ඕනෑම කණ්ඩායමක් සමග සන්ධාන හදන්න සජිත්ට බලය දෙයි

  ලබන වසරේ පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ සම්පුර්ණ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට  තිබේ. එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ඕනෑම පක්ෂයක් කණ්ඩායමක් හෝ පුද්ගලයින් සන්ධානයට සම්බන්ධ කර ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට බලය දුන්…

|

රුපියල ශක්තිමත් වෙයි

  පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට රුපියල් 327 ඉක්මවා ගොස් තිබු ඩොලරයේ අගය අද දිනයේ රුපියල 325,26/40 ක් ලෙස සටහන් වෙමින්  රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ දිනයේ ඩොලරයේ අගය සටහන් වුයේ රුපියල් 326.25 /40 වශයෙනි. ඒ අනුව අද දිනය තුළ ඩොලරයේ අගය රුපියලකින් පහත වැටී ඇත.

|

පරාටේ නීතිය අහෝසි කළොත් තැන්පතු අවදානමේ ; ණය දෙන්නත් බැරිවෙයි – ශ්‍රී ලංකා බැංකු සංගමය

  බැංකුවල ණය කරුවන්ගෙන් ණය අයකරගනීමේ දී දේපළ අත්පත් කරගැනීමේ බලය බැංකුවලට ලබාදෙන පරටේ නීතිය අහෝසි කළහොත් බැංකු තැන්පතු අවදානමට ලක්වන බවත්, ණය ලබා දීම ද සීමා කිරීමට සිදුවන බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය ප්‍රකාශ කරයි. එබැවින් ණය ගෙවීම පහර හැරීම වළකා ගැනීම සඳහා පරාටේ නීතිය අත්‍යවශ්‍ය බව බැංකු සංගමය කියයි. බැංකු සංගමය පෙන්වා දෙන්නේ…

|

ජාතික උද්ධමනය ඉහළට

  ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම අගය  ඔක්තෝබර් මස සටහන්ව තිබුණේ  සියයට 1 ක් වශයෙනි. මෙම උද්ධමනය අගයට සියයට 39.22 කින් ආහාර කාණ්ඩයේ උද්ධමනය දායකවී ඇති බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් දායක වී ඇති…

අයවැය ගමට වෙන් කළ මුදල් ජනවාරියේ මුදා හරිනවා – ජනාධිපති

විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු  සතිය වන විට  දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ  වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා කීය. ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. (අංජුල මහික වීරරත්න)…

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිලත් අඩු කරයි ?

  පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන මිල අඩු කිරීමේ සැලසුමක් ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවට ලක් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි. ඉන්ධන සඳහා වැට් බදු පැනවීමත් සමග මෙතෙක්  ඛනිජ තෙල් ආනයනයේ දී පනවා තිබු වෙනත් බදු ඉවත් කිරීම මගින් දේශීය වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඩු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කොට ඇත….

ඔක්කොම එක් වුනොත් ආර්ථික අමාරුව ටික කාලයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  වර්තමාන අභියෝගයන්ට සියලු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන්නොත්  ඉදිරි වසර කිහිපය ඇතුලත මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

හොරු ඇල්ලීම ගැන නිතර කියන අයගේ උනන්දුව දූෂණය පිටුදැකීමට නොව අවධානය දිනාගැනීමටයි – දිලිත් ජයවීර

දූෂණය පිටුදැකීම සඳහා කළයුතු වන්නේ දූෂණය සහජයෙන්ම වළක්වන සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කරන තාක්ෂණික නවෝත්පාදනයන් වැළඳ ගැනීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. “අපේ ජාතියේ සංවර්ධනයේ මාවත පවතින්නේ දූෂිතයන් අත්අඩංගුවට ගැනීම බව හඟවන ජනප්‍රියවාදී දේශපාලන ආඛ්‍යානයක නැගී සිටීම මෑත කාලයේ අපි දුටුවෙමු. දූෂණය ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය වන අතර, මෙම ප්‍රවේශය පමණක් අපේ රටේ…

|

මෙරට නිල විදෙස් සංචිත ඩොලර් බිලියන 4 ඉක්මවයි

 2023 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරන ජබ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට ඇත. 2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව IMF වෙතින් අමෙරිකානු ඩොලර්…

ආණ්ඩුව මෙහෙයවන්නේ පොදුජන පෙරමුණ නොවෙයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා…

|

ලෝක බැංකු ණය ඩොලර් මිලියන 250 ක් ලබා දෙයි

  පසුගිය ජුනි මාසයේදී මුලින් අනුමත කරන ලද ඩොලර්  මිලියන 500 ක් වූ ණය මුදලින්  ඩොලර් මිලියන 250 ක අයවැය ආධාරක ණයක් ශ්‍රී ලංකාවට නිකුත් කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කොට ඇත. ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් ඇති බවත්, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුව ප්‍රමාණවත් ලෙස පවතින බවත්, බැංකු (විශේෂ විධිවිධාන) පනත සම්මත කිරීමත් පිලිබඳ ප්‍රගතිය…

රනිල්ට ජනාධිපතිවරණයෙන් ඡන්ද කෝටියක් – එජාප සභාපති වජිර අබේවර්ධන

  ජනාධිපතිවරණය එළඹෙන වසර තුළ මුලින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. විදේශ වුවමනාන් අනුව ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ආකාරයේ මැතිවරණවලට ඉඩ නොදී ජනතා ගැටළු විසඳිය යුතු බවද ඒ මහතා පැවසීය. මුලින් පැවතිය යුත්තේ කුමන මැතිවරණද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයි ද පැවසූ…