මැ.කො. ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි !

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය පුත්‍රයා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා තම තනතුර අවභාවිතා කර ඇති බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීමත් සමඟ උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට තීරණය කර තිබේ.  ඒ අනුව එළඹෙන සඳුදා (11) පස්වරු 04.30ට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්…

ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කළ ලැයිස්තුවේ ජනපතිගේ නම ඇතුළත් වෙයි

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ. ඇමරිකානු බදු ගෙවන්නන්ගේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය අද (8) නිල වශයෙන් නිකුත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද එහි ඇතුළත් වී තිබිණි. ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ආදායම් බදු පිළිබඳ ආයතනය කාර්තුවකට වරක් එම ලේඛණය නිකුත් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…

කුරුණෑගල පොහොට්ටු රෝහල් අධ්‍යක්ෂ වහාම මාරු කරයි

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා තිබේ. අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බැලීම සඳහා  නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතා පත්කොට ඇත. කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරීම ඇතුළුව චෝදනා රැසක්…

අද අලුත් කොරෝනා රෝගීන් 26 යි; එකතුව 823යි

කොවිඩ් 19 රෝග ආසාදිතයින් 26 දෙනකු අද දින හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව 823 ක් බවට පත්වීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර පාර්ලිමේන්තුව යලි කැඳවයි ?

පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කොට තීන්දුවක් දීමට පෙර ජනාධිපති  ගොඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව යලි කැඳවීමට ඉඩ ඇති බවට වාර්තා පලවෙමින් පවතියි. එම වාර්තා සඳහන් කරන්නේ මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ ( 6 දා, බදාදා ) පැවති බවයි . ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පෙත්සම්…

රජය බරපතල මුල්‍ය අර්බුදයක : මැයි මාසයේ වැටුප පරිත්‍යාග කරන්න : ජනපති ලේකම් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි!

රජය මේවනවිට මුහුණ දී සිටින කොරෝනා වසංගතය තත්වය හා ව්‍යවස්ථා අර්බුද හේතුවෙන් ඉදිරියෙදී රජයේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වේ. එවැනි තත්වයක් තුළ ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, මැයි මාසයේ වැටුප පරිත්‍යාග කරන ලෙසයි….

පැණි වරකාවට හෙණ : කුරුණෑගල රෝහලේ පොහොට්ටු අධ්‍යක්ෂ ඉවත් කරන්නැයි GMOAත් ඉල්ලයි

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි දෙපාර්තමේන්තු පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එතෙක් ඔහුව එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාශයෙන් ඉල්ලීමක් කර තිබේ.  සරත් වීර බණ්ඩාර යනු වියත්මග කුරුණෑගල ශාඛාව සමඟ එක්ව කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් සිටි අයෙකි….

ඊයේ රෝගීන් 29න් 24ක් නාවික හමුදාවේ. වයස 07ක දරුවෙක් ඇතුළු නාවික පවුල්වල තිදෙනෙකුත්

ඊයේ (06) දිනයේදී මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 29ක් බවත් ඒ අතරින් 24 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.  “ඊයේ දිනයේ 29 දෙනෙක් තමයි වාර්තා වෙලා තියෙන්නෙ. මේ 29න් 24ක් නාවික සෙබළුන්. ඉතිරි එක් පුද්ගලයෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයෙක්. ඒ හැරුණුකොට ඉතිරි 4 දෙනාත්…

අද අලුත් කොරෝනා ආසාදිතයින් 23ක් ; සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක්

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් 23දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජුනි 20 මැතිවරණයට එරෙහිව අලූත් පෙත්සම්

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවිණැයි, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, එහි අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු හා මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු සත්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, එහි අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු ගොනුකර ඇති පෙත්සමෙන්, මාර්තු 2 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ලද තීරණය මෙන්ම මැතිවරණ…

රාජගිරිය,කොළොන්නාව දෙදෙනා හා ජාතික රෝහලේ හෙද නිලධාරිනිය ඌන ආසාදිතයින් ලෙස ලැයිස්තුවෙන් ඉවතට

ඊයේ දිනයේදී රාජගිරිය බණ්ඩාරනායකපුර,කොළොන්නාව ප්‍රදේශවලින් හා ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝන වෛරසය අසාදනය වී නොමැති බව ද,  ඔවුන් ඌන ආසාදිතයින් බව  පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. අද COVID 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ජාසිංහ මහතා මේ බව පැවසීය. ඔවුන්…

මැතිසබය විසුරුවීම අහෝසි කරන්නැයි සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන  ජුනි 20 වැනිදා  මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ  කොමිසම  නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින්  පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය ද බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත….