මහජන උපයෝගිතා කොමිසමේ සභාපති තනි වෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය.කෙසේ වෙතත්, නීතිය අනුව කොමිසමේ සභාපතිට විශේෂ බලයක් නැති බවත් බලය ඇත්තේ…

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යාමක්

  කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.23 කින් ඉහළ ගොස් ඒකක 8,718.15 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 88.45කින් ඉහළ ගොස් ඒකක 2,724.22 ක් ලෙසින් වාර්තා විය. මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව…

ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික ණයහිමියන්ට ඉන්දියාවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසීය. කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එසේ පැවසීය. “අපි කල්පනා කරන්නේ ඔවුන් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට උදව් කළ යුතුයි. අන් අය කරන තුරු බලා නොසිට නිවැරදි යැයි අපි විශ්වාස…

පස්වැනි ගල් අගුරු නැවත් එයි

  මේ මාසය තුළ පැමිණීමට නියමිතව තිබු තවත්  ගල්අඟුරු නෞකාවක් මෙරටට ළඟා වී තිබේ. ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ  මෙයත් සමග මේ මාසය ඇතුළත ගල්අඟුරු රැගත් නෞකා 05 ක් ළඟා වී ඇති බවයි. මීට පෙර මෙරටට පැමිණ ඇති හතර වන නෞකාවේ ගල්අඟුරු මේ වන විට නොරෝච්චෝලේ බලාගාරයට ගොඩබාමින් ඇතැයි ද…

|

මේ දැවැන්ත රාජ්‍ය අංශය තියාගෙන රට ගොඩ ගන්න බැහැ – ශ්‍රී ලංකා බිස්නස් ටීවී විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ

    මේ රටේ දැනට පවතින අති විශාල රාජ්‍ය අංශය නඩත්තු කරමින් රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකි බව ශ්‍රී ලංකා බිස්නස් ටීවී ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. කිසිදු ඵලදායිතවයකින් තොර විශාල රාජ්‍ය අංශයක් පැවතීම රටේ ජනතාවට දැරිය නොහැකි බරක් බවත්, මේ සියලු බර දරන්නට වන්නේ සාමාන්‍ය ජනතාවට බවත් ඒ මහතා පෙන්වා දෙයි. රටේ…

මුජිබර් රහුමාන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීම සඳහා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මැතිවරණයට දෙන්න සල්ලි නෑ ; භාණ්ඩාගාර ලේකම් අධිකරණයට දිවුරුම් ප‍්‍රකාශයකින් දන්වයි

  ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර වී ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. දිවුරුම් ප්‍රකාශයක් මගින් ඒ මහතා සඳහන් කර ඇත්තේ රජයේ මුදල් කළමනාකරණය ඉතා අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවත් ඒ හේතුව මත පළාත් පාලන මැතිවරණ මුදල් සොයා ගැනීම අසීරු කාර්යයක් වී ඇති බවයි. රජයේ සමස්ත…

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද(19) සම්මත විය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 97 කි. විපක්ෂව ලැබුණේ ඡන්ද 36 කි. ඒ අනුව මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. දිනමිණ          

‘නාමයෝජනා ගත් පසුත් ඡන්දය කල්දැමිය හැකියි’ – හිටපු මැ.කො. කියයි

නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඔහු එබව සඳහන් කර ඇත්තේ ‘දිවයින’පුවත්පත කල විමසිමකදීය. එලෙස කල්දැමිය හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවට, නිසි බලය සහිත අධිකරණයකින් හා පාර්ලිමේන්තුවට පමණක් බව ද ඔහු කියා සිටියි. ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විශේෂිත තත්ත්වයක් උදා වුවහොත්…

පවිත්‍රාට සහ ජීවන්ට කැබිනට් ඇමති ධුර

හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙන්න සුදානමින්

  නව ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම සඳහා සුදානමක් පවතින බව වාර්තා වෙයි. මේ වනවිට ඒ සඳහා ජනාධිපති මන්දිරයේ සුදානම් කිරීම් සිදුවෙන බව එම වාර්තාවල සඳහන් ය.

පොලී අනුපාතවල දැවැන්ත පහළ යාමක්

ඊයේ (18) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොලිය 31.15% සිට 30.08% ක් දක්වා පදනම් අංක 107කින්, දින 182 බිල්පත් පොලිය 31.37% සිට 29.07% ක් දක්වා පදනම් අංක 230 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.04% සිට 28.25% ක් දක්වා පදනම් අංක…