ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මනින් අවසන් කළ හැකියි – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි ඇය පැවසුවාය. ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය. අද දෙරණ 

සජිත්ගේ ‘අශිෂ්ට ‘ කතාව දළදා මාලිගාව ප්‍රතික්ෂේප කරයි

  ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පෙර කිසිකලෙක නොකළ අයුරින් දළදා මාළිගාවට විදුලි බිල්පතක් යවමින් ආණ්ඩුව සිය අශිෂ්ඨ පිළිවෙත පෙන්නුම් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා නිවේදනය කළේ මීට පෙර නොකළ ලෙස රජය…

ශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑ

    දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි….

සජිත් ඡන්දය ඉල්ලයි ; මුජිබර් මන්ත්‍රීකම ඉල්ලයි !

  පළාත් පාලන මැතිවරණය ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ සහ සිවිල් සංවිධාන සමග ඒකාබද්ධ වැඩ සටහනක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සාකච්ඡාවක් පැවැත් වූ අතර මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ප්‍රකශ කළේ තමන්ගේ නැති වූ මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා නීතිමය පියවර ගන්නා  බව යි. පළාත් පාලන මැතිවරණයට…

ශ්‍රී ලංකාව ඉදිරියට යන බව IMF කියයි

G20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය ප්‍රකාශ කළේ එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය…

සයිනොපෙක් ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තබයි

        ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහාවූ ගිවිසුමට සයිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබේ. සිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ…

ආර්ථික වර්ධනය උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය යුතුයි – ජනපති ඉන්දීය ව්‍යාපාරික හමුවේ දී පවසයි

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

කොටස් වෙළෙඳපොළෙහි වර්ධනය අදත්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (14) වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසට ය. අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගිය අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 2.7ක් වශයෙනි.

ජනපති රනිල් පදවි ප්‍රාප්තිය ඉන්දියාවේ දී සමරයි

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරේ දිවුරුම් දීමෙන් වසරක් පිරෙන ජුලි 22 දා ඒ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටිනු ඇතැයි වාර්තා වෙයි. ජුලි 21 දින ඉන්දියාව බලා යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පදවි ප්‍රාප්තියෙන් වසරක් සපිරෙන ජුලි 22 දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා හමුවීමට නියමිත ය. වික්‍රමසිංහ මහතා ඉන්දියාවට යන්නේ දින දෙකක…

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති බැහැ කියයි

  ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත් කිරීමට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව  තතු දත් දේශපාලන අංශ ප්‍රකාශ කරයි. පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සහ ටිරාන් අලස් ඇමතිවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවේ දී මෙය සිදු වී ඇතැයි කියති. ඒ අනුව…

පොලී අනුපාත තවත් පහළ දමනවා – මහ බැංකු අධිපති

  දැනටමත් පහළ දමා ඇති ඇති පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට ක්‍රියාකරනු ඇති  බව මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. විදෙස් පුවත් සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ වන විට 11% දක්වා පහත දමා ඇති බවත් එම අනුපාත තවදුරටත් පහත දැමෙනු ඇති…

‘‘පොලිස්පතිකමට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘ – එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර

    රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. ඒ නිසා ඉන්න පොලිස් පොලිස්පති පුටුව මාස තුනෙන් තුනට දිගු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බවද බව ද එජාප මහලේකම් වරයා…