බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ 71 න් 26 කට කොරෝනා

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කළ රැඳවියන් 71 දෙනාගෙන් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රාගම රෝහල් බළධාරීන් පවසනවා.මෙම රැඳවියන්ගෙන් බහුතරයක් බරපතල තත්වයේ පසුවන අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැඩි අසාධ්‍ය තත්වයේ පසු වේ. මෙම ගැටුමෙන් පුද්ගලයන් 08 දෙනෙකු මියගිය අතර බන්ධනාගාරයට සැළකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ….

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. නව රාජ්‍ය අමාත්‍ය…

බැසිල් නිදහස්

දිවිනැගුම අරමුදල් සාවද්‍ය පරිහරණයට චෝදනා ලබා සිටි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය. 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ…

මහර බන්ධනාගාරයේ රැඳවියන් 8 ක් මරුට – 50 ක් රෝහලේ

මහර බන්ධනාගාරයේ රැඳවියන් 8 ක් මරුට – 50 ක් රෝහලේ

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ක් දක්වා ඉහළ ගොස් ඇත.මියගිය පුද්ගලයින්ගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබේ.සිද්ධියෙන් තුවාල ලැබූ 50 දෙනෙකුට වැඩි පිරිසක්  ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ද සිටිති . තුවාල ලබා සිටින එක නිලධාරියකුගේ තත්ත්වය බරපතල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

මහර බන්ධනාගාර ගැටුමින් මේ වනවිට 4 ක් මරුට ; 25 කට තුවාලයි

මහර බන්ධනාගාරයේ අද සවස සිට හටගත් ගැටුම් වලින් මියගිය  4 දෙනකුගේ සිරුරු රාගම රෝහලේ මේ වනවිට ඇති බවත්  25 දෙනකු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් රාගම රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට ඇත. මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන් ම පොලිසි කිහිපයක නිලධාරීන් ද යොදවා ඇති බව වාර්තා වෙයි.

අද අලුත් කොවිඩ් ආසාදිතයින් 496 ක් ; පොකුර 19,945 යි ; සමස්තය 23,478 යි

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදනය වුවන් 496 ක් අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය නිවේදනය කරයි. ආසාදිතයින් 323ක් සහ 173 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය. මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 19,945 දක්වා ඉහළ ගියේ ය. එනම් 20,000 ක් ආසන්නයේ පවතියි. මෙරට දී හඳුනාගත් සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව…

තවත් කොවිඩ් මරණ 07 ක් ; සමස්ත මරණ 116 යි

මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇත අද දිනයේ තහවුරු වූ මරණ වල විස්තර පහත පරිදි වේ  

නීතිපතිට පයින් ගසා අගමැති LNG ව්‍යාපෘතියට “හා” කියයි

නීතිපති දප්පුල ලිවේරාගේ උපදෙස් නැවත වරක් ඉවත දැමූ අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙස තමන්ට හිමි බලතල යොදාගනිමින් ගිවිසුමකට අනුමැතිය දීමේ පත්‍රිකාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ස්වාභාවික ගෑස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ලක්දනව් පෞද්ගලික සමාගමෙනි. මීට පෙර අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර…

බන්ධනාගාර කොවිඩ් පොකුරත් දහස පන්නයි ; ඇතුළේ කැරලිකාරී තත්ත්වයක් ; අයෙක් මරුට

බන්ධනාගාර තුල වර්ධනය වූ කොවිඩ් පොකුර 1091ක් දක්වා වර්ධනය වී ඇති බව අද වාර්තා වීය. ඒ මහර බන්ධනාගාරයෙන් වාර්තා වූ ආසාදිතයින් 183 ක් සමග ය. මේ අතර මහර බන්ධනාගාරය තුල කැරලිකාරී තත්ත්වයක් ගැන ද අද වාර්තා වීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රැඳවියන් විසින් ඇතිකරන ලද කැරලිකාරී තත්ත්වය මැඩ පැවැත්වීමට බලය පාවිච්චි…

අදත් කොවිඩ් ආසාදිතයින් 487 ක් ; පොකුර 19,449 යි ; සමස්තය 22987 යි

කොවිඩ් 19 ආසාදිතයන්  487 දෙනෙක් අද දිනය තුල හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව වර්තමාන කොවිඩ් පොකුර 19,449 ක් දක්වා ඉහළ ගොස් තිබේ . මව් දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මුළු එකතුව 22,982 කි.

අදත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 109 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් අද දිනයේ ද වාර්තා වී ය. ඒ අනුව මෙරට සිදු වූ කොචි මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගියේ ය.

අදත් අලුතින් කොවිඩ් ආසාදිතයින් 472 ක් ; පොකුර 18,961 යි ; සමස්තය 22,494 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 472  ක් අලුතින් වාර්තා වී ඇත. 251 ක් සහ 221 ක් ලෙස අවස්ථා දෙකක දී මේම සංඛ්‍යාව වාර්තා වී ය. මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 18,961 ක් දක්වා ඉහළ  ගොස් ඇති අතර මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,494 ක් දක්වා ඉහළ  ගියේ ය.