මහ බැංකු අධිපති කබ්රාල්ට ඉල්ලා අස්වැන්නයි ජනාධිපති දැනුම්දෙයි ?

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වහාම තනතුරින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එය අනුමත කර ඇති බව ද වාර්තා වෙයි. ඒ අනුව කබ්රාල් මහතා ඉතා ඉක්මනින් තනතුරින් ඉවත් වනු ඇතැයි කියති. ශ්‍රිලංකාවේ බරපතළ ආර්ථික අර්බුදයක්…

අද කොවිඩ් මරණ එකයි ; නව ආසාදිතයින් 320 යි

අද දිනය තුළ රජය විසින් තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව එකක් දක්වා අඩු වී ඇති අතර වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 320 ක් දක්වා අඩු වී ඇත. මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,416 ක් ලෙස සටහන් වී තිබේ. සමස්ත ආසාදිත සංඛ්‍යාව ලෙස මේ වනවිට සටහන් වන සංඛ්‍යාව වන්නේ 657,134 කි.

මුල්‍ය අරමුදලේ සහය ලබාගන්න තීරණය කළා – ජනාධිපති ජාතිය අමතා කියයි

අප රට අද මුහුණ දෙන තත්ත්ග්වය සැලකිල්ලට ගෙන, වාසි අවාසි ගැන තක්සේරු කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තමා තීරණය කළ බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් අද ප්‍රකාශ කළේය. බඩු මිල වැඩි වීම භාණ්ඩ හිගය අඩිය නිසා ජනතාව මුහුණ දී සිටින දුස්කරතා තමන්ට හොඳින් තේරෙන බව කී ජනාධිපතිතුමා එම ප්‍රශ්නවලට විසඳුම් ලබා…

මුල්‍ය අරමුදලේ ආධාර ගන්න මුදල් ඇමති ,මහ බැංකු අධිපති දෙදෙනා ම අත්සන් කළ යුතුයි – අඩ්වෝකාටා මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු

  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගලවා ගැනීමේ වැඩ පිළිවෙළකට ඇතුළු වීමට නම් මුදල් ඇමතිවරයා, මහා බැංකුවේ අධිපතිවරයා සහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතු බව අඩ්වෝකාටා සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධනනත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. සාමාන්‍ය උපදේශන සේවාවලින් ඔබ්බට ගිය ගලවාගැනීමේ වැඩ සටහනක් ඉල්ලා සිටීම, එලෙස නිල වශයෙන් සිදු කළ යුතු බවත්, එබඳු…

මහ බැංකුව ඊයේ තවත් රුපියල් කොටි 8303 ක් අච්චු ගහලා ; ඩොලරය තව නංවයි !

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දිනයේ දී තවත් රුපියල් කෝටි 8,303 ක මුදලක් භාවිතයට එක්කොට ඇති බව වාර්තා වෙයි. ඒ පෙරේදා දිනයේ නිකුත් කළ රුපියල් කෝටි 2,227 මුදලට අමතර වශයෙනි . මෙලෙස මුදල් නිකුත් කිරීම මගින් රුපියල අවප්‍රමාණ වීම වේගවත් වන බව ආර්ථික විශේෂඥයින්ගේ මතය යි. විශේෂඥයින් කියන්නේ මේ මොහොතේ කළ යුත්තේ පොලී අනුපාත ඉහළ…

මහ බැංකුව තවත් රුපියල් කෝටි 2,227 ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව තවත් රුපියල් කෝටි 2,227 ක් ( බිලියන 22.27 ක් ) මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත් කොට තිබේ. මෙය පෙරේදා (14) සිදුකොට තිබේ. මෙලෙස දිගින් දිගට මුදල් නිකුත් කිරීම රුපියලේ අගය අඩු වීමට සහ උද්ධමනයට හේතුවන බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී ඇත්ත,මහ බැංකුව දිගට ම එය සිදුකරමින් සිටියි. මේ නිසා පෙබරවාරි මාසයේ උද්ධමනය…

