”විස්ස ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්”  -අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කරයි

”විස්ස ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්”  -අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කරයි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ මීට ටික…

ගම්පහ ඔසුසල්-වෙළඳසල් හෙට සිට වසාදමයි

කොරෝනා වයිරස තත්වය පාලනය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඔසුහල් ඇතුළු සියලුම වෙළඳසල් හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඉතා අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් නිවෙස්වලින් බැහැරව යාමට අවස්ථාව සලසා දී තිබීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන අනවශ්‍ය ලෙස භාවිතා කරන…

20 න් රට ආපස්සට ගියත් , පොරොන්දු කැඩුවත් ආණ්ඩුව එක්ක හැප්පෙන්නේ නැහැ – ශ්‍රීලනිප හිටපු ප්‍රධාන ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

20 න් රට ආපස්සට ගියත් , පොරොන්දු කැඩුවත් ආණ්ඩුව එක්ක හැප්පෙන්නේ නැහැ – ශ්‍රීලනිප හිටපු ප්‍රධාන ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

20 වන ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සිදු වන්නේ රට ආපස්සට යාමක් බවත් , ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය තම පක්ෂයට දුන් පොරොන්දු කඩකොට ඇති බවත් , කලකිරීමෙන් සිටියත් මේ මොහොතේ ආණ්ඩුව සමග හැප්පෙන්නේ නැති බවත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි. පාස්කු ඉරිදා ප්‍රශ්නය මුල්කරගෙන පක්‍ෂ…

බොරැල්ලේ හෝටල් දෙකකට සීල් ; තිහාරියේ කම්හලක් වසයි ; බියගම කලාපයේත් කොවිඩ්.

බොරැල්ලේ හෝටල් දෙකකට සීල් ; තිහාරියේ කම්හලක් වසයි ; බියගම කලාපයේත් කොවිඩ්.

කොවිඩ් 19 ආශ්‍රිතයින් ඇතැයි හඳුනාගත් බොරැල්ලේ හෝටල් දෙකකට මේ වනවිට සීල් තබා ඇතැයි වාර්තා වෙයි . තිහාරියේ පිහිටි කර්මාන්ත ශාලාවකින් ද කොවිඩ් 19 රෝගියකු හමුවීම නිසා එම කම්හල වසා දමා සේවකයන් පරීක්ෂණ සඳහා යොමුකර ඇත . බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවකින් ද කොවිඩ් 19 රෝගියකු හමු වී ඇත . ඇඟලුම් සඳහා නූල් නිපදවන…

පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

පලමු රැල්ල පාලනය ගැන අප සිටියේ අධිතක්සේරුවකයි.. කොහේ හෝ වැරදුනා.. තවත් පොකුරක් ඇති විය හැකියි..- හමුදාපති

මුල් වටයේදී කොරෝනා පාලනය කිරීම ගැන ජනතාව ඇතුළු බොහෝ දෙනා අධිතක්සේරුවක සිටි බවත් එනිසා නැවත වතාවක් රැල්ලක් ඇති වීමට එම තත්වය ඉවහල් වූ බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොහේ හෝ තැනක අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදු වී ඇතැයි පෙනෙන්නට ඇති බවද ඔහු පවසයි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග TRUTH WITH CHAMUDITHA අන්තර්ජාල…

එජාපය බඩු මිල අඩු කළේ පිටරටින් ගෙනල්ලයි ; අපි එහෙම කරන්නේ නැහැ – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

එජාපය බඩු මිල අඩු කළේ පිටරටින් ගෙනල්ලයි ; අපි එහෙම කරන්නේ නැහැ – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

එක්සත් ජාතික පක්ෂ රජය බඩු මිල අඩුකලේ මිල ඉහල යන විට පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමෙන් බවත් , දේශීය ගොවියා සහ ව්‍යාපාරිකය ගැන සිතා තම රජය එසේ නොකරන බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. පිටරටින් ගෙනවිත් දෙන්නේ නම් සහල් කිලෝව රුපියල් 79 කට දිය හැකි බවද ඒ මහතා කීය. කෙසේ වෙතත් දේශීය ව්‍යාපාරිකයා…

