විදුලි ගාස්තු සංශෝධනයක් නෑ – ලංවිම කියයි

විදුලි ගාස්තු සංශෝධනයක් නෑ – ලංවිම කියයි

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය. Ada Derana

පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස  අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.

මිල සුත්‍රය ක්‍රියාත්මකයි : ඉන්ධන මිල සංශෝධනය කරයි

මිල සුත්‍රය ක්‍රියාත්මකයි : ඉන්ධන මිල සංශෝධනය කරයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි. ලංකා සුදු…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙයි – රජයෙන් නිවේදනයක්
|

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙයි – රජයෙන් නිවේදනයක්

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළේය. ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරේ. එම ක්‍රියාවලිය සඳහා…

2025 අයවැය අයි එම් එෆ් කොන්දේසි අනුව විය යුතුයි – ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

2025 අයවැය අයි එම් එෆ් කොන්දේසි අනුව විය යුතුයි – ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීප සාකච්ඡා පවත්වනු ඇති බව ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා වැඩසටහනේ මීළඟ අදියර පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව පැවසීය. IMF වැඩසටහනේ මුල්‍ය ප්‍රමාණාත්මක ඉලක්ක ආදායම්, ප්‍රාථමික ශේෂය , අයවැය යෝජනා මත පදනම් වන අතර නීති ප්‍රතිසංස්කරණ ද සාමාන්‍යයෙන් අයවැයෙන්…

උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක්…

සුපිරි ඩීසල් , ඔක්ටේන් 95 රුපියල් 6 කින් අඩුවෙයි

සුපිරි ඩීසල් , ඔක්ටේන් 95 රුපියල් 6 කින් අඩුවෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපිරි ඩීසල් , ඔක්ටේන් 95 ඉන්ධන මිල රුපියල් 6 කින් අඩු කිරීමට  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 377ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 371කි. රුපියල් 319ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක…

ණය  ප්‍රතිව්‍යුහගත කිරීම වසර අවසානයට පෙර අවසන් – මහ බැංකු අධිපති
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම වසර අවසානයට පෙර අවසන් – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වසර අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, කඩිනමින් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයෙන් ඉක්මනින් ඉවත් වීමේ අපේක්ෂාවෙන් සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ සතියේ වොෂින්ටන් ඩීසී හි පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට ඇත . “ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා, ලේඛනගත කිරීම, නිසි කඩිසරකම සහ…

මට කිසි දෙයක් එපා ! චන්ද්‍රිකා ගෙදරින් පන්නන්න එපා !! – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මට කිසි දෙයක් එපා ! චන්ද්‍රිකා ගෙදරින් පන්නන්න එපා !! – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන නමුත් අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවය. චන්ද්‍රිකා මැතිණියගේ  ස්වාමි පුරුෂයා ඝාතනය කළේ  ජනතා විමුක්ති පෙරමුණ බවත් ,  ජනාධිපතිනියව සිටිය දී බෝම්බ ගැසීමෙන් ඇගේ  ඇසක් අහිමි වූ බවත් කී…

පරක්කු නෑ වෙනස් කරමු – සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!

පරක්කු නෑ වෙනස් කරමු – සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!

”පරක්කු නෑ වෙනස් කරමු” යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්‍රචාරක වැඩසටහන අද ආරම්භ වී තිබෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර අවසන්. නැවතත් රට ප්‍රපාතයට වැටුනහොත් ඉන් මුදා ගැනීම පිණිස පළපුරුදු සිලින්ඩරය කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව එම ගීතයෙන් කියවෙනවා. එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහ…

පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ – රනිල්

පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ – රනිල්

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් යැයි පවසන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය. හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ දඹුල්ලේ පැවති ජන රැලියක් අමතමිනි. එම ජන රැලියේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ… අපි, අපේ පාර්ලිමේන්තුව ගැන ආඩම්බර විය යුතුයි ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කරල තියෙනවා….

ගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේ.. මැතිවරණය කොටඋඩ..

ගැසට්ටුව වැරදියි.. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරේ.. මැතිවරණය කොටඋඩ..

නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධාන’යේ, කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනි.     වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු…