යහපාලන ආණ්ඩුවට මහින්දානන්දගෙන් පැසසුම්

යහපාලන ආණ්ඩුව හා අධ්‍යා‍පන අමාත්‍යාංශය, අධ්‍යාපනය නඟා සිටුවීම සහ සංවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් ඉටුකරන බව ඒකාබද්ධ විපක්ෂ‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ ක‍ළේය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ එම වැඩපිළිවෙළ අගය කරන බවත් පසුගිය ආණ්ඩුව සමයේ පවා ඉටු නොවූ ක්‍රියාවලියක් වත්මන් ආණුඩුව යටතේ සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කෙළේය. දැයේ දරු දැරියන්ගේ උන්නතිය උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නව ක්‍රීඩා වැඩසටහන හොඳ වැඩපිළිවෙළක් බවත් පැවසූ මන්ත්‍රීවරයා පාසල් ළමුන්ට ලැප්ටොප් ලබාදීම, පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය නඟා සිටුවමින් ගොඩනැගිලි ඉදිකිරීම අගය කරන බවත් අපගේ පාලන සමයේ ඉටු නොකරන ලද සංවර්ධන කටයුතු සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා මේ බව සඳහන්කෛළේ වතු පාසල් සම්බන්ධයෙන් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ප්‍රශ්නයක් විමසමිනි.

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය
දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *