ශ්‍රීලනිපයේ ශාන් විජයලාල් සජබයට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුව සිටි සහ දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වෙයි.. ඒ මහතා අද (01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇත. සජිත් ප්‍රේමදාස මහතා විසින් ශාන් විජයලාල් ද සිල්වා…

ගෑස් මිල වැඩි කෙරෙයි

    ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇති  බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,250කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ. කිලෝග්‍රෑම් 2.3ක ගෑස්…

ජනාධිපති නීතිඥ තනතුරු දෙන්නේ දේශපාලනය මත නොවෙයි ; උපුල් කුමරප්පෙරුමට දුන්නේ මාලිමාව නිසා නොව පළපුරුද්ද නිසා යි – ජනාධිපති

    ජනාධිපති නීතිඥ තනතුරු දෙන්නේ දේශපාලනය මත පදනම්ව නොව නීතිඥ දිවියේ අත්දැකීම් සහ පළපුරුද්ද සලකා බලා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ  කොට ඇත. ජාතික ජන බලවේගයේ ( මාලිමාවේ ) ප්‍රබල ක්‍රියාකාරිකයකු වන උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති නීතිඥ තනතුරක් ලබාදීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කොට…

|

ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය ආදායම රුපියල් කෝටි තුන්ලක්ෂය පනී -සමස්ත බදු ආදායම කෝටි තුන් ලක්ෂය ඉක්මවයි

    ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති…

ඉන්ධන මිල වෙනස් වෙයි

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. අද (01) අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සංස්ථාව සඳහන් කළේය. පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ. පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464ක්…

සජබ ආර්ථික වැඩ පිළිවෙළ රනිල් කරනවා ; අපට ඒකෙ කරන්න දෙයක් නැහැ – සජිත්

    සමගි ජන බලවේගයේ ආර්ථික වැඩ සටහන රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එහි තමන්ට කරන්නට දෙයක් ඉතිරි වී නැති බවත්, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි. ඒ මහතා මෙම ප්‍රකාශය කර ඇත්තේ සමගි ජන බලවේගයේ ජෙෂ්ටයින්ගේ රැස්වීමක දී ය. ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන  බලවේගය සන්ධාන ගතවිය යුත්තේ…

වල්බූරු නිදහස බොරු සමාජගත කරනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

    ලංකාවේ තිබෙන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. චීනය වැනි රටවල් දියුණුවට පත් වූයේ එවැනි වල්බූරු නිදහසක්  නොමැති නිසා බවද අබෙිවර්ධන මහතා කීය. විවිධ කණ්ඩායම්  ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බව…

කොළඹ අඩු ආදායම්ලාභීන්ට ලැබෙන්න යන අලුත් නිවාස

    එළඹෙන 2024 වසර තුළ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන් නිවාස 6,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකෙරෙන්නේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීම සඳහා බවයි. නිවාස ව්‍යාපෘති 11 ක් මේ සඳහා සැලසුම් කර තිබේ. ඉන්…

බයිඩන්,පූටින් කවුද වික්‍රමසිංහ ඉස්සරහ – වජිර

      ජෝ බයිඩ්න්, පුටින්ට වැඩිය රනිල් වික්‍රමසිංහ ලොකු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අහලකටවත් ඔවුන්ට ඒමට ඔවුන්ට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා 1973 සිට දේශපාලනයෙහි නියැළෙමින් විවිධ මැතිවරණ 70 කට පමණ මුහුණ දී ඇති අතර එවන් දේශපාලන අත්දැකීම් ඇති වෙනත් නායකයකු ලෝකයේ නොමැති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ. වැටුණු…

|

ජනාධිපති රජ ගමනේ.වසර 20ට පසු අයවැයෙන් සියලු ප්‍රතිපාදන වෙත මුදල් නිදහස් කරයි!

අයවැය මඟින් 2023 වසර සඳහා වෙන්කර තිබෙන සියලු ප්‍රතිපාදන සඳහා මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර තිබේ. මෙලස සියලු ප්‍රතිපාදනවලට මුදල් නිදහස් කර ඇත්තේ වසර 20කට පසුව බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 අයවැය ප්‍රතිපාදනවලට අනුව 2023 දෙසැම්බර් 15 වන දිනය දක්වා රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද…

දේශබන්දුට විරුද්ධව පෙත්සම් 04ක්

දේශබන්දු තෙන්නකොන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු පොලිස්පති ධුරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබේ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු, අරගලකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු…

|

‘IMF වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු’ – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත්…