සමස්ත කොවිඩ් මරණ 12,000 පන්නයි ; දිනෙක මරණ 84 ට බසී

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 84 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා ගිය අතර අද එය සටහන් වුයේ 12,022 ක් වශයෙනි. අද දිනය තුළ මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස වාර්තා කොට ඇත්තේ 1,983 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත…

මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වනු ඇතැයි වාර්තා වෙයි. තානාපති ධුරය භාර ගංඑඑඑම සඳහා ඒ මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ඇස වී තිබේ. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනත ආරිය සිංහ මහතා පසුගිය සතියේ සිය තනතුරින් විශ්‍රාම ලැබී ය. ඇමෙරිකාවේ සංචාරයක් සඳහා ජනාධිපතිතුමා…

ජනාධිපති ඇමෙරිකා යයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද උදේ ඇමෙරිකාව බලා  පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. නිව්යෝක් නුවරට යන ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සැසිවාරය ඇමතීමට නියමිතය. නිව්යෝක් හි දින කිහිපයක් ගත කරන ජනාධිපතිතුමා කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා යාමට නියමිත බව ද වාර්තා වෙයි.

සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවයි

අද රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 121 කි. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද ලක්ෂ පහ ඉක්මවා ගියේ ය. අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 2,070 ක් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ…

ජනාධිපති රට ගොස් එන තෙක් ඇඳිරි නීතිය දීර්ඝ කරයි !

දැනට රටේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස පළමුවන සිකුරාදා පෙරවරු 4.00 දක්වා දින දහයකින් දීර්ඝ කොට තිබේ. මීට පෙර සතියෙන් සතිය දීර්ඝ කළ ඇඳිරි නීතිය මෙවර එකවර දින දහයකින් දීර්ඝ කිරීමට තීරණය කොට ඇත. ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරය නිසා මෙම දීර්ඝ කිරීම සිදුව ඇතැයි නිරීක්ෂකයෝ කියති. 21 වැනි දා සිය ඇමෙරිකානු සංචාරය ආරම්භ කරන ජනාධිපතිවරයාට …

දැන් තියෙන්නේ සීතාම්බර පටල පැළඳ ඉන්නා බවට පාරම් බෑම ය – නිශාන්ත කමලදාස

  ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති තුමා වැලිකඩ බන්ධනාගාරයට මත් පැන් පානය කොට පිස්තෝලයක් ද වනමින් බලහත්කාරයෙන් ඇතුළු වී “යකා නැටූ” බවට පුවත් පත් වල තොරතුරු පළ විය. ඊට පසු දින ඔහු අනුරාධපුර බන්ධනාගාරයට ද කඩා වදිමින් පිස්තෝලයක් පෙන්වා සිරකරුවන් කීප දෙනෙකුට තර්ජනය කළ බවත් ආරංචි පළ විය. ඔහු වෙන කෙනෙකු නොවී බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා වීම…

සීනි වැටලීමත් කොට උඩ ! සැඟ වූ තොග නැහැ ! රටින් සීනි ගෙන්නන්න අවසර !!!

  රජයේ ඇතැම් මැති ඇමතිවරුන් කියූ තරම් සැඟ වූ සීනි තෝග රට තුළ නැති බව අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවත්, ඒ අනුව රටින් සීනි ගෙන්වීමට මුදල් ඇමතිවරයා අවසර දී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. සීනි තොග තිබිය හැකි සියලු ස්ථාන පරීක්ෂා කළ ද අත්‍යවශ්‍ය…

අද කොවිඩ් මරණ 118 යි ; නව ආසාදිතයින් 2271 යි

  රජය අද දිනයේ නිල වශයෙන් නිවේදනය කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 118 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළ ගොස් ඇත. රජයේ නිවේදනයට අනුව අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2,271කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 498,694 ක් දක්වා ඉහළ ගොස් ඇත….

නයිට්‍රජන්, පොටෑසියම්, පොහොර ගෙන්න කාබනික ලේබලයෙන් අවසර !

තේ, පොල්, රබර්, ඇතුළු සියලු වගාවන් සඳහා භාවිතයට නයිට්‍රජන් සහ පොටසියම් පොහොර ගෙන්වීමට පොහොර සමාගම්වලට අවසර දුන් බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. පෞද්ගලික අංශයට ද මෙම අවසරය දෙන බව ඒ මහතා වැඩි දුරටත් පවසයි. ඇමතිවරයා කියන්නේ මෙම පොහොර කාබනික පොහොර බවයි. කෙසේ වෙතත්, විද්‍යාත්මකව මෙම දෙක ම සැලකෙන්නේ රසායනික වශයෙනි. අනෙක් අතට…

මහාචාර්ය ජී එල් විදේශ ඇමති වෙද්දී, මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාර තානාපති ධුරය හැර දා ගෙදර එයි !

මියන්මාර තානාපති ලෙස පත්ව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිය තනතුරින් ඉවත් වී සියරට පැමිණ ඇති බව වාර්තා වෙයි. තානාපති ධුරයෙන් රටට වැඩක් කරන්නට තමන්ට නොහැකි වී ඇති නිසා ඉල්ලා අස්වන බව ඒ මහතා විදේශ අමාත්‍යංශයට දන්වා ඇති බව ද වාර්තා වෙයි. වත්මන් විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සේවය කළ කොළඹ විශ්ව…

අද කොවිඩ් මරණ 132 යි ; නව ආසාදිතයින් 2314 යි

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 132 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛාව සටහන් වන්නේ 11,699 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 2,314 ක් වශයෙනි. මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව අද සවස වාර්තා කොට ඇත්තේ 496,422 ක්…

බීමතින් බන්ධනාගාර දෙකකට පැන්න රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි –

බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී රැඳවියන්ට ද තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය. ලොහාන් රත්වත්තේ මහතා සිය…