විශ්වාසභංගය කොට උඩ නිසා මාධ්‍යයෙන් තග දමා අගමැති එලවන උත්සහයක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගය පරදින බව පෙනීයන නිසා ඇතැම් ජනමාධ්‍ය යොදාගෙන කරන ප්‍රචාරක ව්‍යාපාරයකින් අගමැතිවරයා ඉල්ලා අස්වන තත්වයක් ඇතිකිරීමට ශ්‍රීලනිප පිරිසක් අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව දේශපාලන විචාරකයෝ කියති . විශ්වාසභංගය දිනන්නේ නම් 4දා ට පෙර රනිල් අස්කිරීමේ තදියම කුමක්දැයි ඔවුහු ප්‍රශ්නකරති . ඒකාබද්ධ විපක්ෂයට ද විශ්වාසභංගය ජයගැනීමට වුවමනාවක් නැති…

එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සහය අගමැතිට

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ඊයේ  (29) රාත්‍රී තීරණය කළහ.අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයෝ මෙම තීරණයට පැමිණියහ. එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානයකට ලක්කර ජයග්‍රාහී මාවතකට යොමු කළ යුතු බව මෙහිදි එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් පවසා ඇති අතර…

|

බැදුම්කර චෝදනාවෙන් රනිල් , මලික් , කබීර් සහ එජාපය නිදොස් කොට නිදහස් – ජනාධිපති රටට නොකී කොමිසන් තීන්දුව මෙන්න

  බැදුම්කර ගනුදෙනු මගින් පෙර්පෙචුඅල් ට්‍රේසරීස් සමාගම ලැබූ ලාභ සියල්ල එම සමාගම් සමුහයේ ගිණුම්වල තැන්පත්ව ඇති බවත් එයින් කිසිදු මුදලක් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයකුට හෝ ලැබී නැති බවත් බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් කොට ඇත . මෙම මුදල් එජාපයට ලැබුණු බවට කටකතා පවතී නිසා තමන් එම කරුණ විශේසයෙන් සොයා බලු බව වාර්තාවේ 30 පරිච්චේදයේ සදහන්…

දෙමළ සන්ධානයේ සහාය අගමැතිට

විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සංධානය තීරණය කර තිබේ. ද්‍රවිඩ සන්ධානය ගත් මෙම තීරණය ඊයේ (25) රාත්‍රී අගමැතිට සහ ජනපතිට නිල වශයෙන් දැනුම් දී ඇත. ද්‍රවිඩ සංධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී  කණ්ඩායම 16 දෙනෙකි

පරදින යෝජනාවලට මහින්දගේ අත්සන , චන්දය නෑ – ඒකාබද්ධයේ ප්‍රතිපත්ති තීරණයක්

පාර්ලිමේන්තුවේදී පරදින කිසිදු යෝජනාවකට අත්සන් කිරීමෙන් හෝ චන්දය දීමෙන් මහින්ද රාජපක්ෂ මහතා වැලකි සිටිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිපත්ති තීරණයකට පැමිණ ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ එම ප්‍රතිපත්ති තීරණය අනුව බව කියති . හිටපු ජනාධිපතිවරයා චන්දය දිය යුත්තේ…

විශ්වාසභංගය කොටඋඩ – අත්සන් නැහැ – මන්ත්‍රීවරු 135ක් රනිල්ගේ ආරක්ෂාවට

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත බාරදී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 55ක් අත්සන් තබා ඇත. සුසන්ත පුංචිනිමේ, නිශාන්ත මුතුහෙට්ටිගම, ටී.බී. ඒකනායක, කාදර් මස්ථාන් නම් මෙසේ අත්සන් තබා ඇති නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැත. අවශ්‍ය…

ග්ලයිෆොසෙට් තහනම ඉවතට – ගැසට් පත්‍රය අද කැබිනට් මණ්ඩලයට

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය අද(20) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඊයේ(19) අනුරාධපුරය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. මෙතෙක් කිසිදු පරීක්ෂණයක් තුළින් ග්ලයිෆොසෙට් සියයට සියයක් විෂ බවට හෝ එය ඍජුව වකුගඩු රෝග සඳහා බලපාන බවට ඔප්පු වී නොමැති බැවින් මෙම තීරණයට…

පෙති-කරල්-එන්නත්වලින් වඳබව ඇති කරන්න බෑ – වෛද්‍ය සංගම් කියයි

  * අම්පාරේ ආහාරවල තිබුණේ පිටි ගු ලියක් * යට ඇඳුම්වල රසායන කතාවත් බොරු * වෛද්‍ය සංගම් කියයි බටහිර වෛද්‍ය විද්‍යාත්මක මූලධර්ම අනුව පිරිමි පාර්ශ්වයේ මඳ සරුභාවය ඇති කිරීම සඳහා කිසිදු ඖෂධ පෙත්තක් මෙතෙක් නිෂ්පාදනය කර නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු පවසති. ඖෂධ පෙති, කුඩු…

මහනුවර සිද්ධිය පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙක්

තෙල්දෙණිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර මිට සති දෙකකට පමණ පෙර ඇතිවු සිද්ධියක් මහනුවර ප්‍රදේශයේ ජනතාව කුපිත කරවමින් බරපතළ අරගලකාරි තත්ත්වයක් දක්වා ගෙන යමින් ජාතින් අතර පවතින සංහිදියාව විනාශ කිරිමේ දැවැන්ත ක්‍රමන්ත්‍රණයක් ඇතිදැයි හෙළි කර ගැනිම පිණිස ආරක්ෂක බුද්ධි අංශ මහනුවර ප්‍රදේශය පුරා සැරිසරමින් මෙහෙයමුමක් ආරම්භ කර ති‍බේ. එම කුමන්ත්‍රණය දියත් කරන කණ්ඩායම් හදුනාගෙන ජනතාව සංසුන් කර…

අම්පාරේ වඳ පෙත්ත පිටිගුලියක් බව රසපරීක්ෂක කියයි.

අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ. වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ. එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන…

තෙල්දෙණිය ජාතිවාදී ගැටුම – රට පුරා හදිසි නීතිය

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්කිරීම පිටුපස චීවරධාරීන් කිහිපදෙනෙකු සිටින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි. බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මඩවල පන්සලේ සිටින චීවරධාරියෙකුද ප්‍රදේශයේ තරුණයන් කුපිතකරවූ බවට තොරතුරු ලැබී ඇති අතර මේ වන විට ලැබී තිබෙන බුද්ධි තොරතුරු සනාථ කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී. එසේම…

“සරත් ෆොන්සේකා පත්කරන්න එපා – අපි සහය දෙන්නම් ” – මහින්දගෙන් මෛත්‍රීට පොරොන්දුවක්

නීතිය සහ සාමය ඇමති ධුරයට එජාපයෙන් නම්කර ඇති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම තනතුරට පත් නොකරන ලෙසත් එසේ කරන්නේ නම් ආණ්ඩුව පවත්වාගෙන යාමට තම සහය දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී ඇති බව දේශපාලන ලෝකයේ තතු දත් ආරංචි මාර්ග කියයි . දෙදෙනා අතර හමුවකදී මෙම අදහස් හුවමාරුව…