රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මානව අයිතිවාසිකම් පෙත්සම් විභාගය නිරීක්ෂණය කරන්න අන්තර් පල්ලිමේන්තු සංගමයෙන් ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ තබා ගැනීමට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කොට ඇති මානව අයිතිවාසිකම් පෙත්සම් විභාගය නිරීක්ෂණයට පහසුකම් ලබා දෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිකිකම් කමිටුවේ ප්‍රධාන ලේකම් මාටින් චුන්ගොන් මහතා විසින් මෙම ඉල්ලීම අගවිනුසුරුවරයා වෙත යොමුකොට ඇත. පෙත්සම්…

“ශ්‍රී ලංකා” වෙන්න වෙල්ගමට ඉඩ දෙන්න බැරි බව දයාසිරි මැතිවරණ කොමිසමට දන්වයි

“අපි ශ්‍රී ලංකා” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කුමාර වෙල්ගම මහතා  කර ඇති ඉල්ලීමට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. කුමාර වෙල්ගම මහතා ‘‘අපි ශ්‍රී ලංකා“ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට කටයුතු කරමින් සිටින බව ද එමගින්  ශ්‍රී ලංකා නිදහස්…

අද කොවිඩ් මරණ 38 ක් ; නව අසාදිතයින් 1229 ක්

කොවිඩ් ආසාදිත මරණ 38 ක් සහ නව කොවිඩ් ආසාදිතයින් 1,229 ක් අද දිනයේ වාර්තා වී ඇත. අද වාර්තා කොට ඇති මරණ 38 ඊයේ සිදු වී තහවුරු කරගත් මරණ වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 3,359 ක් වශයෙනි. අද වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිතයින් 1,229 ත් සමග මෙරටින් වාර්තා…

කොවිඩ් නීතියෙන් රැස්වීම් උද්ඝෝෂණ තහනම් ! කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත සම්මතයට සියල්ල සුදානම් !

මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ, වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. මෙම තහනම ක්‍රියාත්මක කොට ඇත්තේ කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට ක්‍රියාත්මක කොට ඇති නිරෝධායන නීති උපයෝගී කොටගෙනය මෙවැනි ක්‍රියාකාරකම් තුළින් කොවිඩ් කොවිඩ් රෝගය පැතිරයාමේ විශාල අවදානමක් පවතින බැවින් මෙම ක්‍රියා මාර්ග ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

අද මරණ 45 ක් ,ආසාදිතයින් 919 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 45 ක් අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 3,313 කි. නව කොවිඩ් ආසාදිතයින් 919 ක් ද අද දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 267,318 ක් වශයෙනි.

ජනවාරියේ පළාත් පාලන මැතිවරණය සඳහා සජබය වහාම නාමයෝජනා කැඳවයි !

ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම පක්ෂයෙහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. එසේම සජබට සහාය ලබාදීම පිළිබඳ චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් ධුරවලින් ඉවත් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් 70 දෙනාට මෙම නාමයෝජනා වල දී…

බැසිල්ට පාර්ලිමේන්තු එන්න ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ඇස් වූ බව එම පක්ෂ්යේ ආරංචි මාර්ග කියයි. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව සලසමින් මෙම ඉල්ලා අස්වීම සිදු වී තිබේ. ඒ අනුව කලින් වාර්තා වූ පරිදි ජුලි 8 දා , අනිද්දා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්…

සෞඛ්‍ය වර්ජනයෙන් කොවිඩ් තවත් පහළට ! ආසාදිතයින් 816 යි; මරණ 32 යි.

නව කොවිඩ් ආසාදිතයින් අද දිනයේ වාර්තා වී ඇත්තේ 816 ක් පමණකි. එම නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 266,390 ක් වශයෙනි. ඊයේ සිදු වූ බව කියන කොවිඩ් මරණ 32 ක් ද , අද නිල වශයෙන් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 3,268 ක් වශයෙනි….

ජනාධිපති මාධ්‍ය අංශයේ තවත් බොරුවක් මාට්ටු !

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් එන්නත ලැබුණු පළමු දකුණු ආසයානු රට ශ්‍රී ලංකාව බවට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ට්විටර් ගිණුමේ අද උදේ පල වූ වාර්තාව සත්‍යයෙන් තොර බව හෙළිදරව් වෙයි. ෆයිසර් එන්නත් 26,000 ක් තොගයක් ශ්‍රී ලංකාවට අද උදේ ලැබුණු බවට වූ වාර්තාවත් සමග මෙම ප්‍රකාශය පළ වී ඇත. පසුගිය මාර්තුවල මෙම එන්නත ලැබුණු පළමු රට…

‘‘ආණ්ඩුවට ඇති ප්‍රශ්නය පොහොර රසායනික වීම නොවේ‘‘ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්‍රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිඵලය නිෂ්පාදනය අඩුවීම බව කී වික්‍රමසිංහ මහතා එම අඩුව පිරිමසා ගැනීමට රටින් ගෙන්වන සහල් වලට යොදා ඇත්තේ කුමන පොහොරදැයි ප්‍රශ්න කළේය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ…

බැසිල් පාර්ලිමේන්තු පැමිණීම දින නියමයක් නැතිව කල් යයි ! හානිය මකන්න මාධ්‍ය මෙහෙයුම් !!

කලින් වාර්තා වූ පරිදි, බැසිල් රාජපක්ෂ මහතා මෙම මස 8 දා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමක් සිදු නොවන බව අලුත් ආරංචි මාර්ග මගින් තව දුරටත් තහවුරු කරයි. එම වාර්තා කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන දිනයක් තවමත් තීරණය කොට නැති බවයි.  කෙසේ වෙතත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දී පසුගියදා පැවතී, රාජපක්ෂ පවුලේ සකච්චඡාවේ දී බැසිල් රාජපක්ෂ…

කොවිඩ් මරණ 45 ක් ,අසාදිතයින් 1571 ක් අද වාර්තා වෙයි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 45 ක් සහ නව ආසාධිතයින් 1,571 ක් අද වර්තා  වී ඇත. අද වාර්තා කරන ලද්දේ ඊයේ දිනයේ සිදු වී ඊයේ ම තහවුරු කරගත් මරණ 45 කි. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තා අනුව සටහන් වන්නේ 3,236 ක් වශයෙනි. මෙරටින් වාර්තා වී ඇති සහ හඳුනාගනු ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව…