උද්ධමනය තවත් පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ අලුත්ම දත්ත මගින් ප්‍රකාශ කර ඇත. 2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි.
ආර්ථික
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ අලුත්ම දත්ත මගින් ප්‍රකාශ කර ඇත. 2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි.
IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ පසුගියදා සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්,…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 15 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. චීනය මුල් කරගෙන බිහි වී ඇති එක් තීරයක් – එක් මාවතක් සමුළුවට සහභාගි වීමත් චීනය සමග නිල ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමත්, මෙම සංචාරයේ අරමුණ වේ. ශ්‍රී ලංකාව සහ චීනය 1978 වසරේ දී නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති…
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා යන ගමන අභියෝගවලින් පිරී ඇති නමුත් එය අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථා ද සපයන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය 2023 වසර සඳහා නිකුත් කිරීමට නියමිත ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව පවසයි. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග සඳහා අත්තිවාරම දමමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. ආර්ථිකය ප්‍රකෘතිමත්…
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී චීනය සහ ශ්‍රී ලංකාව වෙන ම ගිවිසුමකට එළඹීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වෙයි. ණය අර්බුදවලට මුහුණ දී සිටින රටවල් සඳහා පොදු ප්රතිපත්තියකට එකඟ නොවී එම රටවල් සමග වෙන ම ගිවිසුම් ගත වීමේ චීන පිළිවෙත මෙලෙස විවේචනයට ලක්…
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අලුත් කරන ලද වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුමකට (TIFA) ඊයේ අත්සන් තැබිණි. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් AMPMB අතපත්තු යන මහත්වරු ඊයේ කොළඹදී නව ගිවිසුමට අත්සන් තැබූහ. ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහකාර අමාත්‍ය ටීම්ස වොට්ස් මහතා සහ ශ්‍රී ලංකාවේ…
ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඊට නව බැඳුම්කරයක් ද ඇතුළත් කර ඇත. එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කෙරේ. අද දෙරණ
වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය බැංකුවලින් මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ලබාගත් ණයවලින් බව ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. ලංවිම වැනි ආයතන යටිතල පහසුකම් සඳහා ණය ලබාගෙන…
ආනයන තහනම ලිහිල් කළ යුත්තේ පාරිභෝජනය සඳහා පමණක් නොවෙයි. ඒ තහනම ලිහිල් කළ යුත්තේ නිෂ්පාදනය සඳහාය. ආනයන තහනමෙන් පහර වදින්නේ නිෂ්පාදනයටය. එය පසුගිය අවුරුදු කිහිපයේ අත්දුටු සත්‍යයකි. නිෂ්පාදනය පහත වැටී ආර්ථීක වර්ධන වේගය ඍණ බවට පත්ව තිබීමට එක් හේතුවක් වී තිබෙන්නේ ද ආනයන යෙදවුම් නැතිකමය. ලංකාවේ ආනයනවලින් සියයට 80ක් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය දේවල්ය….
ඩොලර් බිලියන 4.2 කට සමාන චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ EXIM බැංකුව සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මෙය විශාල ජයග්‍රහණයක් බව රජය ප්‍රකාශ කරයි. ඇතිකරගත් එකඟත්වය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ඉදිරි දිනවල සාකච්ඡා කොට ක්‍රියාවට නැගීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.
පුංචි කාලේ මගේ රට ගැන රචනාවක් ලියද්දි, හුඟක් අය ලිව්වේ “ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්” කියලා. ඉතිං ඒ අවුරුදු 20 – 30ට විතර කලින්. සමහරවිට ඊටත් වඩා එහාට යන්නත් පුළුවන්. හැබැයි තාමත් ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඉතිං කවද්ද මේ දියුණුව කියන දිනුම් කණුවට අපි ලං වෙන්නේ? ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වෙන්න…
ශ්‍රී ලංකාව මූල්‍යමය අර්බුදවලට මුහුණ දුන් විට එයින් ගොඩ යෑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගත් 17 වැනි වතාවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්නේ 1950 වසරේදීය. ලංකාව 2009 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්…