එජාපෙ ප්‍රමුඛ සන්ධානය හෝ සජිත් හෝ උතුරේ කවර පක්ෂයක් සමඟවත් කිසිම ගිවිසුමක නෑ – අගමැති රනිල් යාපනයේදී කියයි

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමඟ රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව අවධාරණය කළ අගමැතිවරයා ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන්නැයි…

පෑඩ් මෑන් කතාවෙන් ඇනගත්තාට පොහොට්ටු ෆේස්බුක් බලකායට ගෝඨාගෙන් දැඩි දෝෂාරෝපණයක් !

අහක යන පෑඩ් මෑන් කතාවක් ඇදගැනීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අතිවිශාල ප්‍රචාරණ වාසියක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල මෙහෙයුම් කමිටුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.  අනෙකුත් අපේක්ෂකයින්ව විවේචනය කිරීම වෙනුවට තමන්ගේ ප්‍රතිපත්ති මූලික කරගනිමින් දේශපාලනය කරන බව පළමු පියවරේදීම තමන් ප්‍රකාශ කළ බව…

තමිල් අරසු කච්චි පක්ෂයේ සහය සජිත්ට

දෙමළ ජාතික සන්ධාන‍යේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය. ජනාධිපතිවරණයේදී  සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අද (03)  පැවැති  මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත්…

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් හානියක් වේ නම් ඒ ගැන හෙළිකරන්න – මුදල් ඇමති මංගල සමරවීර

ජනාධිපතිරවණය පැවැත්වෙන අවස්ථාවකදී ජනතාව මුලානොකර මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුමෙන් (MCC) රටට සිදුවන හානියක් වේ නම් ඒ පිළිබඳ හෙළිකරන්නැයි අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එහිදී මෙසේ සඳහන් වේ. රංජන් කස්තුරි ලංකාදීප

ශ්‍රී ලනිපයේ ශාන්ත බණ්ඩාරටත් අලව්වේදී පොහොට්ටුවෙන් නොනවතින හූවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට ද ඊයේ (01) අලව්වේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියේදී නොනවතින හූවක් අසාගැනීමට සිදුවිය.  ඒ මහතා රැළිය අමතන අතර පොහොට්ටු සාමාජිකයින් නොනවත්වාම හූ කියන අයුරුත් හූ හඬ මැදින් පැටළි පැටළී ඒ මහතා සිය කතාව නොනවත්වා කරගෙන යන අයුරුත් එහිදී දක්නට ලැබිණි. …

අපි ගේම ගහන්නේ ජන බලයෙන් – නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

අපි ගේම ගහන්නේ ජන බලයෙන්, අපි ගහන්නේ ජන සවියෙන්, අපි ගහන්නේ ජන ශක්තියෙන්. අපි ළග මැර බලයක් නැහැ. අපි ළඟ කුඩු බලයක් නැහැ. අපිට උදව් කරන්න පචවාහිනී නැහැ. අනේ මිත්‍රවරුණි අද පචවාහිනී ඔක්කොම පචයක් කරනවා. ඒ නිසා සියලු දෙනාටම මම කියන්න කැමැතියි මම මැතිවරණ රැස්වීම් 151ක් කරනවා. හැම එකක්ම සජීවීව මුහුණු පොතේ යනවා. එතකොට මුළු…

අගමැති අද-හෙට උතුරේ ජනරැලි රැසක

එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව, මුතූර්, මන්නාරම, යාපනය, කිළිනොච්චි, චාවකච්චේරි, නෙල්ලිඅඩි, මනිපායි යන ප්‍රදේශයන්හී ජනහමු රාශියක් අද (2) සහ හෙට (3) පැවැත්වේ. ඒ අනුව අද (2) වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ව්‍යාපාරික හමුවක් උදේ 10 ටද, එහිදීම උදේ 11.30 ට තරුණ හමුවක් ද පැවැත්වෙන අතර මුතූර් තෝපූර් ප්‍රාදේශීය සභා භූමියේදී…

උතුරේ ඡන්ද වර්ජන තැත අසාර්ථකයි

උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කරීමට ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ දෙමළ පක්ෂවල සහය නොලැබීම නිසා ආසාර්ථක වී ඇත. උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු සිංහල පක්ෂයකට සහය නොදෙන නමුත් ජනතාවට තමන් කැමැති ආකාරයෙන් ඡන්දය භාවිත කිරීමට  ඉඩ හරින බවයි. දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කොට ඇත්තේ තැපැල් ඡන්දයේ දී මහජනයාට…

ශ්‍රීලනිප චන්ද්‍රිකා පිල -එජාපෙ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය දෙන ශ්‍රීලනිප කණ්ඩායම  සහ එක්සත් ජාතික පෙරමුණ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීම අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී (1) සිදු කෙරින .. ඒඅනුව ශ්‍රීලනිප කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට එක්වනු ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත…

අයිඑස් ත්‍රස්තවාදය මඬින්න ජගත් සහාය ඕනෑ කී කතාව විවේචනය කළ අය නායකයාගේ ඝාතනය ගැන නිහඬයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා හා ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳ වචනයක්  ප්‍රකාශ කර නැති බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂාව සහ දේශ‍ප්‍රේමය පිළිබඳව පම්පෝරි ගසමින් දේශපාලන වාසි ලබාගැනීම හැර රට පිළිබඳ හෝ රටේ…

වසර 52කට පසු ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් – ප්‍රමාණය බිලියන 91ක් – ප්‍රචාරණයට මහජන මුදල් වැය ‍කෙළේ නෑ

වසර පහක් පුරාවට ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, රජයේ වැටුප්, විශ්‍රාම වැටුප් , මහා මාර්ග සංවර්ධනය, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය, ව්‍යවසායක පහසුකම්, කෘෂිකර්මය, සමෘද්ධි, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කර 2018 වසර වන විට ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට ද සමත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය. එම ප්‍රමාණය…

පොහොට්ටුවේ සහයට ගිය ශ්‍රී ලං.නි.ප. මන්ත්‍රීන්ට අල්ලපු අත්තත් නෑ: පයගහපු අත්තත් නෑ

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා ගිය ශ්‍රී ලං.නි.ප. මන්ත්‍රීවරුන්ට පොහොට්ටු පාක්ෂිකයන්ගේ හූ හඬ නිසා පොහොට්ටු වේදිකාවට නගින්න බැරි වී ඇති අතර තම ප්‍රදේශවල ශ්‍රී ලං.නි.පාක්ෂිකයන්ගේ විරෝධයට ලක්වීමට ද සිදුව ඇති බව වාර්තාවෙයි.  මෙයට හේතුවී ඇත්තේ කුමන හේතුවක් නිසාවත් තමන්ට පොහොට්ටුවට සහය දිය නොහැකි බව ශ්‍රී ලං.නි.පාක්ෂිකයන් මන්ත්‍රීවරුන්ගේ මුහුණටම ප්‍රකාශ කිරීම නිසාය. පසුගියදා…