සජිත්ටත් හොරෙන් කබීර් නාමල්ට පාර ඇරලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිතා කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – බෙලිඅත්ත කොටස පෙරේදා (12) මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් විවෘත කරදී තිබේ.  තවමත් සම්පූර්ණයෙන්ම වැඩ නිමවී නොතිබියදීත් මෙම මාර්ගය වහාම විවෘත කරදීමට කබීර් හෂීම් මහතා කටයුතු කර ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ලැබුණු…

එජාප කෘත්‍යාධිකාරියේ 65%ක් රනිල්ට ; ප්‍රබලයින්ගේ තක්සේරුවක්

ජනාධිපති අපේක්ෂකත්වය සදහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ චන්දයක් පැවැත්වුවහොත් එහි 65% වැඩි බහුතර බලයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව ඔහුට සහය දක්වන ප්‍රබලයෙන්ගේ හමුවකදී තක්සේරු කොට ඇත . මෙම තක්සේරු කිරීම සිදු වූ සාකච්චාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ලක්ෂ්මන් කිරිඇල්ල , සාගල රත්නායක ,රවී කරුණානායක , අකිල විරාජ් කාරියවසම් , ජෝන් අමරතුංග…

ගජධීර වෙනුවට මනෝජ්, සාලින් ද වෙනුවට හෙරත්, ශාන්ත වෙනුවට ශාන්ත ට පත්වීම්

ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යළිත් ඒ මහතාගේ නම යෝජනා කළ බව එක්සත් නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා මන්ත්‍රී ධුරයට මනෝජ් සිරිසේන මහතාව නම් කර තිබේ. මනෝජ් සිරිසේන හිටපු පළාත් අමාත්‍ය…

අජිත්.පී පෙරේරාගේ – සුජීව සේනසිංහගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට විනය කමිටුව තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇතැයි ද පැවසේ. විනය කමිටුවේ තීරණය පක්ෂ නායකයා වෙත බාරදුන් පසුව ඒ පිළිබඳව නැවත සලකාබලා…

රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම වැරදියි. ඒක ඒකාධිපතිපති වාදය මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි – සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

සේරම එකතැනකට ගන්න එක ඒකාධිපතිපති වාදය මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම වැරදියි. සදාචාරාත්මක නෑ. ඒ නිසා ඒක නැවත ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනව. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා එසේ පැවසුවේ, රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම හා වත්මන් දේශපාලන තත්ත්වය…

වයස 70ක් ‍වන තෙක් දේශපාලනයේ තනතුරු රැසක් දැරූ මට විශ්‍රාම යාම අසීරු නෑ ; අමාරුම කාලවල පක්ෂය රැක ගත්තා – අගමැති රනිල්

වයස අවුරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම අසීරු කටයුත්තක් නොවන බවත් පක්ෂයේ නායකයන් ජීවිත පූජා කරද්දී පක්ෂ නායකත්වය භාර ගනිමින් අසීරුම කාලයේ දී පක්ෂය රැක ගැනීමට තමා ක්‍රියා කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ බියගම…

‘ජනපතිට නායකත්වය’වගන්තිය එජාප ව්‍යවස්ථාවේ නෑ

වසර 1994 දී ගාමිණි අතුකෝරල මහ ලේකම්වරයා ගත් තීන්දුවක් : එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. ඉහත වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත්තේ 1994 වසරේ දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු…

සජිත්ගේ හිත හොදයි; වෙනත් අය ඔහුව පාවිච්චි කරනවා – මංගලට හා මලික්ට රාජිත කියයි

සජිත් ප්‍රේමදාස මහතා හිඳ හොඳ නායකයකු බවත්, එහෙත් වෙනත් අය ඔහුව පාවිච්චි කරන බවත්, ප්‍රශ්නය වන්නේ සජිත් ස්වාධීන නායකයකු නොවීම බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා මලික් සමරවික්‍රම හා මංගල සමරවීර ඇමතිවරුන්ට පවසා ඇත. එජාපයට හානි කළ බලවේග සජිත් පිටුපසින් සිට ඔහු මෙහෙයවීම බරපතළ ප්‍රශ්නයක් බවත් එවැන්නෙකුට නායකත්වය ලාබාදිය නොහැකි බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට…

මහජන සම්පත රන්කිරුල 4000 විශාල ජනකායකගේ සහභාගිත්වයෙන්

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක‍්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැුයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික ඔබටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින අපට හැකි විය.රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා ඔදහදඒ ඍමිය ීඹඪ මෝටර් රථය,ඔදහදඒ අසටද…

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය – පුණ්‍යා සමරකෝන්

“වනේ ගිජිදාය දුටුවොත් වනසාය, ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය, අතකින් කර වැලකි, අතෙකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය.” සජිත් ප්‍රෙමදාසගේ ජනාධිපති කතාන්තරයත් මෙවැනි භයානක පැණි කෑමක් වැනිය. අතෙකින් කිලී මහරාජාය, අනෙක් අතින් තමා උසිගන්වමින් ගොඩයෑමට දගලන සගයින්ය. ඔක්කොටම හපන් දෙයනම්, ආපසු හැරෙන්නට ඇති ලජ්ජාවය. ඒ හැමදේම ගැන හිතන විට දැන් ඉතින් පැණි කනවා හැර වෙන…

ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි

  ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී  මුදල් අවභාවිත  කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු  පිරිසකට එරෙහිව  පවරා ඇති නඩුව විභාගයට අධිකරණ බලයක් නොමැති යයි නියෝග කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් දෙකම විභාගයට නොගෙන ඉවත දැමීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) තීන්දු කළේය. මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට…

“ඉවසීමෙන් සැනසීම ලැබේ” – සජිත් ප්‍රේමදාස

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (10) රාත්‍රි පැවති සාකච්ඡාවෙන් පසුව ජනමාධ්‍යයට අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ  “ඉවසන්න, ඉවසන්න.. ඉවසීමෙන් සැනසීම ලැබේ” යනුවෙනි. ඒ මහතා මේ කතාව දෙවරක්ම කීම ද විශේෂත්වයකි. මෙහිදී ඇතැම් ජනමාධ්‍ය සජිත්ගෙන් යම් ප්‍රහාරාත්මක ප්‍රකාශයක් ලබාගැනීම සදහා දැඩි උත්සාහයක් දැරුවද ප්‍රේමදාස මහතා ඒ සියල්ල මගහරිමින් කීවේ “සුබවාදි…