පළමු වරට ඉන්දීය ජාතිකයෙක් ලෝක බැංකුවේ මුල් පුටුවට

දශක අටකට ආසන්න ඉතිහාසයක් ඇති ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික අමෙරිකානු පුරවැසියකු වන අජේ බංගා පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 63 හැවිරිදි සික් ජාතිකයකු වන අජේ බංගා ලෝක ප්‍රකට මාස්ටර් කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර, 2015දී එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමාගේ වෙළෙඳ ප්‍රතිපත්ති සඳහා වන ජනාධිපති උපදේශක කමිටුවේ…

මහ බැංකුවේ නිල විදේශ සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2023 අප්‍රේල් මාසය තුළ දී 2.2% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මහ බැංකුව පවසන පරිදි 2023 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 2,694 ක්ව පැවති නිල සංචිත වත්කම් අගය 2023 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 2,755 ක් දක්වා 2.2%කින් ඉහළ ගොස් ඇත….

උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරු තීරණය කරති

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු…

චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යය ට

‍තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ අද අලුයම ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගිය බවය. තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අනිද්දා (06) දිනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිතය. මේ අතර චාල්ස් රජු  රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවක් ද පැවැත්වීමට නියමිත බව…

උසස් පෙළ විෂයයන් 52 ක උත්තර පත්‍ර බලන්න අයදුම්පත් ලැබිලා

  උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කොට ඇත. තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

ණය පැහැරහැරීමෙන් පසු ලංකාවේ පළමු ප්‍රධාන ආයෝජනය චීනයෙන්

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය. ඉදිකර, මෙහෙවීම සිදු කර, භාරදීමේ BOT ක්‍රමය යටතේ 50 අවුරුදු කාලසීමාවකට මෙම ලොජිස්ටික් මධ්‍යස්ථානය චීනයට හිමිවනු ඇත….

ඉන්ධන මිල අඩු වුණේ මෙහෙම යි

  ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහත සඳහන් ලෙස  අඩු කොට ඇත . ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බවත්…

කැබිනට් සංශෝධන කතාව වෙන්ඩ ඇමැතිලාගේ ප්‍රචාරයක් – රනිල්ගෙන් කිසිදු පොරොන්දුවක් නැහැ

  කැබිනට් සංශෝධනයක සිදුවන බවට වරින් වර දින වකවානු ගැන ප්‍රචාරය කිරීම ඇමති තනතුරු බලාපොරොත්තුව සිටි සහ ඉල්ලා සිටි පිරිසකගේ ක්‍රියාවක් බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක එබඳු ප්‍රකාශයක් කර හෝ පොරොන්දුවක් දී හෝ නැති බවත්, රජයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. කෙසේ වෙතත්, තමන්ට ඇමති තනතුරු ඉල්ලා සිටි පිරිස මාධ්‍යයට තොරතුරු ලබා දුන්නේ සහ…

|

දෙසිය ණය ප්‍රතිව්යුහගතකරණයෙන් බැංකු බිඳවැටීමේ අනතුරක් නැහැ – වරලත් ගණකාධිකාරී සුජීව මුදලිගේ

  මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී බැංකු ක්‍රමය අස්ථාවර නොවිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ථාවරය වී ඇති බවත්, එහෙයින් බැංකු අස්ථාවර වනු ඇතැයි බියක් ඇතිකර නොගත යුතු බවත් වරලත් ගණකාධිකාරී සුජීව මුදලිගේ මහතා ප්‍රකාශ කරයි. මෙහි දී බැංකු තැන්පතුකරුවන්ගේ තැන්පතු කැපීමක් කිසිසේත් සිදු නවන බවත්, ලාබ අඩුවීමක් වුවහොත් එය බලපාන්නේ…

පවුල් ලක්ෂ හතරහමාරක් හොරට සමෘද්ධිය අරන්

  මෙරට පවුල් ලක්ෂ හතරහමාරක් සුදුසුකම් නැතිව සමෘද්ධි සහනාධාර ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව ඉදිරියේ කළ පරීක්ෂණයේ දී හෙළිදරව් වී තිබේ. සමස්ත සමෘද්ධි ලැබී පවුල් සංඛ්‍යාව 1,648,000 ක්  වන අතර එයින් ඉහත කී සංඛ්‍යාව සියයට 33 කට සමාන ය. සමෘද්ධි සහනාධාර ලැබිය යුතු පවුල් 150,979 කට එම ආධාර නොලැබෙන බව ද එහි දී හෙළිදරව්…

ප්‍රති ත්‍රස්ත පනත ඉදිරිපත් කරන්නේ සංශෝධනවලින් පසුව යි -අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

  ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කොට සංශෝධනය කිරීමෙන් පසුව බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මෙම පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට හදිසියක් නැති බව ද ඒ මහතා කී ය. පවතින ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට නව පනතක් ඉදිරිපත් කිරීමට තීරණය වුයේ පවතින…

ශ්‍රී ලංකාවේ නව පිරිපහදුවකට චීනයෙන් ආයෝජනයක්

  ශ්‍රී ලංකාවේ නව පිරිපහදුවක් ඇරඹීමට චීනයේ සිනොපෙක් සමාගම සුදානම් බව මෙරට චීන තානාපති චී ෂේන් වොන් මහතා ප්‍රකාශ කරයි. මෙරට ඉන්ධන පිරවුම් හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට පැමිණෙන සිනොපෙක් සමගම නව පිරිපහදුව සඳහා ඩොලර් මිලියන 120 ක් 140 ක් අතර මුදලක් ආයෝජනය කරනු ඇති බව චීන තානාපතිවරයා කියයි. ශ්‍රී ලංකාවේ දැනට ඇති පිරිපහදුව නවසිය…