අද කොවිඩ් මරණ 204 යි ; නව ආසාදිතයින් 3619 යි

කොවිඩ් ආසාදිත මරණ 204 ක් රජය අද නිල වශයෙන් තහවුරු කළේ ය. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,604 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,619 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 447,749 ක් වශයෙනි. මේ අතර ලේඩි රිජ්වේ රෝහලේ ප්‍රත්කාර  ලැබූ ළමා කොවිඩ් රෝගීන්…

ජනාධිපතිගේ හදිසි නීති නියෝග සඳුදා පාර්ලිමේන්තුවේ අනුමැතියට

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් පසුගීය සඳුදා ප්‍රකාශයට පත් කළ හදිසි නීති නියෝග ලබන සඳුදා ( 6 දා ) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අද පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපති කරන නියෝගයක් රටේ හදිසි…

වාණිජ බැංකුවල ඩොලරය රුපියල් 226 ට නිල වශයෙන් විකුණයි ; මහා බැංකුවේ මිලට ඩොලර් නෑ

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇතත්,මෙරට පෞද්ගලික වාණිජ බැංකු අද ඩොලර් විකුකන ලද්දේ ඩොලරය රුපියල් 225 -226 මිල ගණන් යටතේ ය. ඒ බව එම බැංකුවල දැන්වීම් සහ වෙබ් අඩවි වල නිල වශයෙන් ප්‍රසිද්ධ කොට තිබිණි. රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව ඩොලරයේ වීකුනුම් මිල…

අද නිල කොවිඩ් මරණ 215 යි ; ආසාදිතයින් 3828 යි

ආණ්ඩුව අද නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 215 කි. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,400 ක් ලෙස සටහන් වෙයි. අද නිල වශයෙන් වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,828 ක් වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 444,130 ක් ලෙස සටහන් වී…

එජාප සභාපති වජිරගේ අද මාධ්‍ය හමුව නාරාහේන්පිට අභයාරාමයේ දී

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද නාරාහේන්පිට අභයාරාමයේ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබී ය. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ සහ අද ආණ්ඩුවේ විවේචකයකු වී සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන නාරාහේන්පිට අභයාරාමයේ දී එජාප සභාපතිවරයා මාධ්‍ය හමුවක් පැවැත්වීම වීශේෂත්වයකි. 2015 දී බලයෙන් පහ වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා…

අද කොවිඩ් නිල නිවේදන ; මරණ 194 යි ; ආසාදිතයින් 4221 යි

කොවිඩ් ආසාදිත මරණ 194 ක් රජය අද නිල වශයෙන් තහවුරු කොට ඇත. එම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,000 සීමාව ඉක්මවා ගිය අතර එය සටහන් වුයේ 9,185 ක් වශයෙනි. අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කළ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,221 කි . මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 440,802…

මහ බැංකුව කොට උඩ ! ඩොලරය පාලනයකින් තොරව ඉහළට !!

ශ්‍රී ලංකා රුපියල සහ ඇමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ විනිමය අතර සම්බන්ධය තීරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට මෙතෙක් තිබු හැකියාව අහිමි කරමින් මහ බැංකුවේ මිල නියමයන් නොතකා ඩොලරයේ අගය ඉහළ යමින් රුපියලේ අගය පහත වැටෙමින් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි. මෙය වඩාත් කැපී පෙනෙන්නේ මහ බැංකුවේ උපදෙස් නොතකා ඩොලරය රුපියල් 220 – 225…

කොවිඩ් ආසාදිත සංඛ්‍යාවට 10,000 ක් අද එකතු කරයි ; වැඩි ම මරණ වාර්තාවත් අද

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පිලිබඳ නිල වාර්තාවට ආසාදිතයින් 9,911 ක සංඛ්‍යාවක් අද දිනය තුළ එකතු කරනු ලැබී ය. ඒ අනුව ඊයේ දිනය අවසානයේ 426,169 ක් වශයෙන් පැවති සමස්ත ආසාදිත සංඛ්‍යාව අද දිනය අවසානයේ සටහන් වුයේ 436,081 ක් වශයෙනි. අද දිනයේ අලුතින් සොයාගත් ආසාදිතයින් 4,562 ක සංඛ්‍යාවට අමතරව පසුගිය දිනවල එකතු කිරීමට අත පසු වී…

රසායනික පළිබෝධ නාශක සඳහා පැනවූ තහනම ලිහිල් කරයි

රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත . පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව ,තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත . ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කෘෂි රසායන…

බඩු මිල පාලනයට ජනාධිපති හදිසි නීති පනවයි

වේගයෙන් ඉහළ යන බඩු මිල පාලනය කිරීමට මහජන ආරක්ෂක පනත හෙවත් හදිසි නීතියේ රෙගුලාසි කිහිපයක් අද රාත්‍රී සිට ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කොට ඇත. සඟවා ඇති භාණ්ඩ ඇත අඩංගුවට ගැනීමට, මිල පාලනයට, සහ වැඩි මිලට විකුණන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නිලධාරීන්ට බලය පැවරීමට මෙම රෙගුලාසි ක්‍රියාත්මක කළ බවව එම නිවේදනයේ දැක්වෙයි. වී,…

තවත් මරණ 192 ක් , ආසාදිතයින් 4612 ක් අද වාර්තා වෙයි

රජය අද වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 192 කි. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8775 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජය අද වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,612 ක් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 426,169 ක් ලෙස වාර්තා වෙයි.

නිල කොවිඩ් වාර්තා : අදත් මරණ 212 යි ; ආසාදිතයින් 4596 යි

රජය නිකුත් කරන නිල වාර්තා අනුව අද දින තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 212 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583 ක් ලෙස නිල වාර්තාවල සටහන් වෙයි. රජයේ වාර්තා අනුව අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,596 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ…