|

ආර්ථිකය නැවතත් වර්ධන මාවතට!

පසුගිය (2022) වසරේ පළමු කාර්තුවේ සිට කාර්තු හයක් තිස්සේ දිගින් දිගටම සංකෝචනය වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් වර්ධන මාවත වෙත පිවිස තිබෙනවා. මේ බව සනිටුහන් කරමින්, 2023 තෙවන කාර්තුවේදී ආර්ථිකය 1.6%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. කලකට පසුව ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම වර්ධනයක් දැක ගත හැකි වීම තවත් සුවිශේෂී කරුණක්. කෘෂිකාර්මික අංශය 3.0%කින්ද, කාර්මික අංශය…

විදුලි ක්ෂේත්‍රයේ දුෂණ සිදුවන්නේ සජිත් කියන ප්‍රසම්පාදන ක්‍රමවේද තුලින්

  උතුරේ සුර්ය බල විදුලි ව්‍යාපෘතියක් ප්‍රසම්පාදන ක්‍රමවලින් බැහැරව ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැසිවිලි නගා ඇතත්, පසුගිය කාලයේ විදුලි ක්ෂේත්‍රයේ දුෂණ සහ කඩා කප්පල් ක්‍රියා සිදු වී ඇත්තේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටතින් නොව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුලින් බව විදුලි ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි. උතුරේ බැටරි ගබඩා පහසුව සහිත විදුලි ව්‍යාපෘතියක් ප්‍රසම්පාදන…

දේශපාලන පක්ෂ තම රැස්වීම් මගින් සහ මාධ්‍යයේ පෙන්වන ශක්තිය භුමියේ ඔවුන්ට නැහැ – රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවක් කියයි

    මෙරට රාජ්‍ය බලය සඳහා තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂ, ඔවුන්ගේ රැස්වීම්වලින් , මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය මගින් මවා පෙන්වන ශක්තිය භුමියේ ඒ ආකාරයෙන් දක්නට නොලැබෙන බව රාජ්‍ය බුද්ධි සේවය  ජනාධිපතිතුමා වෙත ලබා දී ඇති වාර්තාවක් මගින් පෙන්වා දී ඇත. මෙම පක්ෂවල ඇතැම් වැඩ කටයුතු සහ සංවිධාන සාමාජිකත්වය හොඳ මට්ටමක පවතින නමුත් වැදගත්…

|

ආර්ථික වර්ධනය ධන අතට හැරෙයි

2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථික වර්ධනයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත. ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ. මෙලෙස රටේ ආර්ථික වර්ධනය ධන අගයක් ගත්තේ වසර දෙකහමාරකට පසුව ය. එමෙන් ම මෙය ආර්ථිකයේ පසුබැස්ම අවසන් වී වර්ධනය දිශාවට හැරී ඇති…

රනිල් සමග එකතු නොවන බවට සජිත්ගේ ප්‍රකාශය ගැන සජබ ඇතුළේ ගැටුමක්

    රනිල් සමග කිසි දා එකතු නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළ ප්‍රශ්න මතු වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කොට ඇත. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය , දෙමළ පගතිශීලී සන්ධානය ඇතුළු සජබට සම්බන්ධ කුඩා පක්ෂ මෙන් ම පක්ෂයේ ජෙෂ්ටයින් පිරිසක්…

සජිතුත් ඩීසල් මාෆියාවට කඩේ යයි !

  උතුරේ සුර්ය බලශක්ති ව්‍යාපෘතියකට කැබිනට අනුමැතිය දීම ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඩීසල් මාෆියාවෙන් ලබා දී තිබු වැරදි තොරතුරු මත කළ ප්‍රකාශය ම තහවුරු කරන ප්‍රකාශයක්  කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඩීසල් මාෆියාවට කඩේ යන තත්ත්වයට පත්ව ඇති බව විදුලි බල ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි. මෙගාවොට් 700 ක…

රාජසභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිට සිර දඬුවම්

  කුරුණෑගල ‘බුවනෙකබා රාජසභා මණ්ඩපය’ කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු පස් දෙනෙකුට අද(14) සිර දඬුවම් නියම කෙරිණ. ඒ ඊට අදාළව කුරුණෑගල පළාත්බද මහාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර , වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත…

|

ශ්‍රී ලංකාව තවමත් අඩු ම බදු අයකරන රටක් – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

  ශ්‍රී ලංකාව තවමත් ලොව අඩු ම බදු ආදායම් රැස්කරන රටක් බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍ය බදු රැස් කිරීමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවේ එය පැවතියේ සියයට 8.7 ක් මට්ටමේ ය . මෙය සාමාන්‍ය පැවතිය යුතු මට්ටමෙන් තුනෙන් එකක් තරම් අඩු…

සජිත් ජනපති ජී.එල්. අගමැති.. නිදහස ජනතා සභාව සජිත්ගේ සන්ධානයට.. ඩලස් පාරට වැටේ..

  ජනවාරි මාසයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට නියමිත බව වාර්තා වෙයි. එහි අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට සමගි ජන බලවේගය කර ඇති යෝජනාවකට ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් එකඟ වීමත් සමග ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇති බවටත් වාර්තා වෙයි. lanka C…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජපාන රජය සමග සාකච්ඡා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ….

දුක්විඳපු ජනතාව වැල් පාලමෙන් එගොඩ කළා – ජනපති

රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිල වශයෙන් දැනුම් දුන් බව පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. දුක්විඳපු ජනතාව වැල් පාලමෙන් එගොඩ කිරීමට හැකිවූ බව ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ වැල් පාලමෙන් එගොඩවුවත් ඉදිරියට පවතින වංකගිරිය හරහා නිවරදි මාර්ගයේ ගමන් නොකළහොත් වල්මත් වන බවයි….

|

IMF දෙවැනි වාරිකය සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය දී ඇත. මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා…