බදු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකිරීමට රජය සූදානමින්

  බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව තිබේ. ඒ අනුව, මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. බදු අය කිරීමේ ක්‍රමවේදවල පවතින අඩුපාඩු හේතුවෙන් රජය එම පියවර ගෙන තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

මහ බැංකුව ආනයන පාලනය ලිහිල් කරයි

  ඇතැම් භාණ්ඩ අනයනයේ දී එයට අවශ්‍ය මුළු මුදල බැංකුවේ තැන්පත් කළ යුතු බවට මහ බැංකුව පනවා තිබු කොන්දේසිය ඉවත් කොට තිබේ. ආනයන සීමා කිරීමේ පියවරක් ලෙස පනවා තිබු ඉහත කී තහනම ඉවත් කිරීම ආනයන සීමා ඉවත් කිරීමේ පියවරක් බව  කියති.

ඩොලරයක මිල රුපියල් 300 න් පහළට එයි

  ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේ රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 288.21 ක් වශයෙනි. වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 296 ක් සහ 208 ක් දක්වා පහළ ගොස් තිබු බව වාර්තා වෙයි.

සරසවි ආචාර්ය ගැටළු විසඳිය හැක්කේ රට ස්ථාවර වීමෙන් පසුව යි – ආචාර්ය සංගමයට ජනපති කියයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත . ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ අද (18)…

ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සාර්ථකයි ; පොලී අනුපාතත් පහළට

  ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ පැවැත් වූ ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සාර්ථක වී ඇති අතර පොලී අනුපාත ද පහළ වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ  (17) දිනයේ දී රු. මිලියන 180,000 ක  මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකරන ලදී. මෙය ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුකරන ලැබූ විශාලතම භාණ්ඩාගාර…

සටන නවතා දැමූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති හමුවීමේ අවස්ථාවක් ලැබෙයි

  තමන් ක්‍රියාත්මක කොට තිබු උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීම වර්ජනය අතහැර දැමූ සරසවි ආචාර්ය සංගමයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ. අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බව…

රුපියල තවත් ශක්තිමත් වෙයි.

  ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද වන විට තවදුරටත් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශිත නිල විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල 302.48 ක් වූ අතර විකුණුම් මිල සටහන් වුයේ රුපියල 316.18 ක් වශයෙනි. විවෘත වෙළෙඳ පොලේ ඩොලරයක් අලෙවි වුයේ රුපියල් 305 කට ආසන්න මිලකට බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අලුත් ආණ්ඩුකාර තනතුරුවලට නම් තුනක් ? දිව්රුම් දීම අද උදේ

    උතුර සහ නැගෙනහිර සහ වයඹ  පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  අද  (17) පෙරවරුවේ දිවුරුම් දෙති. වයඹ පළාත් අාණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම…

ආරම්භය ප්‍රශංසනීයයි – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන, ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනඟා ඇති බවත් එහිදී ප්‍රධාන ආධාරකයන් පහක් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. එහිදී ශ්‍රී  ලංකාව ප්‍රශංසනීය ලෙස, මෙම අංශ පහ තුළ අභියෝගාත්මක ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගණනාවක්…

ජනාධිපතිවරණය කලින් තියන ව්‍යවස්ථා සංශෝධනයකට සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ රජයේ  යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය. අද විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ…

ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ අස් කිරීමේ බලය ඇත්තේ ජනපතිටයි – පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

  පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ආණ්ඩුකාරවරුන් ඉවත්කිරීමේ ප්‍රශ්නය පිලිබඳ පක්ෂයේ මතය පැහැදිලි කරමි ඒ මහතා මෙම ප්‍රකාශය කළේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

ඉල්ලා අස්වෙන්න බැහැ කියූ ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉවත් කෙරෙති

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් අද (15) සිට පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අය මෙසේ ඉවත් කර ඇත. මෙම ආණ්ඩුකාර වරුන්ට ඉල්ලා අස්වන…