එජාප මැතිවරණ මෙහෙයුම මාර්තු 10 දා කුලියාපිටියෙන් අරඹයි

  ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මාර්තු 10 දා කුලියාපිටියෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. එම රැලියට විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සහභාගී වනු ඇතැයි ද, සමගි ජන බලවේගයේ බහුතරයක් මාර්තු 10 පසු එජාප සමග එක්වනු ඇතැයි ද , රංගේ බණ්ඩාර මහතා කියයි. සිරිකොත පක්ෂ මුලස්ථානයේ…

කතානායක මහින්ද යාපා තනතුරින් ඉවත්වෙන්න සුදානමින්

  තමන්ට විපක්ෂයේ මෙන් ම ආණ්ඩුවේ පක්ෂයේ ද විවේචනවලට මුහුණ දීමට සිදු වී ඇති බවත්, තම පිලිබඳ විශ්වාසයක් නැත්නම් තනතුරින් ඉවත්වීමට සුදානම් බවත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියන්නේ තමාට එරෙහි විස්වාස භංග යෝජනාව ජයග්‍රහණය කළ හොත් විනාඩි දෙකක් වත් තනතුරේ රැඳී නොසිටින බව යි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට…

මාර්ගගත පනත ගැන සුමන්දිරන්ගේ පෙත්සම විභාගයට නොගෙන ඉවත දමයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය. ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දු ලබා…

|

මහ බැංකුව මැදිහත් නොවුණා නම් ඩොලරය රුපියල් 200 ට වැටෙන්න තිබුණා – මහ බැංකු අධිපති

  මහ බැංකුව මැදිහත් වී වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී නොගත්තා නම් දැනට රටට ලැබෙන ඩොලර සැපයුම අනුව ඩොලරය රුපියල් 200 ක් තරම් පහත වැටීමට ඉඩ තිබු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී යු ටියුබ් නාලිකාව ප්‍රකාශ කරයි. මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට…

|

ඩොලරය රුපියල් 310 න් පහළට

  රුපියලේ හුවමාරු වටිනාකම තවදුරටත් ශක්තිමත් වෙමින් අද උදේ වනවිට ඩොලරයේ හුවමාරු අගය රුපියල් 310 න් පහළට පැමිණි බව වාර්තා වෙයි. වෙළෙඳපොලේ අද උදේ ඩොලරයේ හුවමාරු අගය සටහන් වුයේ රුපියල් 309.90 – 310.00 වශයෙනි. ඩොලරයේ අගය රුපියල් 280 සහ 300 අතර පවත්වාගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බව…

මුල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය 7 දා සිට

    ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ තෙවැනි වාරිකය ලබාදීමට පෙර කරන ජාත්‍යන්තර මුල්‍ය  අරමුදලේ  දෙවැනි සමාලෝචනය මාර්තු 7 දා ආරම්භ වනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති සෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. එම සමාලෝචනය සති සේකක කාලයක් පැවැත්වෙනු ඇත. අරමුදල සමග එකඟ වූ වැඩ සටහනේ ප්‍රගතිය මෙහි දී සමාලෝචනය කෙරෙනු ඇත. අරමුදලේ තෙවැනි…

ශ්‍රීලන්කන් මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම මාර්තු 05

මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකර ආයෝජකයකු තෝරාගන්නා බව වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ප්‍රකාශ කළේය. අද දෙරණ 24 නාලිකාවේ GET REAL වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, “අපි ලංසු කැදවා…

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති

  දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම් හතක් ඊයේ  (27) යළි කැඳවූ අවස්ථාවේදීයි. දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති…

|

ආහාර මිල , ඉන්ධන , විදුලි ගාස්තු ලබන මස අඩු කරනවා – ජනාධිපති කැබිනට් මණ්ඩලයට කියයි

    රජයේ මුල්‍ය තත්ත්වය ශක්තිමත් වී ඇති බැවින් ආහාර මත බදු, විදුලි ගාස්තු, ඉන්ධන මිල ලබන මාසයේ සිට අඩු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කොට ඇත. රුපියලේ අගය ඩොලරයට රුපියල් 280 – 300 මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, එවිට බදු මිල තවත් අඩුවනු ඇති බවත්, ජනාධිපතිතුමා පවසා තිබේ.

හිටපු මුදල් ඇමති රොනී ද මේල් මහතා අභාවප්‍රාප්ත වෙයි

  හිටපු මුදල් ඇමතිවරයකු වූ රොනී ද මේල් මහතා අභාවප්‍රප්ත වී තිබේ. 1977 ජේ ආර් ජයවර්ධන රජයේ මුදල් ඇමතිවරයා ලෙස පත් වූ රොනී ද මේල් මහතා මෙරටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළේ ය. දිගු කලක් මුදල් ඇමති ධුරයේ කටයුතු කළ මේල් මහතා අයවැය ලේඛන 11 ක් ඉදිරිපත් කළේ ය. මිය යන…

ජල සම්පාදනයට ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

  ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් අනුමත වී ඇති බව ජල සම්පාදන ඇමති ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ  කරයි. අදියර දෙකකින් යුතු ප්‍රතිසංවිධාන කටයුතු සඳහා වරෙකට ඩොලර් මිලියන 100 බැගින් අවස්ථා දෙකක දී මෙම ආධාරය ලබාදීමට නියමිත ය. ඒ සඳහා වන ප්‍රතිසංවිධාන කටයුතුවල සියයට 75 ක් පමණ නිම…

|

ඩොලරය රුපියල් 310 ආසන්නයට බසී

  ශ්‍රී ලංකා රුපියලේ ශක්තිමත් වීම තවදුරටත් පෙන්නුම් කරමින් අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 310.25/50 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි. ඊයේ දිනයේ එය පැවතියේ 310.80/311 මටටමක ය.