වෙල්ගම බදුල්ලෙන් ඉවතට – සංවිධායක ධුරය තේනුක විදානගමගේට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පත්කරගෙන තිබේ. වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පලකිරීම් සිදුකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් පොදුවේ විවේචන සිදුකිරීමත් මත බදුල්ල දිස්ත්‍රික් සංවිධායක…

එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක…

ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක කලහෝත් යුරෝපා සංවිධානය විසින් ලබා දී ඇති GSP+ සහනය ඉවත් කරන බවට දන්වා ඇති බවට සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත. මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පැවසීමෙන් පසු යුරෝපා රාජඨන් ගණනාවක් ඊට විරෝදය පල කලේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මේ පිලිබදව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබින. GSP+…

මහේන්ද්‍රන් ඇතුළු 10කට නීතිපතිගෙන් අධිචෝදනා

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබේ. මේ අනුව එම විනිසුරු මඩුල්ල වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන අය නියෝග කළේ…

ත්‍රිපුද්ගල මහාධිකරණයේ මහින්දානන්දට , නලින් ප්‍රනාන්දුට නඩු

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අධිචෝදනා 16ක් යටතේ අල්ලස් කොමිසම මඟින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අංක 2 හමුවේ ඊයේ (27) නඩු පැවරීය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුත් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකරන ලදී. පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කල…

තාජුඩීන් ඝාතනය වූ දින අරලියගහ මැඳුරට ආව-ගිය වාහන 4ක් ගැන විමර්ශන

රගර් ක්‍රීඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින (2012-05-17) අලුයම අරලියගහ මන්දිරයට සැකසහිත වාහන හතරක් ඇතුළු වී හා පිට වී ඇති අතර, එම වාහන සම්බන්ධයෙන් රහස් පොලීසිය විමර්ශන පවත්වන බව රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා ඊයේ (27) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සරණි පෙරේරා මහත්මිය හමුවේ දැනුම් දුන්නේය. මෙම වාහන භාවිතා කළ ප්‍රභූවරුන් කවුරුන් ද ?…

තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැගවූ : අනුරගේ නඩුව විභාගයට සූදානම් !

රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි අධිචෝදනා විවෘත අධිකරණයේ දී ඔහුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ලබන ඔක්තොබර් 23 වැනිදා සිට නඩුව විභාග කිරීමට අද (27) නියම කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ඇප වශයෙන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්‍ෂ 10ක මුදල්…

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා කිසිවක් සනාථ වී නෑ ; අත් අඩංගුවට ගැනීමත් වැරදියි – CIDය අධිකරණයට කියයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ කාන්තාවන්ගේ  සිසේරියන් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාලය මිරිකා ඇතැයි දිවයින පුවත්පත කළ වාර්තා කිරීම අසත්‍ය බව ඔහු යටතේ  සහ ඔහු සමඟ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු විශාල පිරිසකගෙන් ලබා ගත් ප්‍රකාශවලින් සනාථ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්…

ගෝඨාභයට එරෙහිව අමෙරිකාවේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයකට පැමිණිලි 10ක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (26) දිනයේදී අදාල පෙත්සම් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ…

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා ගැන මුලික පරීක්ෂණ වාර්තා අද අධිකරණට

සිසේරියන් සැත්කම් අතර කාන්තාවන් 4000ක් වඳ භාවයට පත්කලයි හා විශාල මුදලක් අයතා ලෙස උපයාගෙන ඇතැයි යන චෝදනා මත අත් අඩංගුවට ගත් කුරුනෑගල රෝහලේ වෛද්‍ය මොහොමඩ් සහබ්දීන් සාෆි මහතාට එරෙහිව  සිදුකල පරීක්ෂණවල මුලික වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි . ඒ සමගම මෙම වෛද්‍යවරයා අත්…

‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණ‘ ප‍්‍රදානය අගමැතිගේ ප‍්‍රධානත්වයෙන්

භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ‘බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ‘ හිමිකම්පත් ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ  (26) සිදුකෙරිණ.   භික්ෂු රක්ෂණය ලබාදීම  සංකේතවත් කරමින් දෙදහසක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනැමුනු අතර මේ සඳහා මහානායක හිමිවරු, අනුනායක හිමිවරු ඇතුලූ මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.   ‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය‘ අදියර…

මහජන බැංකුව පෞද්ගලීකරණය කරන කතාව බොරු – මුදල් ඇමැති මංගල සමරවීර

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට යන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය. ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන, අසත්‍ය මෙන් ම ද්වේශසහගත ප්‍රවෘත්තියකි.ප්‍රාග්ධන ඌනතාවක්…

කිසිම ඇමැතිවරයෙක් රාජකාරියට බාධා කළේ නෑ – හමුදාපති

රජයේ කිසිදු ඇමැතිවරයෙක් සිය රාජකාරියට බාධා කිරීමක් හෝ බලපෑම් කිරීමක් සිදුකර නොමැති බව යුද හමුදාපති ලුතිනන් ‌ෙජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ ඊයේ (26) සාක්ෂි ලබාදෙමින් පැවැසීය. ඇමැතිවරයකු නොව ජනපති හෝ අගමැති හෝ කිසිදු විටක තමන්ට බලපෑමක් සිදුකර නොමැති බව ද ඒ මහතා කීය. රිෂාඩ් බදුර්දීන්…