දයාසිරි – දුමින්ද – වීරකුමාර – ලසන්ත පොහොට්ටුවේ නාම යෝජනා අත්සන් කරති

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක හා එම පක්‍ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) නාම යෝජනා පත්‍රයට අත්සන් කළහ….

|

රනිල් , සජිත් කොළඹින් තරග බිමේ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් විකමසිංහ මහතා සහ එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනා ම මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයේ තරග වදින බව වාර්තා වෙයි . රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අතර සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ සමගි ජන බලවෙගයෙනි .

ආචාර්ය හර්ෂ ද සිල්වා රනිල් හමු වී ඉල්ලා අස්වීම භාර දෙයි

සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දීමට සුදානම්ව සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වී පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත. තම තීරණය පක්ෂ නායකයාට දැනුම් දීම තම යුතුකම බව සිරිකොත අසල දී ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසීය. තමා තුළ නායකතුමා ගැන ඇති ගෞරවය අඩු වී…

පුත්තලමට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.   ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ඇත.   එසේම මීගමුව…

බැංකු ණය අයකිරීම මාස හයකට නවත්වයි ; පරිප්පු සැමන් අඩුවට

කොවිඩ් 19 නිසා ව්‍යාපාරවලට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන බැංකුවලින් දී තිබෙන ණය අයකර ගැනීම මාස හයකට අත්හිටුවීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ නියෝග කළේය. එමෙන්ම ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධනය සදහා ලබාදෙන බැංකු අයිරා  සදහා 4% ක පොලියක් ද නියම කරනු ලැබීය. පරිප්පු කිලෝවක් රුපියල් 65ක හා සැමන් ටින් එකක් රුපියල් 100ක මිලකට ලබාදීමට ද…

තව දින තුනක් නිවාඩු

අදත්, හෙටත්, අනිද්දාත් රජයේ නිවාඩු දින ලෙස රජය ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කළේය. තම සේවකයන්ට ද නිවාඩු ලබාදෙන ලෙස රජය පෞද්ගලික අංශයෙන් ද ඉල්ලීමක් කොට ඇත.

ශ්‍රීලනිපය වෙනම ඉල්ලනවාද ? තීරණය ජනපති, අගමැති, බැසිල් සමඟ සාකච්ඡාවකින් පසු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රමාණවත් අපේක්ෂකයින් සංඛ්‍යාවක් සඳහා නාමයෝජනා ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු නොකරන තත්වයක් තුළ ඉදිරි මහමැතිවරණයට තරගවදින්නේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (17) මධ්‍යහ්නයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නා බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.  ශ්‍රීලනිපයට තනිව මහමැතිවරණය සඳහා තරගවදින ලෙස එහි ආසන සංවිධායකයින් ඇතුළු පාක්ෂිකයින්ගෙන්…

පොහොට්ටු සන්ධානයේ පොඩි පක්ෂවලට වෙන ම යන්නයි බැසිල් කියයි

තම තමන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර වෙන වෙන ම කරගෙන යන්නයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලේකම් බැසිල් රාජපක්ෂ මහතා සන්ධානයට අයත් සෙසු පක්ෂවලට දැනුම් දී ඇත. ඒ මහතා කියා ඇත්තේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙන ම කරගෙන යාමට තීරණය කොට ඇති බවයි. සන්ධානයට අයත් ශ්‍රී ලංකා…

ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි

ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ . යුක්තිය පුවත්පතින්  මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ජේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා පසුව ලක්බිම පුවත්පත ආරම්භ කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. පසුව ලේක්හවුස් ආයතනයට සම්බන්ධවූ ඒ මහතා දිනමිණ කර්තෘ ලෙස ක්‍රියා…

සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා.. – ඇමති ප්‍රසන්න රණතුංග

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි. ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පක්ෂයේ හතර දෙනෙක් පොහොට්ටුවෙන් ඡන්දෙට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වෘත්තීය සමිති හැව ගලවා දමා පක්ෂයක් ලෙස මෙවර මහ මැතිවරණයට තරග වදින්නට නාම යෝජනා ලබාගෙන ඇත. සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ඇතුළු හතර දෙනකුට පොහොට්ටුවේ නාම යෝජනා හිමි වී ඇති බව වාර්තා වෙයි . පසුගිය රජයට එරෙහිව දිගින් දිගට උද්ඝෝෂණ හා වැඩ වර්ජන කරමින් එම රජය පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…

අතුරලියේ රතන හිමි අතරමං !

දේශපාලනයේ බලවත් චරිතයක් වීමට පසුගිය කාලයේ උපවාස , විරෝධතා කරමින් මහත් වෙහෙසක් ගත්  අතුරලියේ රතන හිමියන්ට කිසිදු පක්ෂයකින් නාමයෝජනා ලැබී නැති බව වාර්තාවෙයි . ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් තමන්ට අවස්ථාව ලැබෙනු ඇතැයි රතන හිමියන් බලාපොරොත්තුව සිටිය ද එම බලාපොරොත්තුව ද ඉටු වී නැත . මෙම තත්ත්වය යටතේ තමන් වහන්සේ වෙන ම පක්ෂයකින්…