13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා -ජනපති

ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “මේ වේදිකාවේදී මට මතක්වෙන්නේ තෛපොංගල් උත්සවය. ගින්දර උඩ මුට්ටිය තියනවා. වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා, පොංගල් බත්…

රට ගොඩගත හැක්කේ අයි එම් එෆ් සහයෙන් පමණයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය. රටේ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට විසඳුම්…

වාරියපොල එජාප කාර්යාලයට ගිනි තබයි

  එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්‍යාලයට පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තිබීම කරන ලද බවයි. තමාට තර්ජනය කරමින් එම ගිනිතැබීම සිදුකර ඇති බවත් තමන් විසින් එම පිරිස හඳුනා…

අයි.එම්.එෆ් චීනය සමඟ සාකච්ඡා

  ශ්‍රී ලංකාව සහ සුරිනාමය යන රට වල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව අවබෝධ කරමින් එම රටවල ණය තිරසභාවය පිළිබඳ ගැටලුව විසඳීමට චීනයට දායකත්වයක් ලබා දිය හැක්කේ කෙසේද පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනය සමඟ සාකච්ඡා කළ බව එම අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත. චීනය මුහුණ දෙන ගැටලුව නම් චීනය තවමත් සංවර්ධනය වෙමින්…

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, චීන EXIM බැංකුව මේ සතිය තුළ සාකච්ඡා පැවැත්වූ බවය. මේ අතර, ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ මස 19 වනදා ලංකාවට පැමිණීමට නියමිත බව ද සඳහන්…

|

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ වල ලොකු වැඩිවීමක් !

දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි අතර එම ප්‍රමාණය ඩොලර් මිලියන 475.6ක් ලෙස සටහන් වෙනවා. මෙය පෙර මාසයට සාපේක්ෂව 23.7%ක වැඩිවීමක් වන අතර, පෙර වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 46.2%ක ඉහළ යාමක්. මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 104ක විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව ඇති අතර,…

දෙන්නං කාසිවලට මේ සැරේ වැඩ කරන්න බෑ ; මුලින් ගියසැරේ බිලියනය දෙන්න – පොලිස්පති මැතිවරණ කොමිසමට කියයි

  මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ. පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ කැඳවීමකට අනුව මැතිවරණ කොමිසමට ගොස් සාකච්ඡා…

කැලණිතිස්සට ‘නැප්තා’ ලැබෙයි

  කැලණිතිස්ස විදුලි බලාගාරයට ‘නැප්තා’ ලීටර ලක්‍ෂ 34 ක් අද (13) පස්වරුවේ සිට ලැබෙන බවත් එම ‘නැප්තා’ තොගය ලැබීමෙන් පසුව විදුලි බලාගාරය වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය. එම ‘නැප්තා’ තොගයට ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය (යොහාන් භාසුර) ලංකාදීප

බිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නැහැ – විදුලි ඉන්ජිනේරුවරු

කැබිනට් මණ්ඩලය අනුමත කරමින් තමන් වෙත එවන ලද විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසම එකඟ නොවන බව රජයට දැනුම් දෙන බව එහි සභාපති ජනක රත්නායක මහතා අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබාදීමේදී නීති උල්ලංඝනය කරමින් මිල ඉහළ දැමීමේ උත්සාහයට ඉඩ…

රෙජිනෝල්ඩ්ගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලයි

  දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන්  පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය. මරණය සම්බන්ධයෙන් කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා ඉදිරියේ අද පැවතී හදිසි මරණ පරීක්ෂණයේදී ඇය එසේ ඉල්ලා සිටියාය. කුරේ මහත්මියට…

මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති පෙනී නොසිටියි !

  පළාත් පාලන ඡන්දය පැවැත්වීමට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රේෂ්ටාධිකරණයට දැනුම් දුන්නේ ය පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා…

නොරොච්චෝලට ගල් අගුරු රී-ලෝඩ් ක‍්‍රමයට ; නැවු ගන්න සල්ලි නෑ

  විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ජනවාරු පෙබරවාරි මාස දෙක සඳහා රුපියල් බිලියන හැත්තෑවක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලයට නැති බවත් එම මුදල බැංකු ණයක් ලෙස ලබා ගැනීමට නම් විදුලි ගාස්තු අනිවාර්යෙන්ම ඉහළ දැමිය යුතු බවත් ඔහු පැවසීය. මෙම…