මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න අනුරට සහ සජිත්ට ජනපතිගෙන් ආරාධනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, අදාළ පක්ෂ දෙකෙහි ඇති යහපත් යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවය. වැටුණු වලෙන් ගොඩ යන්න තියෙන්නේ එක මාර්ගයක් පමණක් බවත්, ඒ අයි එම් එෆ් මාවත පමණක් බවත් කී…

13ට එකඟ නොමැති බව ජවිපෙ කියයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. “ජනතා විමුක්ති පෙරමුණේ මේ පරණ 79 එක කියවලා බෙරිහන් දෙන්නේ නැතුව, මේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය කියවන්න ඕනේ. එයා බලන්න ඕනේ මේකෙයි මේකෙයි වෙනස.”  ප්‍රශ්නය – ඒ වෙනස්…

ආයෝජන සඳහා කඩිනම් අනුමැතිය ලබා ගැනීමට ආර්ථික කොමිසමක් – ජනපති

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා…

පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිට

  පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය. වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද සිට ලැබෙන බව කී මහාචාර්වරයා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළේය. මුදල්…

පළාත් පාලන මැතිවරණය තියන්න ප්‍රමාණවත් පහසුකම් නෑ – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන…

මැතිවරණ පෙත්සම ගැන මෝසම ඉවත් කර ගනියි ; විභාගය 23 දා ම යි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදා ට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනුකළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම…

පෞද්ගලික දේපළ අහෝසි කරන කතාව පරණ එකක්. අපි දැන් වෙනස් – අනුර කුමාර

පෞද්ගලික දේපළ ක්‍රමය අහෝසි කිරීම ගැන සඳහන් වන ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය 1980 වසරේදී එළිදැක්වූ එකක් බවත් තමන්ගේ නවතම ප්‍රතිපත්ති ප්‍රකාශනය 2019 වසරේදී එළිදක්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. “අපේ පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් අඩවියේ තිබෙන ලේඛනයක කොටසක් උපුටාගෙන පුද්ගලික දේපල ගැන සමාජ විරෝධයක් ගොඩනඟන්න මේ දවස්වල සමහරු උත්සහ…

විදුලිය සහ තෙල් ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන්නැයි උපදෙස්

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ. තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇත. එම ප්‍රතිව්‍යුහගත කිරීමේ…

සජබ – ජාජබ සන්ධාන කතා බොරු – සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර

  සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සන්ධාන ගතවන බවල පලවන ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව සජබ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව Daily News වාර්තා කොට ඇත. තමා සහ අනුර කුමාර දිසානායක මහතා අතර සංවාදයක් සිදු වූ බවට පලවන වාර්තා ද බොරු බව ඒ මහතා ප්‍රකාශ කොට තිබේ. වාර්තා වී තිබුනේ…

ඩොලර් හිගය අවසන් – මහ බැංකු අධිපති

  රටට අත්‍යවශ්‍ය ආනයන කිරීමට ඩොලර් සපයාගැනීමට නොහැකි වීමේ අර්බුදය මේ වන විට අවසන්වී ඇති බව මහ බැංකු අධිඅපති නන්දලාල වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ මේ වනවිට බැංකු ක්‍රමය මගින් අවශ්‍ය තරම් ඩොලර් ලබා දීමේ හැකියාව ලැබී ඇති බවයි. එබැවින් මහ බැංකුවේ දොලය සංචිත මේ වන විට වැඩිවී ඇති බව කියන ඒ මහතා…

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණාත්මක පෙත්සම් විභාගය හෙට

රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි. එම පෙත්සම හෙට එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ…

පළාත් ඡන්දයේ ඉරණම තීන්දු කිරීමට පෙත්සම 21 අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ?

  පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම 21 දා , අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි මෙම 23 දා කැඳවීමට දින නියම කර තිබු පෙත්සම මෙලෙස කැඳවනු ඇත්තේ ඒ සඳහා පෙත්සම්කාර පාර්ශවය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනුව ය. පසුගිය 10 දා කැඳවීමෙන් පසුව එය 23…