නිදහස් ලංකාවේ පළමු වරට කැබිනට් ඇමතිවරයෙක් ධුරය දරද්දී රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙය මෙරට  කැබිනට ඇමති ධුරයක් දරන අයෙකු ධුරයේ සිටිය දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු අවස්තාව ලෙස වාර්තා වෙයි. ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්  අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (03) මාළිගාකන්ද අධිකරණය…

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඉදිරියේ අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන…

වැඩ වර්ජන කල යුත්තේ ජනතා එකගතාවයෙන්.. ජනතාවට පීඩා කරමින් නොවේ..- ලාල් කාන්ත

ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඊට එකඟ නොවන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි. සියලු කම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණව පක්ෂය විසින් පිළිගන්නා නමුත් වැඩවර්ජනය කළ යුත්තේ ජනතාවගේ පැත්තේ හිඳිමින් ජනතාවගේද එකඟතාවයෙන් යුතුව බවත් හෙතෙම පෙන්වා දෙයි….

සුළු සේවකයන්ට DAT ගෙවුවොත් අපි වර්ජනයේ..- විශේෂඥ වෛද්‍යවරුන් ජනපතිට දන්වති..

  තමන්ට අදාළ නොමැති, දැනට නොපවතින දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති සේවකයන්ට එම දීමනාව ලැබෙන්නේ නම් පවතින වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම සඳහා වෛද්‍යවරුන්ටද සමානුපාත මුදලක් ගෙවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එසේ නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද එම සංගමය කියා සිටියි. ජනාධිපති…

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (02) අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ, අමාත්‍යවරයාගෙන් අද පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි. රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

|

මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඩොලර් මිලියන 150ක මූල්‍ය ආධාරයක්

  මුල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ…

|

වැඩ නැති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් වැඩ

    මීට කලෙකට පෙර සිට වැඩ කටයුතු නවතා ඇති රාජ්‍ය ආයතන 17 ක අධ්‍යක්ෂ මණ්ඩල වැටුප් ලබමින් තවමත් සේවය කරන බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂාමහතා ප්‍රකාශ කරයි. මෙබඳු රාජ්‍ය ආයතන 130 ක් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා තෝරාගෙන ඇති බවත්, එයින් ආයතන 85 ක් විකුණා දැමිය යුතු බවත්, ඒ මහතා ප්‍රකාශ කොට ඇත….

|

රුපියල තව ඉහළට ; ඩොලරය රුපියල් 311 ට බසී

    ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යෑම අඛණ්ඩව පෙන්නුම් කරමින් අද දිනයේ ගනුදෙනු ආරම්භ වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 311 මට්ටමට පැමිණ තිබු බව වාර්තා වෙයි. උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඩොලරය රුපියල් 310.50 ට ද අලෙවි වූ බවත්, පසුව එය රුපියල් 311,00 -311.50 වශයෙන් ස්ථාවර වූ බවත් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි. පෙරේදා (31) රුපියල්…

|

2023 වෙළඳ ගිණුම ; රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළට

පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම්…

|

ඩොලරය තවත් පහළට. මහ බැංකුව මෙසේ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 310.54 ක් සහ රු. 320.40 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) 2023…

|

ඩොලරය තවත් රුපියලකින් බහී

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු කරමින් අද දිනයේ ඩොලරයේ අගය තවත් රුපියලකට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාර්තා වෙයි. අද උදෑසන රුපියල් 316.90/317.05 මට්ටමින් ගනුදෙනු වූ ඇමෙරිකානු ඩොලරය අද සවස ගනුදෙනුවල සටහන් වන්නේ රුපියල් 315.50 /70 අගයකින් පැවති බව යි.

භාණ්ඩාගාර බිල්පත් පොලියේ විශාල අඩුවීමක්

අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලු කාණ්ඩවල බිල්පත් පොලී අනුපාතවල සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇත. මාස තුනේ බිල්පත් පොලී අනුපාතය පසුගිය සතියේ වාර්තා වූ සියයට 13.35 සිට සියයට 11.97 දක්වා අඩු වී ඇත. මාස හයේ බිල්පත් පොලිය අඩු වී ඇත්තේ සියයට 13.41 සිට සියයට 12.20 දක්වා ය. වසරකින් කල් පිරෙන බිල්පත් පොලිය…