ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ල විභාගයට

  හෝමාගම අධිකරණ ශාලාව තුළදී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පැමිණිල්ල විභාග කිරීමට ඊයේ (28) තීරණය කෙළේය. ඒ අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රය…

|

රතන හිමි ස්වාධින වෙන්නේ නැතිලු …….වීඩියෝ

‘සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් යන්න හදනවා කියලා. ස්වාධීන වුණා කියලා බොරු කතා පතුරනවා. ආණ්ඩුවේ මම ඉන්නවා. මේ ආණ්ඩුව හිර කරගෙන අපිට ඕනෑ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමයි අපේ ප්‍රධාන වගකිම.‘ යැයි කළුතර රන් අස්වනු නෙළීමේ උත්සවයේ දී අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළේය.   පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන…

රවිරාජ් ඝාතන නඩුව යළි විභාගයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය විසින්  අවසර ලබාදී තිබේ. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම තීරණය ලබා දී ඇත. රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරිපිට විභාග කොට ඒ සම්බන්ධයෙන්…

විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙයි ?

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය. ඒ අනුව තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට  අවස්ථාව ලබාදෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒම ඉල්ලීම සලකා බලා  පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.  

කාලෝට මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිටයි – සමන් රත්නප්‍රිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලෝ ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිට යැයි ද ඊට අදාළ තොරතුරු සියල්ල තම සංවිධානය සතු යැයි ද එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කොළඹ දී අද  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.  සයිටම් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් කාලෝ ෆොන්සේකා මහතා…

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රහස් පොලිසියට කැඳවයි!

 ‘ද නේෂන්’  පුවත්පතේ සම සංස්කාරක කීත් නෝයර් මහතා, 2008 වසරේ මැයි මස පැහැරගෙන ගොස් රදවා තබාගෙන ප්‍රශ්න කරමින්, පහර දීම සම්බන්ධව, මේ වන විට සිදුවන විමර්ශණයන්හි ඊළඟ පියවර ලෙස, එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර (එවක කර්නල්) ඉදිරි දින කීපය තුලදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා තිබේ. විශ්‍රාමික මේජර්…

කීත් නොයාර් පැහැරගෙන පහරදුන් හමුදාවේ පස් දෙනාගේ වැඩ තහනම්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී වධ හිංසා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කියයි. එම පිරිස අතර මේජර් වරයෙක්ද සිටියි.ඔවුහු යුද හමුදා බුද්ධි අංශයේ ට්‍රිපෝලි කඳවුරේ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටියහ.  

විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. පසුගිය රජය සමයේ වාහන අවභාවිතය තුළින් රජයට පාඩු සිදු කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මේ අතර එම චෝදනා…

දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉවත් වන්නේ නෑ – සී.වී.කේ.ශිවඥාණම් මහතා

රජය විසින් පොරොන්දු වූ පරිදි උතුරේ ජනතාවගේ ගැටළු මෙතෙක් විසදා නැතත් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට සහය දැක්වීමේ තීරණයෙන් ඉවත් නොවන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පවසයි. “ජනාධිපතිවරයාගෙන් මේ ගැන විමසා සිටින අවස්ථා වලදී එම ඉල්ලීම් පියවරෙන් පියවර ඉටු කරන බවට පොරොන්දු වුවත් ඒවා ඉටුවන විට රජයේ කාලය අවසන්ව වෙලා තියෙයි කියලා…

කීත් නෝයර් පැහැර ගැනීමට ගෝඨාගේ සම්බන්ධයක්?

‘ද නේෂන්’ පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද සම්බන්ධ බව ඊයේ ගල්කිස්ස උසාවිය හමුවේ අනාවරණය විය. 2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල්…

ප්‍රගීත් අතුරුදහන් කළ හමුදා නිලධාරීන් යලි හමුදා සේවයේ පිහිටැව්වා වගේ නොකර අලුතින් ඇල්ලූ හමුදා නිලධාරීන්ට ඇඟිලි නොගසා දඬුවම් දෙන්න -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 ප්‍රගීත් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු, හමුදා නිලධාරීන් නැවත හමුදා සේවයේ පිහිටු වීම වැනි මාධ්‍ය ක්ෂ්ත්‍රයේ සැකයට හා අප්‍රසාදයට ලක් වන සිදුවීමකින් තොරව මාධ්‍යවේදීන් දඩයම් කර අලුතින් අත් අඩංගුවට පත් මේජර් බුලත්වත්ත සහ පිරිසගේ පරීක්ෂණ වලට කිසිදු ඇඟිලි ගැසීමක් නොකර අවසානයක් දක්වා කටයුතු කර දඬුවම් දෙන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.  …

ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට සිංගප්පූරුව සූදානම්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට මේ වසර තුළ දී අත්සන් තැබීමට හැකි වනු ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් විශ්වාසය පළ කරයි. ඔහු සිය ෆේස්බුක් වෙබ් පිටුවට සටහනක් එක් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ  පැවැත්වූ සාකච්ඡාවකදී ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවයි. ඕස්ට්‍රේලියාවේ නිළ සංචාරයක නිරත වූ…