කුරුණෑගල පොහොට්ටු රෝහල් අධ්‍යක්ෂ බලය පෙන්වයි ; සෞඛ්‍ය ලේකම් තනතුරෙන් ඉවත් කරයි ?

චෝදනා රැසක් ලබා සිටින කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා තමන්ට ලබාදුන් ස්ථාන මාරුව භාර නොගෙන දිගටම සේවය කරන බවත් ඒ වෙනුවට ඔහුට ස්ථාන මාරුව ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් තුමිය තනතුරින් ඉවත්කිරීමට යන බවත් වාර්තා වෙයි. ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන භද්‍රානි ජයවර්ධන මහත්මිය එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා හමුදා නිලධාරියකු…

ඊයේ අලුත් කොරෝනා ආසාදිතයන් 16 යි ; එකතුව 863ක්

ඊයේ රාත්‍රී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 8 දෙනකුද සමග ඊයේ වාර්තා වූ අලුත් ආසාදිතයින් සංඛ්‍යාව 16 ක් දක්වා ඉහල ගියේ ය. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863කි.

කොරෝනා ආසාදිතයන් 855ක් වන විට 457ක් නාවික හමුදාවෙන්

දැනට හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයන් 855ක් අතරින් 457ක් ම වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් පොකුරෙනි. මේ අතරින් 432 පමණ නාවික හමුදා භටයින් බවත් ඉතිරි පිරිස ඔවුන් මගීන්  ආසාදනයට ලක් වුවන් බවත් අපගේ ආරංචි මාර්ග කිය යි.

අද අලුතින් කොරෝනා ආසාදිතයන් 8 යි; එකතුව 855 යි

කොවිඩ් 19 රෝග ආසාදිතයන් 8 දෙනකු අද සවස් වනවිට හඳුනාගෙන තිබිණි. ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව 855 දක්වා ඉහල ගියේ ය.

පඩි බාගේ ජයසුන්දර පඩි දෙකක් ගනියි !

රජයේ සේවකයින්ගෙන් පඩිය හෝ පඩි බාගයක් ඉල්ලා සිටීම නිසා පඩි බාගේ ජයසුන්දර ලෙස ආරුඩ නමක් පටබැදී ඇති ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා රජයෙන් වැටුප් දෙකක් නීත්‍යනුකුලව ම ලබාගන්නා බව හෙළිදරවු වී ඇත. ඉන් එක් වැටුපක් ජනාධිපති ලේකම් ලෙස ලබාගන්නා අතර අනෙක් වැටුප ලබාගන්නේ මහ බැංකුවේ සේවය කොට විශ්‍රාම යාමට අදාළ විශ්‍රාම වැටුප වශයෙනි ….

තව සති දෙකක් යනතෙක් පොදු ප්‍රවාහන සේවා නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර

තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට උපදෙස් දී ඇතැයි  අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය මැයි මස 11 දින එනම් හෙට දින සිට ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය සමග පොදු ප්‍රවාහන…

මැතිවරණය ජුලි මස මැද හෝ පසුව; දිනය තීරණය කරන්න කොමිසම 12 දා රැස්වෙයි

මහ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසන් සභාව 12 දා ( අඟහරුවාදා ) රැස්වීමට නියමිත ය. මැතිවරණයට තරග කරන පක්ෂ නියෝජිතයන්ගේ හමුවක් ද එදින පැවැත්වීමට නියමිත ය. ජුනි 20 දා මැතිවරණය පැවැත්විය නොහැකි බවට පොදු එකඟතාවක් මේ වනවිට පවතී. දැනට පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි වන්නේ ජුලි මස මැද හෝ ඉන් පසුව…

කොටස් වෙළෙඳපොළ හෙට සිට වැඩ අරඹයි

කොළඹ කොටස් වෙළෙඳ පොලේ වැඩ කටයුතු හෙට සිට ආරම්භ කරන බව නිවේදනය කොට ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වන්නේ මාස එකහමාරකට පසුව ය.

අලුතින් කොරෝනා රෝගීන් 12ක් ; එකතුව 847ක්

කොවිඩ් 19 ආසාදිතයන් 12 දෙනකු අද රාත්‍රී වනවිට හඳුනාගෙන තිබිණි. ඒ අනුව කොරෝන රෝගීන් සංඛ්‍යාව 847 දක්වා ඉහල ගියේ ය. මෙමතත්ත්වය වාර්තා වුයේ අද රාත්‍රී 9.00 වනවිට ය. පසුගිය දිනවල කොවිඩ් අසාදිතය වැඩි පිරිසක් ගැන වාර්තා ලැබුනේ රාත්‍රී  12.00 පසුවීමෙන් පසුව ය. අද හමු වූ ආසාදිතයන් 12 දෙනා ද වැලිසර නාවික හමුදා පොකුරෙන් බව දැනගන්නට…

නිහඬ කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් !

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගත් ප්‍රධාන පොකුරු 31ක් නිවා දැමීමට හෝ පාලනය කිරීමට මේ වනවිට හැකියාව ලැබී ඇතත් රටපුරා  නිහඬව වැඩෙන පොකුරු ගණනාවක් පැවතිය හැකි බව වසංගත රෝග විශේෂඥයෝ කියති. වැලිසර නාවික හමුදා කඳවුරේ ආසාදිත සෙබළුන් සියයක් පමණ නිවාඩු ලබා සමාජයට ගොස් සිටීමත්, ඔවුන් ඇසුරු කළවුන් සියලු දෙන නිරෝධායනයට යොමු කළ ද , හඳුනා නොගත් ආසාදිතයකු…

මුදල් අමාත්‍යාංශ ලේකම් ළඟදීම ඉල්ලා අස්වන ලකුණු

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තමන්ට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.  අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ආටිගල මහතාගේ නම සඳහන්ව තිබුණ ද මුදල් අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ ආර්. ඩබ්. ආර්. ප්‍රේමසිරි මහතා විසින් වීම මීට මූලික හේතුව වී…

ඊයේ රෝගීන් 11යි; එකතුව 835යි

තවත් කොවිඩ් 19 රෝගීන් 11 දෙනකු හමු වූ බව අද උදේ වාර්තා වීය. ඒ අනුව සමස්ත රෝගී සංඛ්‍යාව 835 දක්වා ඉහල ගියේය. අලුතින් හමුවූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද වාර්තා වීය.