තවත් කොවිඩ් මරණ 05ක් – මෙරට මුළු මරණ ගණන 66තෙක් ඉහළට

ඊයේ (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව  66කි. අද දින මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 65, 69 71, 81, සහ 82 ක් වන තැනැත්තන් බව ද වාර්තා…

බන්ධනාගාර කොවිඩ් පොකුර 506 කට නගී

බන්ධනාගාර තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුර 506 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව වාර්තා  වෙයි. අද දිනයේ අලුතින් සොයාගත් ආසාදිතයින් සංඛ්‍යාව 68 කි. මේ වනවිට සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට සේවයට කැඳවා තිබේ.  

ජෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවෙදී ප්‍රියත් ලියනගේ අභාවප්‍රාප්ත වෙයි.

ජෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවෙදී ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. BBC සිංහල සේවය , සංදේශය ඇතුළු මාධ්‍ය ගණනාවකට දායකත්වය දී ඇති ඒ මහතා කලා නිර්මාණ ගණනාවකට ද දායක වී ඇත.  

පී සී ආර් පරීක්ෂණයත් දඬුවමක් වෙයි !

පී සී ආර් පරීක්ෂණයට ලක්වන සියලු දෙනා  සති දෙකක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යටත් විය යුතු බව රජය කියයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ආසාධිත නොවන අයෙකු වුව ද , සති දෙකක නිරෝධායනය අනිවාර්ය වෙයි. පරීක්ෂණය අනුව ආසාදිත නොවන බව පෙන්නුම් කළ ද , ඔවුන් රෝගීන් නොවන බව කිව නොහැකි නිසා මෙම පියවර ගෙන ඇති බව කියති.

රාමඤ්ඤ මහා නිකායේ  මහ නායක අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියෝ  අපවත් වෙති

රාමඤ්ඤ මහා නිකායේ  මහ නායක අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් වහන්සේ  අපවත් වී ඇති බව වාර්තා  වෙයි. උන් වහන්සේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇත. අපවත් වන විට උන්වන්සේ 98 වියේ පසු වුහ. අතිපූජ්‍ය  නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ   මහනායක ධූරයට පත් වූයේ 2012 සැප්තැම්බර් 3 වනදා ය. මහනුවර මැණික්හින්න හූරිකඩුව විද්‍යා…

විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා ඉහළට; කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් – 2021 අයවැය යෝජනා

විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා ඉහළට; කහ හා ඉගුරු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් – 2021 අයවැය යෝජනා

පවත්වා ඉහළ ජීවිත අපේක්ෂා පාදක කරගෙන කාන්තා හා පිරිමි විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දීර්ඝ  කිරීමට ආණ්ඩුවේ 2021 අයවැය ලේඛනයෙන් යෝජනා කොට ඇත. මෙය රාජ්‍ය අංශයට මෙන් ම පෞද්ගලික අංශය සඳහා ද බල පවත්වනු ඇත. ස්වයං රැකියා, ඇගළුම්, සංචාරක, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර රාශියක සේවකයන් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කිරීමටයවයෙන් යෝජනා කොට…

ඇමෙරිකාව සොයාගත් දෙවන කොවිඩ් එන්නත වඩාත් සාර්ථකයි !

ඇමෙරිකාව සොයාගත් දෙවන කොවිඩ් එන්නත වඩාත් සාර්ථකයි !

ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සොයාගත් පළමු කොවිඩ් එන්නත මෙන් ම සාර්ථක එන්නතක් නිපදවීමට මොඩර්නා  නම් තවත් සමාගමක් සමත් වී ඇති අතර එය ඇතැම් අංශවලින් ෆයිසර් සමාගමේ එන්නතට වඩා දියුණු බව වාර්තා වෙයි. ෆයිසර් සමාගමේ එන්නත සියයට 90 කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කොට ඇති අතර මොඩර්නා සමාගමේ එන්නත සියයට 94.5 ක සාර්ථකත්වයක් වාර්තා කොට ඇති බව කියති….

පොලිස් කොවිඩ් පොකුර 785 කට නගී

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යව අද වනවිට 785 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව වාර්තා වෙයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයියෝ  191 දෙනෙක් ද ඒ අතර වෙති .

කොවිඩ් රෝගීන් 382 ක් අද හඳුනාගැනෙති ; වත්මන් පොකුර 14,170 දක්වා නගී

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 382 ක් අලුතින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ සියලු දෙනා ම මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බව කියති. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 14,180ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 03ක් ; මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් මරණ 03ක් වාර්කා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.  මෙම මරණ 03 සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇත මෙසේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු පහතින් දැක්වෙයි  

අද තවත් කොවිඩ් ආසාදිතයින් 704 ක් ; පොකුර දැන් 13,788 යි

අද දිනය තුළ ද කොවිඩ් 19 රෝගීන් 704 දෙනකු වාර්තා වී ඇත. 544ක් සහ 160ක්  ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

කොළඹට දැමූ අගුළු බාගෙට අරියි ; අත්‍යවශ්‍ය සේවාවලට ඉඩ

කොළඹ කොටුව, පිටකොටුව , මරදාන ඇතුළු අගුළු දැමු ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ දී ඇති බව රජය කියයි. එමෙන් ම , කොළඹ සිට බස් සේවා සහ දුම්රිය සේවා ද ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, කොළඹ අගුළු දැමු ප්‍රදේශවලට  ඇතුළු වීම අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට පමණක් සීමා කොට ඇත. අගුළු දමා ඇති සියලු ප්‍රදේශවල…