නියෝජ්‍ය ඇමති තිදෙනාටත් රාජ්‍ය ඇමති තනතුරු

  නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ඊයේ (27) පෙරවරුවේ දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඊට පැය කිහිපයකට පසු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.   ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස උදෑසන දිවුරුම් දුන් කාංචන විජේසේකර මහතා පසුව පස්වරුවේ තේ…

ටැබ් – සුරක්ෂා රක්ෂණය ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම  සහ පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා  කැබිනට්  මණ්ඩලයෙන් කළ…

තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය…

අමාත්‍යංශ 20 කට නව ලේකම්වරු

අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන්  වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ  (27) පස්වරුවේ සිදුකෙරිණි.   එම නව ලේකම්වරුන් මෙසේය එස්.එම්. මොහොමඞ් මහත්මිය සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා   මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්   ජේ.ජේ. රත්නසිරි මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්…

වාසු රාජ්‍ය ඇමතිකමක් දිනාගනී

කැබිනට් ඇමති ධුරයක් නොලැබීම නිසා කළකිරීමෙන් සිටි වාසුදේව නානායක්කාර මහතා රාජ්‍ය ඇමති ධුරයක් ලබාගැනීමට සමත්ව තිබේ . ඒ මහතාට හිමිව ඇත්තේ ජාල සම්පාදන පහසුකම් පිලිබඳ රාජ්‍ය ඇමති ධුරයයි .

බදු රැසක් ඉවතට

  බදු වර්ග  රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට  රජයේ අවධානය යොමු වී තිබේ. දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සළකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ. මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී  පහත සඳහන්  බදු  වර්ග සියල්ල ඉවත්  කර තිබේ. 1) ගෘහස්ත භාණ්ඩ සහ සේවා මත…

විපක්ෂ නායක රනිල් බව කථානායක කරු පිළිගනි

එක්සත් ජාතික පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබේ.   පාර්ලිමේන්තු සම්ප්‍රදානය අනුව මෙම පිළිගැනිම සිදුකළ බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි. එය කඩ කළ නොහැකි බවත් ඔහු කියා සිටි.   පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුද සහ අභියෝග පක්ෂය තුළ විසඳා ගැනිම සිදුකළ…

නව ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

 නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(27) පෙරවරුවේ  පවත්වනු ලැබීය .   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය ඇමතිවරු 35 දෙනකු  හා නියෝජ්‍ය ඇමතිවරු තිදෙනකු  දිවුරුම් දුන්හ . අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ සදහා එක් විය.    01- චමල් රාජපක්ෂ මහතා- රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 02- වාසුදේව…

රනිල් – කරූ – සජිත් විශේෂ සාකච්ඡාව සජිත් මඟහරී !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ  (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ සාකච්ඡාවට නොපැමිණ සජිත් ප්‍රේමදාස මහතා මඟහැර තිබේ.  මෙම තීරණාත්මක සාකච්ඡාව අද පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ කරූ ජයසූරිය මහතා පැයක් මඟබලා සිටිය ද සජිත් ප්‍රේමදාස…

මංගල කැබිනට් හමුව අද

නව ආණ්ඩුවේ මංගල කැබිනට් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(27) පැවැත් වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි කැබිනට් ලේකම්වරයා ලෙස එස් .අමරසේකර මහතා කටයුතු කරන අතර 1956…

ශානි අබේසේකර මහතාට ලබා දී ඇති හදිසි ස්ථාන මාරුව යලි සලකා බලන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට ලබා දී ඇති  හදිසි ස්ථාන මාරුව සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි . එම ලිපියේ මෙසේද සදහන්ය . මෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…

රනිල් – කරූ – සජිත් තීරණාත්මක හමුවක් අද

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (26) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.  පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙන කරුණු අතිශයින් තීරණාත්මක වනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.  LANKA NEWS WEB