පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන හොයන්න ජනපති කොමිසමක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර ඇත. ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්….

සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම රනිල්ට එක්වෙයි

සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට ගෙනගිය කැරැල්ලට නායකත්වය දුන් ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට එක්වී ඇති බව වාර්තා වෙයි . ඒ මහතා ඊයේ රනිල් සමග මහනුවර ප්‍රදේශයේ රැස්වීම් කිහිපයකට හා ලක්ෂ්මන් කිරිඑල්ල මහතාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගී වී ඇත . තමන් සමග සිට සජිත්ට එක්වූ මලික්ට තම…

හකීම් රනිල්ගෙන් ප්‍රසිද්ධියේම සමාව ගනී. සජිත් පිල එතැනත් ඇනගනී !

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව විවේචනය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීම තමන් අතින් සිදුවූ වරදක් බවත් ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ගැනීමට තමන් සූදානම් බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පෙරේදා (20) දිනයේදීම දැනුම් දී තිබුණු බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.  ඒ අනුව ඊයේ…

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන පක්ෂ ස්ථාවරය ජනතාව ඉල්ලනවා – අගමැති රනිල්

සෑම දේශපාලන පක්ෂයකටම ඉදිරියේදී විධායක ජනාධිපතිධූරය තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? පිළිබඳවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදෙනවාද? නැද්ද? යන්න පිළිබඳවත් ජනතාව ඉදිරියට ගොස් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරගනිමින් ජාතික සමඟිය සංවර්ධනය තිරසාරව ගොඩනඟා ගැනීමට කළයුතු මේ ප්‍රතිසංස්කරණ දෙක පිළිබඳව දේශපාලන පක්ෂ පැහැදිලි ස්ථාවරය…

‘විධායක ජනපති ධුරය අහෝසි කරමුදැයි ජනපති ඇසුවා’ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා කතා කර තමාගෙන් විමසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්යාල කල්ලේලියේදී අද(20) පැවැසීය.   විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන තමා සෙසු පක්ෂ සමග සාකච්ඡා කර නොතිබූ හෙයින් තමා ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟ වූ බව කී අග්‍රාමාත්‍යවරයා ඒ අනුව ජනපති ඊයේ(19) දහවල් කැබිනට් මණ්ඩලය කැඳ වූ…

කරූට සහය දෙන්න ජවිපෙ සාකච්ඡා: අනුර කුමාර කැමතියි; ලාල්කාන්ත විරුද්ධයි

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට පමණක් කෙටි කලකට ජනාධිපති ලෙස පත්වීමට කරූ ජයසූරිය මහතාට සහය ලබාදීම ගැන ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගයේ සංවිධාන අතර මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි. තම පක්ෂය දිගටම පෙනීසිටි විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ අරමුණ සඳහා කරූ ජයසූරිය මහතාට සහය දීමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු…

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම 25 වැනිදා

එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම්  කරේ.   ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියලු මැති ඇමතිවරු ලබන…

ජනාධිපතිවරණය නොවැම්බර් 16 දා , නාමයෝජනා ඔක්තොම්බර් 7 දා සිට

ජනාධිපතිවරණය නොවැම්බර් 16 දා පැවැත්වීමටත් , ඒ සදහා නාමයෝජනා භාරගැනීම ඔක්තොම්බර් 7 දා සිට සිදුකිරීමටත් මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇති බව වාර්තා වෙයි . ඒ සදහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය .

සජිත් පිලේ උද්ඝෝෂණ අවසන් !

ඊයේ (17) දා උදේ මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ  පාර්ශවයේ සියලු උදේඝෝෂණ අවසන් කර ඇති බව වාර්තාවෙයි. රට වටා රැස්වීම්, අරලියගහ මන්දිරය වැටලීම, විරෝධතා ලිපි අසන් කිරීම ආදිය ගැන තිබූ සියලු තර්ජන ගර්ජනද ඒ සමග අවසන් කොට ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගියදා සජිත් සජිත්…

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා ඕනෑ තරම් තිබෙනවා – අමාත්‍ය මලික් සමරවික්‍රම

විදෙස් ආයෝජකයන් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ආයෝජන සහ ව්‍යාපාර සම්මේලනය ඊයේ (16) කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පැවතිණි.මෙම අවස්ථාවට රටවල් 22ක නියෝජිතයින් සහභාගිවී සිටි අතර ශ්‍රි ලංකා වානිඡ මන්ඩලය අඛණ්ඩව 4 වන වරටත් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩයේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී සභාව අමතමින් අදහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම…

රූපවාහිනිය පවරාගැනීමේ ගැසට්ටුව අවලංගු කරන්නැයි පෙත්සමක්

රූපවාහිනී සංස්ථාව තමන් වෙත පවරා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියෝ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද ( 17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන්…

ඇල්පිටිය මැතිවරණය නොපවත්වන්නැයි පෙත්සමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශවාසීන් 03 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළහ. ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ, 2017 වසරේ ඡන්ද අපේක්ෂක නාම ලේඛනය යටතේ අදාළ මැතිවරණය නොපවත්වන ලෙස ය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නව නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා වහාම මැතිවරණයක් පවත්වන ලෙසට පසුගිය…