ගම්පහ ගම තුනක් , මන්නාරමේ දෙකක් අගුළු දමයි

ගම්පහ ගම තුනක් , මන්නාරමේ දෙකක් අගුළු දමයි

      ගම්පහ දිස්තික්කයේ ගම් තුනක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ගම් දෙකක් අගුළු දම හුදෙකලා කිරීමට අද දිනයේ කටයුතු කොට ඇත . ගම්පහ දිස්ත්‍රික්කයේ අගුළු දමා ඇත්තේ අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගම තුනකි. මෙම ගම්වලින් කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

ඇඟලුම් කොරෝනා පොකුර 1307ක් දක්වා ඉහළට… අද මේ වනවිට ආසාදිතයින් 121ක්…

ඇඟලුම් කොරෝනා පොකුර 1307ක් දක්වා ඉහළට… අද මේ වනවිට ආසාදිතයින් 121ක්…

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේන් මතු වූ කොවිඩ් – 19 පොකුරේ ආසාදිතයන් ගණන තව දුරටත් වර්ධනය වෙමින් අද (11) දිනයේද මේ වනවිට 121 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 39 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් වන අතර අනෙක් 34 දෙනා ඔවුන්ගේ සමීපත ආශ්‍රිතයින් වේ. එමෙක්ම තවත් 84 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් හෝ ඔවුන්ගේ…

විරෝධතාකරුවෝ ජනපති හමුවේ දණගසති. 20ට ඡන්දය දෙන්න පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් පොරොන්දුවක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්තිවලට එරෙහිව දැඩි විරෝධයක් පළකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අවසානයේ සියලු විරෝධතා හකුළා ගනිමින් කවර තත්වයක් යටතේ හෝ එය පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බලයෙන් සම්මත කරදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇති බව වාර්තා වේ. පසුගිය 09 වනදා මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විශේෂ රැස්වීමේදී ජනාධිපතිවරයා…

20 ට ජනමත විචාරණයක් ඕනෑ ! – අධිකරණ තීන්දුව බව කියන ලියවිල්ලක් අන්තර් ජාලයේ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධිකරණ තීන්දුව යයි කියන නිල නොවන ලියවිල්ලක් අන්තර්ජාලයේ පල වී ඇත . ඒ අනුව එහි වගන්ති හතරක් සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණ නියෝගය යයි කියන ලියවිල්ලේ සඳහන් ය. එයින් දෙකක් සංශෝධනය කළ හැකි ආකාරය එහි දක්වා ඇත . අනෙක් දෙක සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව කියති . ජනමත විචාරණයක් අවශ්‍ය බව කියන ප්‍රධාන වගන්තිය වන්නේ ජනාධිපතිවරයාගේ මුක්තිය පිලිබඳ වගන්තියයි. කෙසේ වෙතත් , නිල අධිකරණ තීන්දුව…

|

කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් , ශල්‍යාගාරයක් වසයි

කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක්  වසා දමා ඇති බව සෞඛ්‍යය  ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි. එම රෝහලේ සේවකයන් තිදෙනකුට කොවිඩ් 19 වැළඳී  ඇතැයි තහවුරු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. රෝහලේ සෙසු සේවකයන් සහ රෝගීන් ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකොට තිබේ. පානදුර රෝහලේ සේවිකාවකට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීම නිසා…

’’මූ මහා තක්කඩියෙක්’’ – 20 ගැන රැස්වීමේදී විමල්ගෙන් නිමල්ට මල්ටි බැරල් ප්‍රහාරයක් !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී පැවැත්වූ වැඩමුළුවේදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට විමල් වීරවංශ අමාත්‍යවරයා සියල්ලන් ඉදිරියේ ඉතාම දරුණු අන්දමින් බැනවැදී ඇති බව වාර්තා වේ.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී 20 පිළිබඳව මොහොමඩ් අලි සබ්‍රි මහතා…