විද්‍යුත්මාධ්‍ය නියාමනය : ඇමති අනුකමිටුව සමග අද විශේෂ සාකච්ජාවක්

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත්මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) සිදුවේ.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සඳහන් කළේ, ඒ සඳහා සාකච්ඡාවක් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි. ඊට පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා මනූෂ නානායක්කාර…

ජාතිවාදී , ආගම්වාදී ප්‍රකාශ නිසා රට නැවතත් අනතුරකට ! – ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’

ජාතිවාදී හා ආගම්වාදී ප්‍රකාශ ⁣හේතුවෙන් රට නැවතත් අනතුරකට යොමුවිය හැකි බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ අවධාරණය කර සිටියි. ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ ප්‍රධාන කාර්යාලයේදී අද (06) පැවති  මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය රොහාන් සමරජීව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

විපක්ෂය විරුද්ධ වන විකාශන අධිකාරී පනතක් ආණ්ඩුවෙන් ගෙනත් නැහැ !

ආණ්ඩුවෙන් ඉදිරිපත් කොට ඇති විකාශන අධිකාරී පනතට ඒකමතිකව විරුද්ධ වන බව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අද ප්‍රකාශ කළ ද එබඳු පනතක් රජය ඉදිරිපත් කොට නැති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. එබඳු පනතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට හෝ ගැසට් කොට හෝ නැත. විකාශන අධිකාරියක් සඳහා යෝජිත ලියවිල්ලක් අධිකරණ අමාත්යංශය විසින් සකස් කොට මහජන අදහස් ලබා…

|

ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට එයින් තල්ලුවක් – රොයිටර්

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ. ශ්‍රී ලංකාවේ දරුණුතම මූල්‍ය අර්බුදය…

රුපියල් 452 කින් ගෑස් මිල පහතට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කොට ඇත. අද (04) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක වෙයි . ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,186කි. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර…

ඔක්කොම එකට එකතු වුණත් 50%ක ඡන්ද පදනමක් නැහැ – ජනපති

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවද ජනාධිපතිවරයා පැවසීය. තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…

ගැස් මිල රුපියල් 400 කින් බසී

  හෙට සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කොට ඇත. එම මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි වෙළෙඳපොළේ මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වන්නේ  රුපියල්  3,638කි.

නතාෂා සිංහල බෞද්ධ !

නතාෂා එදිරිසූරිය නුවර මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උඩරට බොදුගොවි සිංහල බෞද්ධ තරුණියක් බව අනාවරණය වේ.එසේ නම් නතාෂා අන්‍යාගමික යැයි බොරු ප්‍රචාර යවන්නට මුල්වුනේ කවුද? ආගමික නොසන්සුන්තාවයක් රට තුල ඇති කිරීමේ උවමනාවෙන්ම මෙවැනි ප්‍රචාරයක් ගෙන ගිය බව පැහැදිලි නොවේද? නතාෂා සිදු කර ඇත්තේ තමන්ගේ ප්‍රහසනය තුල උපමාවක ආකාරයෙන් තමන් හොඳින්ම දන්නා, තමන්ට ළමා අවදියේ සිට…

දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ ඩොලරය අඩුවෙන්න කලින් ගෙනා භාණ්ඩයි ; මිල අඩුවෙන්න ටික කලක් යාවි – මහ බැංකු අධිපති

දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ ඩොලරයේ අගය අඩුවීමට පෙර ගෙනා භාණ්ඩ නිසා භාණ්ඩ මිල එකවර අඩු නොවන බවත්, ඒ සඳහා පරිවර්තනීය කාලයක් ගතවනු ඇති බවත්, මහා බැංකු අධිපති ආචාර්ය  නන්දලාල වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය, දේශීය එළවලු මිල ගැන මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ එයට හේතුව අස්වනු ලැබීම  ඍතු කාල  අනුව…

|

රට යලි වට්ටන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ – “ජාතික පරිවර්තන මාර්ග සිතියම” ඉදිරිපත් කරමින් ජනපති කියයි

  මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය…

මාස දෙකකින් උද්ධමනය සියයට 10න් පහළට – මහ බැංකු අධිපති

එළඹෙන ජූලි මාසය අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමක අගයයකට පැමිණෙනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.     අද පස්වරුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, “මහ බැංකුව…

රුපියල තවත් පිම්මකින් ඉහළට

  ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 283.87 දක්වා පහත වැටෙමින් අද දින රුපියල තවත් ශක්තිමත් වී ඇත. ඩොලරයක විකුණුම් මිල අද දින වාර්තා වුයේ රුපියල 297.23 ක් වශයෙනි. සියලු වාණිජ බැංකුවල  ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ද ඒ අනුව පහත වැටී තිබේ. ශ්‍රී ලංකාවේ ගිණුම් ශේෂයේ මාස ගණනාවක් තිස්සේ වාර්තා වී ඇති අතිරික්තය මෙම…