තියෙනවා. මහින්ද කණ්ඩායමේ පුද්ගලන් අතරත් අර්බුද තියෙනවා. බල අරගල තියෙනවා. මොන අර්බුද තිබුණත් රට ගැන හිතලා රට ඉදිරියට යාමට අර්බුද එකිනෙකා අතර හා එකිනෙක පක්ෂ අතර තිබෙන අර්බුද වලින් බාදා ඇති නොකළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ.
රජයේ ප්‍රධාන පක්ෂ දෙක අර්බුදය විසඳාගත හැකි මට්ටමක තියනවා කියලයි පෙනෙන්නේ.
ඒකාබද්ධයේ අර්බුදය කොයි ආකාරයෙන් ඔවුනට බලපායි ද?
රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර ප්රශ්නය විසඳා නොගෙන මේ ආණ්ඩවට පැවැත්මක් නෑ. ඒක එම පක්ෂ දෙකේම ඉදිරිගමනට බාදාවක්. ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය විපක්ෂයේ ඉන්දිම ඉස්මතුවීමෙන් ඔවුන් රට ගැන හැඟීමකින් දේශපාලනය නොකරන බව පෙන්නුම් කරනවා. එකාබද්ධ විපක්ෂය තුළ තමයි විශාලම අර්බුදය තියෙන්නෙ. ඒ ඔවුන්ගෙ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවයි. රාජපක්ෂ පවුලෙ කෙනෙක් ද? පිට කෙනෙක්ද? පක්ෂය කැමති කෙනෙක්ද? මහින්ද රාජපක්ෂ කැමති කෙනෙක්ද? එහෙම නිශ්චිත තත්ත්වයක් නෑ. එහෙම නිශ්චිත තත්ත්වයක් දැන්මම ඇති වෙන්න ඔනැ කියල එකක් නෑ. එහෙත් ඔවුන්ට පැහැදිලි දැක්මක් නැති බව නම් පැහැදිලියි. 2014 යහපාලන පෙරමුණේ තිබුණා වගේ පැහැදිලි දැක්මක් ඇතුව වැඩ කරන බවක් පෙන්නේ නෑ. ආණ්ඩුවට විරුද්ධව ඔවුන් බලවේගයක් වශයෙන් ඒකරාශිවෙන ගතියක් නම් පේන්න නෑ.
වත්මන් ආණ්ඩුවෙ ජනප්‍රියත්වයත් හීනවෙලා, පුද්ගල ප්රතිරූප වශයෙන් ජනාධිපති අගමැති දෙදෙනාම ඒතරම් හොඳ ජනප්‍රසාදයක් දිනාගෙන නැතිබව පේනවා. ඒකාබද්ධ විපක්ෂයත් අඳුරෙ අතපතගාන බවයි පේන්නේ. මේ අනුව යළිත් පොදු අපේක්ෂකයෙක් ගැන හිතන්න බැරිද?
මම නම් හිතන්නෙ නැවතත් අපිට පොදු අපේක්ෂකයෙන් ගැන සිතිය යුතුව තිබෙනවා. රටේ වමට බර සියලුම පක්ෂත්, ඒ වගේම ප්රජාතන්ත්රවාදයට ගරු කරන, ලිබරල් මත දරන සියලු දෙනාත් එකතු වෙලා පොදු අපේක්ෂකයකුට, කියන දේ කරන විශ්වාස කළ හැකි පොදු අපේක්ෂයකු තෝරාගතහොත් ඔහු ජයග්‍රහණය කරවා රට නව මාවතකට ගැනීමට පුළුවන් තත්ත්වයක් නිර්මාණය කර ගත හැකි යයි සිතනවා.
