කිරිපිටි කිලෝව 350 කින්, පැකට්ටුව 140 කින් නැගී ; 400 පැකට්ටුවේ නව මිල රු: 550 යි

කිරිපිටි සඳහා පාලන මිල ඉවත් කිරීමත් සමග කිර්පිටි කිලෝවක් රුපියල් 350 කින් ද , ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140 කින් ද මිල වැඩි කිරීමට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කොට තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1,300 ක් වන අතර ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 550 ක් වෙයි. මේ අතර වරායේ ඇති කිරිපිටි…

ආණ්ඩුවේ තුට්ටු දෙකේ වාග් ප්‍රහාරය – නිශාන්ත කමලදාස

ඔබ සතුව ඩොලර් තිබේ නම්, හෙට අනිද්දා ඩොලරයේ මිල ඉහළ යන බවට ඔත්තුවක් ඔබට ලැබී ඇත්නම් සහ ඔබට රුපියල් අවශ්‍යතාවයක් මේ මොහොතේ නැත්නම්, ඔබ, ඔබ ළඟ ඇති ඩොලර් මාරු නොකර ළඟ තබා ගන්නවා ද? ඔබ සතුව ඇති ඩොලර් සඳහා බැංකුව රු 203 ක් ගෙවද්දී කිසිදු කරදරයකින් තොරව වෙනකෙකු රු 230 ක් ගෙවන්නේ නම් ඔබට රුපියල්…

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල පාලනයෙන් ඉවතට ; ඇමති මණ්ඩලය තීරණය කරයි

කිරිපිටි, ගෑස් , තිරිඟු පිටි සහ සිමෙන්ති සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ ඇමති මණ්ඩලය තීරණය කොට ඇත. මෙම භාණ්ඩවල පාලන මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කොට තිබු නිර්දේශ ගැන සාකච්ඡා කළ අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත්තේ පාලන මිල වැඩි කිරීම වෙනුවට මිල…

තේ වගාවට රසායනික පොහොර යොදන්න අවසර ; පොහොර ආනයන තහනම ඉවත් වෙයි

තේ වගාව සඳහා රසායනික පොහොර යෙදීමට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ ඊයේ පැවති විශේෂ රැස්වීමේ දී තීරණය කොට ඇති අතර ඒ අනුව රසායනික පොහොර මෙරටට ගෙන්වීමට පනවා තිබු තහනම ද ඉවත් වෙයි. රසායනික පොහොර නොමැතිව තේ වගාව කරගෙන යා නොහැකි බව වතු සමාගම් රජයට පෙන්වා දී තිබීම නිසා සහ තේ අස්වැන්න මේ වනවිටත් පහළ වැටෙමින්…

අද කොවිඩ් මරණ 44 යි ; නව ආසාදිතයින් 772 යි

අද දිනයේ රජය නිවේදනය කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 44 ක් වන අතර නව ආසාදිතයින් සංඛ්‍යාව 772 කි. මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 13,229 කි. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 523,550 ක් වශයෙනි.

ඩයනා ගමගේ සජබයෙන් නෙරපයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බව එම පක්ෂය නිවේදනය කරයි. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද මේ බව නිවේදනය කොට ඇත. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙමින් ආණ්ඩු පක්ෂය සමග එක්වීම මෙලෙස පක්ෂයෙන් නෙරපීමට හේතු වී තිබේ. සමගි ජන බලවේගය…

මහ බැංකු අධිපති වූ කබ්රාල්ගේ ඇමති ධුරය අහෝසි කරයි ; බලතල බැසිල්ට

මහ බැංකු අධිපති ධුරයට පත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එතෙක් දැරූ මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ඇමති ධුරය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අහෝසි කොට ඇත. කබ්රාල් මහතා මහ බැංකු අධිපති තනතුර භාර ගැනීම සඳහා රාජ්‍ය ඇමති තනතුරින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් වී ය. ඉන්පසු එම තනතුර හිස්ව පැවතුනි. නව ගැසට්…

රසායනික පොහොර තහනමට එරෙහිව සජබෙන් මුලික අයිතිවාසිකම් පෙතසමක්

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නිසා මෙරට ගොවි ජනයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි මානව ආයිතිවාසුකම් පෙත්සමක් සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කොට ඇත. සමාගී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සමග හේමකුමාර නානායක්කාර සහ පී හැරිසන් මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ. ඔවුන් මෙම පෙත්සම ඉදිරිපත් කොට…

ඉහළ යන මිල ගණන් පිළිබඳව කළ හැක්කේ කුමක් ද? – මහාචාර්ය රොහාන් සමරජීව

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මුල්‍ය විනයට ආණ්ඩුව දක්වන ප්‍රතිරෝධය මගින් අප අර්බුදයේ ගිලීම වේගවත් කරයි. පාරිභෝගික භාණ්ඩ හිඟ වීම සහ සීමා කිරීම මහජනයාට දැනෙන්නට පටන්ගෙන තිබේ. ආණ්ඩුවේ ආනයන පාලන හේතුවෙන් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟ වීම් සෑම අංශයකම නිෂ්පාදකයින්ට දැනෙන්නට පටන්ගෙන ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැම් විට මේ කිසිවක් නොදැනෙනවා විය හැකි ය. පුරවැසියන්ට එක පසෙකින් වැඩි…

අද කොවිඩ් වාර්තා ; මරණ 43 යි ; නව ආසාදිතයින් 776 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 43 ක් සහ නව ආසාදිතයින් 776 ක් අද දිනයේ රජය තහවුරු කොට ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 13,185 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 522,776 ක් දක්වා ඉහළ ගොස් ඇත.

හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම – ධනනාත් ප්‍රනාන්දු

මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’ අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා…

ජනාධිපතිගේ කැබිනට රැස්වීම හෙටත් නෑ ! බඩු මිල තීරණය කල් යයි !! හිගය, පෝලිම් දිගට ම !!!

කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල වැඩිකිරීම ගැන අවසන් තීරණ ගැනීමට ජානාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක් හෙට දිනයේ දී ද නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද ප්‍රකාශ කළේ ය. හෙට පැවැත්වෙන්නේ කැබිනට් රැස්වීමක් නොවන බවත්, සති කිහිපයකින් කැබිනට් මණ්ඩලය හෝ නිලධාරීන් හමු නොවූ ජනාධිපතිතුමා ඔවුන් හමුවීමට කැමැත්තෙන් සිටින බව බමනක් දැනුම් දී ඇති බවත් ඒ…