ආර්ථිකය ගැන ජනාධිපතිගේ උපදේශක සභාව මෙන්න

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පත්කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිතුමා විසින් පත්කොට ඇති 16 දෙනෙකුගෙන් යුත් උපදේශක සභාව මෙසේ ය. 01. මහාචාර්ය එච් ඩී කරුණාරත්න 02 මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද 03 ආචාර්ය දුෂ්නි වීරකෝන් 04 ධම්මික පෙරේරා 05 ක්‍රිෂාන් බාලේන්ද්‍ර 06 අෂ්රෆ් ඕමාන් 07 ආචාර්ය හාන්ස් විජේසුරිය 08 විශ් ගොවින්දසාමි 09. එස් රෙන්ගනාදන් 10….

ඩොලර් මිලියන 10 ක් නැතිව නැව සතියක් මුහුදේ ; බෙදාහරින්න ගෑස් නැහැ ; ජනතාව පෝලිම්වල

ටොන් තුන්දහස් පන්සියයක ගෑස් තොගයක් රැගත් නැවක් එයට ගෙවන්නට ඩොලර් මිලියන දහයක් රජයට සොයාගත නොහැකි වීම නිසා සතියක් තිස්සේ  මුහුදේ නවතාගෙන සිටින බවත්, ගෑස් තොග අවසන් වීම නිසා බෙදා හැරීම නැවතී ඇති බවත් වාර්තා වෙයි. ගෑස් රැගෙන පැමිණි එක නැවක් නිදහස් කරගෙන ඊයේ වෙළෙඳපොළට නිකුත් කොට අවසන් වූ නමුත් දෙවැනි නැවට ගෙවීමට මුදල් සපයාගත නොහැකි…

කවුරු කිව්වත් මුදල ඇමති බැසිල් ඉවත් කරන්නේ නැහැ – අගමැති මහින්ද රාජපක්ෂ

පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයකු වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කුමන හේතුවක් නිසාවත් තනතුරින් ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අගමැතිතුමා කියන්නේ බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වන චෝදනා පෞද්ගලික මට්ටමේ චෝදනා බවයි. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 කණ්ඩායම මුදල් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන චෝදම සහ ඔහු ඉවත් කිරීමට කරන…

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ හයකට ජීවනෝපාය අහිමි වෙලා – ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය

ගොඩනැගිලි ද්‍රව්‍යවල ඉහළ යන මිල සහ හිගය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය සියයට 50 කින් පමණ කඩා වැටී ඇති බවත්, එයින් ලක්ෂ හයක් පමණ පිරිසකට තම ජීවනෝපාය අහිමි වී ඇති බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කරයි. මෙම පිරිස සමාජයේ පහළ ම ආදායම් ලබන පිරිසක් බව ද එම සංගමය පෙන්වා දෙයි. සමාජයේ පහළ ආදායම් ලබන පවුල්වල…

රටේ ප්‍රශ්න විසදන්න සජිත් ජනපතිවරණයක් ඉල්ලයි

රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ තම ආණ්ඩුවකින් බවත්, ඒ සඳහා ආණ්ඩුව වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවත්, සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලා සිටියේය. ජනාධිපතිවරණයක් කැඳවීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය නම් එය ලබාදීමට සුදානම් බව ද ඒ මහතා කී ය. සමගි ජන බලවේගය අද කොළඹ දී පැවැත්වූ විරෝධතාවය සඳහා පැමිණි…

|

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරයි !

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරමින් රුසියාව සම්බාධක පනවා ඇති බව වාර්තා වෙයි. ඒ සමගම රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන දෙදෙනාට ද එම තහනම පනවා ඇත. මේ තිදෙනාගේ රුසියාව තුළ ඇති යාම වත්කමක් වේ නම් ඒ සියල්ල ද තහනම් කොට තිබේ.