රුපියලේ ක්ෂණික පිබිදීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙසත් විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වී තිබේ. මීට පෙර වෙළෙඳපොළ දිනය වූ පසුගිය ජූලි 31 දින විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුමු මිල රු. 322.96 ක් ලෙසත් විකුණුම් මිල…

තෙල් වර්ග තුනක් ගණන් උස්සයි

    ඉන්ධන වර්ග 3 ක මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ඉහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2…

|

උද්ධමනය බිංදුවට බහීවි – මහ බැංකුව කියයි

    මෙරට උද්ධමනය ඉදිරි කාලයේ බිංදුව ආසන්නයට පහළ බහිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඉදිරි කෙටි කලක් සඳහා එම තත්ත්වය පවතිනු ඇති බවත්, ඉන්පසු උද්ධමනය මැද තනි ඉලක්කයක ස්ථාවර වනු ඇති බවත්, මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

අස්වැසුම නොලබන සමෘද්ධි ලාභීන්ට සමෘද්ධි දීමනා දිගට ම

  දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක්…

වසර අග ඉලක්කයට මෙම මාසයේ ළඟාවෙයි. උද්ධමනය 6.3% ට බසී

’මෙම වසර අග උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට රජය ඉලක්ක කොට තිබු නමුත් එම ඉලක්කය මෙම ජුලි මාසය වන විට ළඟ කරගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛය දෙපාර්තමේන්තු වාර්තා පේනවා දෙයි. එම වාර්තා  අනුව ජුලි මස උද්ධමනය් සියයට 6.3 ක් දක්වා පහත බැස ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්…

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. අද (29) පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (28) රාත්‍රී දිවයිනට පැමිණියේය. අද දෙරණ 

|

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය – ප්‍රංශ ජනාධිපති පොරොන්දු වෙයි

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත…

මීට වඩා බලය ඕනේ ද? 13 ඇති ද? ; දෙමළ පක්ෂ අතර ද මත ගැටුමක්

සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර ද මත ගැටුමක් හටගත් බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේය. සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාඝවන් මහතා, “මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තීරණයක් තිබුණේ නෑ….

බැංකු පොලී වහා ම අඩු කරනු – මහ බැංකුවෙන් සියලුම බැංකුවලට දැනුම්දීමක්

බැංකු පොලී වහා ම අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට ය. මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ…

|

ජුලි මස උද්ධමනය සියයට 7 ට බහීවි – මහ බැංකු අධිපති

  කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව ගණන් බලන උද්ධමනය  මෙම ජුලි මාසයේ දී සියයට 7 දක්වා අඩුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. ඒ මහතා කියන්නේ ඉදිරි කාලයේ එය තවදුරටත් අඩු වනු ඇති බව යි. සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමන පාලනය කළ හැකි වුයේ බොහෝ දෙනාගේ විවේචන මැද…

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරිණ. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති එම සාකච්ඡාවෙන්…

ජාතික උද්ධමනයේ වාර්තාගත පහළ යාමක් ; 22.1% සිට 10.8% ට බසී

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 ජූනි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 10.8% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පවසයි. 2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 22.1% ක් ලෙසින් වාර්තා විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ දී වාර්තා වූ 15.8% සිට 2023 ජූනි මාසයේ දී 2.5% ක් දක්වා කැපීපෙනෙන ලෙස අඩු වී ඇති අතර…