වැටුප් 24% කින් ඉහළට – අවම වැටුප 55000 යි – රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

වැටුප් 24% කින් ඉහළට – අවම වැටුප 55000 යි – රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අයවැය මඟින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර ලබා දී තිබුණි. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව…

රුපියල යළි ශක්තිමත් වෙයි ; ඩොලරය රුපියල් 300 න් පහළට

රුපියල යළි ශක්තිමත් වෙයි ; ඩොලරය රුපියල් 300 න් පහළට

ශ්‍රී ලංකා රුපියල යළි ශක්තිමත් වෙමින් ඊයේ ඩොලරය රුපියල් 300 න් පහළ අගයකට පැමිණ තිබේ. වෙළෙඳපොළ වාර්තා සඳහන් කළේ අද උදෑසන ඩොලරයක් රුපියල් 299.50 / 70 අගයකින් හුවමාරු වූ බව යි. වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 296 ක් ආසන්නයේ පැවති අතර විකුණුම් මිල රුපියල් 303 ක් ආසන්නයේ පැවතිණි .

මහා ලේකම්ගේ දිස්ත්‍රික්කයෙන් සජිත් පතුලට ම වැටිලා

මහා ලේකම්ගේ දිස්ත්‍රික්කයෙන් සජිත් පතුලට ම වැටිලා

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දිනා ගැනීමට තිබූ තරඟයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. මේ වනවිටත් පොහොට්ටු මන්ත්‍රීන් දිනා ගැනීම වෙනුවෙන් පවතින තරඟයේ දී ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ…

රනිල් ජනාධිපති වුනාට රටට කළ දෙයක් නෑ ; පෝලිම් නැති වුණේ IMF නිසයි – සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්

රනිල් ජනාධිපති වුනාට රටට කළ දෙයක් නෑ ; පෝලිම් නැති වුණේ IMF නිසයි – සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන්

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති වූවාට කිසිදු දෙයක් රටට සිදුව නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.   මෙරට පෝලිම් යුගය අවසන් කළ බවට ජනාධිපතිවරයා පැවසුවද ඇත්ත වශයෙන්ම එය සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාවයක් නිසා නොව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදුන් ණය වාරිකය නිසා බවද හෙතෙම කියා සිටියේය.    …

IMF ගිවිසුම සමග අපේ ආණ්ඩුවත් ඉදිරියට යනවා.. IMF අපට කරන්නේ උදවුවක්..- අනුර

IMF ගිවිසුම සමග අපේ ආණ්ඩුවත් ඉදිරියට යනවා.. IMF අපට කරන්නේ උදවුවක්..- අනුර

  ඉදිරි ජාතික ජන බලවේග රජයක් යටතේද ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන ගිවිසුම ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පුවත්පතක් සමග සාකච්ඡාවකදී හෙතෙම මෙසේ අදහසක් අදහස් පළ කර තිබේ. ‘වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සිව් වසරක ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. ද්වි-පාර්ශවික ලෙස, බහු පාර්ශවික ලෙස සහ පෞද්ගලික…

නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

නව භික්ෂු එකමුතු කතිකාවේ සහය ජනපති රනිල්ට!

පැපිලියාන සුනේත්‍රා දේවී රජමහා විහාරස්ථානයේ දී ඊයේ (09) පැවති නව භික්ෂු එකමුතු කතිකාව එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවට ප්‍රකාශ කළේය. එම කතිකාවට එක්වෙමින් රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කර කොලේ පියදස්සි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ කියන නම ලෝකයේම රැඳවූ නාමයක් වන අතර මුළු ආසියාවම වුවත්…

රනිල් දිනවන්න පොදුජන පෙරමුණේ අලුත්  පක්ෂයක්

රනිල් දිනවන්න පොදුජන පෙරමුණේ අලුත් පක්ෂයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණේ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරමිනි සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවය. හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.   අද දෙරණ

ජනපති රනිල්ට සහය දෙන්න පක්ෂ තිහක් ඉදිරි සතියේ එයි

ජනපති රනිල්ට සහය දෙන්න පක්ෂ තිහක් ඉදිරි සතියේ එයි

ජනාධිපතිවරණයේ දී ස්වාධින අපේක්ෂකයකු ලෙස තරග වදින රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම සඳහා පක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් ඉදිරි සතිය තුළ ඉදිරිපත් වනු ඇති බව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව සැක ඇත්නම් සතියක් පමණ බලා සිටින ලෙස කී ඒ මහතා තව දුරටත් කීවේ රටේ ගොඩගත් ආර්ථිකය වර්ධනය කිරීමේ කටයුතු මේ වන විට…

වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි
|

වතු සේවකයින්ට රු 1700 ගෙවන්න සමාගම් 7ක් එකඟ වෙයි

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු සංගම් සහ තරුණ නායක රැස්වීම අමතමිනි. කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය…

ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසා එජාපයට

ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසා එජාපයට

 සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී…

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් ජනාධිපති රනිල්ට

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහායත් ජනාධිපති රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී ති‌‌‌‌බෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේය