ඒකපාර්ශ්වික ආරක්ෂණවාදය ගෝලීය වෙළඳාමට වල කපන බව චීන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පවසයි.
| |

ඒකපාර්ශ්වික ආරක්ෂණවාදය ගෝලීය වෙළඳාමට වල කපන බව චීන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පවසයි.

ජාත්‍යන්තර වෙළඳ පද්ධතිය සියවසකින් නොදුටු අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ශ්‍රී ලංකාවේ පැවති සංසදයක දී පැවසීය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ නැංවීම ගෝලීය ආර්ථිකය අස්ථාවර කරන බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා පැවසීය. “අපි කතා කරන පරිදි, සියවසකින් නොදුටු වෙනස්කම් වේගයෙන් පරිණාමය වෙමින් පවතින අතර ලෝකය…

ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භය ද ? – සී ජේ අමරතුංග
| |

ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භය ද ? – සී ජේ අමරතුංග

කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී ඇත්තේ මෙය ඉදිරියේ එන මෙබඳු විපත් පිළිබඳ සඥාවක් ද යන්න පිළිබඳව ය. රට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සමග ඇමෙරිකාවේ…

කේ ඩී යූ වෛද්‍ය පීඨය: රජයට සැලැස්මක් තිබේද? | රොහාන් සමරජීව
| |

කේ ඩී යූ වෛද්‍ය පීඨය: රජයට සැලැස්මක් තිබේද? | රොහාන් සමරජීව

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීම මින් ඉදිරියට කැඩෙට් නිලධාරීන්ට සහ ජාත්‍යන්තර සිසුන්ට පමණක් සීමා කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.මැයි 22 වන දින කළ එම නිවේදනය, තෙවන කණ්ඩායමේ සිසුන් බඳවා ගැනීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් අයදුම්පත් කැඳවීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවලට ප්‍රතිචාරයක් බව…

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් “නිදහසේ” යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් “පැන්සල් උල් කිරීම” වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ කාලය පැන්සල් උල් කිරීම සඳහා හොඳ කාලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, එදිනෙදා සිදු වීම් වලින් එහාට…

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? – ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර…

ලංවිම – ලංවීම හා දුරස්වීම – ඉකොනොමැට්ටා
| |

ලංවිම – ලංවීම හා දුරස්වීම – ඉකොනොමැට්ටා

ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව නැවත සටහන් කළ යුතු නැහැ. මේ ගැන කිහිප දෙනෙකු විසින්ම දැනටමත් කතා කර තිබෙනවා. මේ සටහන එසේ වෙනත් අය විසින් ලියා ඇති දේවල් වලට ඌණ පූරණයක්. ලංවිම කියන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. 2023 වසරේදී රුපියල් බිලියන 57.6ක ලාබයක් වාර්තා කරන්නට පෙර ලංවිම විසින්…

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!
| |

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!

කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල වැඩි කරේ නැති නිසා ඒ කියන්නේ දෙවැනි කාර්තුවෙත් පාඩුයි කියන එකනේ. මේ පාඩුව ඔබ නොදැනුවත්වම නවතින්නේ ඔබේ විදුලි බිල වැඩි…

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද? –  හර්ෂ ගුණසේන
| |

ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සහ සමාජවාදී ප්‍රතිසංස්කරණ කරන්නේ කවුරුන් විසින්ද? – හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන පසුගිය පළාත්පාලන මැ තිවරණයේදී ජාතික ජන බලවේගය (ජාජබ) විසින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නමුත් පසුගිය මහා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණයේ විශාල අඩුවක් දක්නට ලැබේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයටද අත්ව ඇත්තේ එම ඉරණම මයි. අප නිදහස ලබන විට ප්‍රධාන දේශපාලන පක්ෂ වූයේ එජාප සහ ලසසප යි. දශක ගණනාවකට පසුව එජාප සහ ශ්‍රීලනිපද ප්‍රධාන…

2015-2024 හිතුමතේ මුදල් අච්චු ගසා නෑ ;  මුදල් අච්චු ගැසීම ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට යි – මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
|

2015-2024 හිතුමතේ මුදල් අච්චු ගසා නෑ ; මුදල් අච්චු ගැසීම ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට යි – මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

  2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා කාලයේදී මෙරට තුළ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නොමැති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට ඇත. එම කාලය තුළ මුදල් මුද්‍රණය සිදුකොට ඇත්තේ ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට බව ද ඒ මහතා කියයි. එම කාලය තුළ රුපියල් බිලියන 2,250.12 ක…

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට! – ඉකොනොමැට්ටා
| |

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට! – ඉකොනොමැට්ටා

සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද ආජන්ටිනාවයි. අරමුදලේ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12ක්ම ක්ෂණිකව ආජන්ටිනාවට ලැබෙන අතර, තවත් ඩොලර් බිලියන දෙකක සහ ඩොලර් බිලියනයක වාරික දෙකක්…

අර්බුදයේ තරම නොදත් මාලිමා ආණ්ඩුව – සී ජේ අමරතුංග
| |

අර්බුදයේ තරම නොදත් මාලිමා ආණ්ඩුව – සී ජේ අමරතුංග

  කවුරුත් දන්නා පරිදි අද අප ඉදිරියේ පවතින්නේ බරපතළ අභියෝගාත්මක තත්ත්වයකි. ඇමෙරිකාව පනවා ඇති තීරුබදු මගින් ලෝකය විශාල ආර්ථික අවිනිශ්චිත තත්ත්වයකට සහ අර්බුදයකට පත්කොට තිබේ. එහි ප්‍රතිඵල තවමත් සිතාගැනීමට පවා නොහැකි ය. ඒ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද විශාල අවිනිශ්චිත බවක් පවතියි….

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස) – ඉකොනොමැට්ටා
| |

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස) – ඉකොනොමැට්ටා

මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල පරිච්ඡේද වලදී එක දිගටම මෙන් වෙළඳ හිඟයක් වාර්තා…