‘‘සීමා නීර්ණය ප්‍රමාද වෙනවා‘‘ – සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය

  නිලධාරින්ගේ හිඟය නිසා මැතිවරණ සිමා නිර්ණය කිරිමේ කාර්ය බාරය ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනුරාධපුරයේදි පැවසිය. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ  පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධියා ලෙසට එක්වෙමිනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේද පැවසිය. ‘සිමා නිර්ණය කිරිමේ කටයුතු අපි කරගෙන…

හිටපු ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ(12) රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වී රෝහල් ගතකර ඇත. සාකච්ඡාව අතරතුර පපුව අල්ලාගෙන සිටී හිටපු මහ අමාත්‍යවරයාව පානදුර…

හිරුට එරෙහිව හිටපු GSMB සභාපතිගෙන් අපහාස නඩුවක්

  භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපති සෙනරත් හේවගේ මංජුල ප්‍රසාද් මහතාට එරෙහිව අපහාසාත්මක හා සාවද්‍ය පුවත් විනාශනය වාරණය කරමින් සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගම හෙවත් ‘හිරු ටී.වී නාළිකාවට’ එරෙහිව අදාළ නඩුව පවතිනතාක් කල් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් පසුගිය ජනවාරී 05 වැනි දින නිකුත් කළාය. පැමිණිකරු…

හිටපු ජනපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12)…

පොලී තවත් බසී

  ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලුම පරිණත කාණ්ඩවල පොලී අනුපාතිකයන් සැලකිය යුතු පරිදි පහළ ගොස් තිබේ. දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලිය 32.01% සිට 31.15% ක් දක්වා පදනම් අංක 86 කින්, දින 182 බිල්පත් පොලිය 32.02% සිට 31.37% ක් දක්වා පදනම් අංක 65 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.16% සිට 29.04% ක්…

විදුලිබල මණ්ඩලය කෝටි 7,000 ක ණයක් ගන්න යයි

  විදුලි ජනනය සඳහා ගල්අඟුරු සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය මාස දෙකකට රුපියල් බිලියන 70 ක් හෙවත් කෝටි 7,000 ක් බැංකුවලින් ණය ලබාගත යුතු බවත් එම ණය ලබාගැනීමට නම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (12)  පැවසීය. මෙම මාසයට සහ පෙබරවාරි මාසයට ගල්අඟුරු ආනයනය සඳහා රුපියල්…

උපයෝගිතා කොමිසමේ සභාපති වාහනයේ කුලියට අමතරව තවත් සල්ලි වෙනත් අයකුට ගෙවලා

  මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා රුපියල් 375,000ක මාසික කුලියට ලබාගෙන ඇති මර්සිඩීස් බෙන්ස් රථය සඳහා මාස හයකදී ගෙවිය යුතු කුලී මුදලට අමතරව රුපියල් 873,000 ට අධික මුදලක්ද සහිතව වාහනය ලබාගත් ආයතනයට නොව වෙනත් පුද්ගලයෙකුට ගෙවා ඇති බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙම වාහනය කුලී පදනම මත ලබාගෙන තිබෙන්නේ 2021 දෙසැම්බර් 07 වැනිදා සිට බවද…

පාස්කු ප්‍රහාරයට මෛත්‍රීට සහ ගෝලයින්ට කොටි ගණනක වන්දි ගෙවන්න නියෝග

  පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකලැයි තීරණය කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස අද නියෝග කලේය. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල්…

ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලයි

ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි. BBC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. චීනය සහ ඉන්දියාව…

නැප්තා ගන්න මුදල් නැතිව කැලණිතිස්ස බලාගාරයක් නතරවෙයි

ලංවිම මුහුණ දී සිටින මුල්‍ය අර්බුදය හමුවේ ප්‍රමාණවත් පරිදි නැප්තා මිල දී ගැනීමට නොහැකි වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව වාර්තා වෙයි. එසේ සිදුවන්නේ අවශ්‍ය තරම් නැප්තා තොග ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබිය දී ය. ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමි වනු ඇති…

|

මමත් බුද්ධාගමට බොහෝ අපහාස කර ඇත ; නමුත් සේපාල වගේ මුදල් හොයාගන්න බැරිවුනා – ආචාර් ය නිර් මාල් රංජිත් දේවසිරි

  තමන් ද බුදුදහමට බොහෝ අපහාස කර ඇති නමුත් සේපාල් අමරසිංහ තරම් එමගින් මුදල් ඉපදීමට නොදැන සිටීම ඛේදවාචකයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. සේපාල අමරසිංහගේ යූ ටියුබ් ආදායම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කිරීම බුද්ධාගමට අපහාස කිරීම වැඩි කිරීමට කරන ලද කුමන්ත්‍රණ බවද හෙතෙම සඳහන් කරයි. යූ ටියුබයේ වීඩියෝ පල කිරීමෙන් සේපාල අමරසිංහ ගේ වාර්ෂික…

පාස්කු පෙත්සමේ තීන්දුව හෙට

  පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට…