ඩොලරයේ කළු කඩ මිල රුපියල් 260 ඉක්මවයි

ඩොලර් සඳහා මහ බැංකුව රුපියල් 203 ක් පලන මිලක් නියම කොට ඇතත්, මේ වනවිට කොළඹ ව්‍යාපාරිකයින් ඩොලර් මිල දී ගණන කළු කඩ මිල ඩොලරයක් රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. එම මිලට ද ඩොලර්  සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත්, විවිධ ක්‍රම මගින් ඩොලර් උපයන සමාගම් සොයා යමින් ආනයන කරුවන් ඩොලර් මිල…

ආර්ථිකය හොඳ අතට හැරිලා ! තවත් හොඳ වෙනවා !! – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් හොඳ අතට හැරී ඇති බවත්, එය තවත් හොඳ වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා ප්‍රකාශ කළේ ආර්ථිකය මේ වනවිට යහපත් වෙමින් පවතින බවයි. මහ නා හිමිවරුන් බැහැ බකීමෙන් පසු අද මහනුවර දී මාධ්‍ය අමතා ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ….

අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1700ක් වරායේ

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාස 2කට අධික කාලයක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ සිර වී තිබේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු රජයේ…

අද කොවිඩ් වාර්තා : මරණ 7 යි , නව ආසාදිතයින් 661 යි

රජය අද දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 7 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස 661 ක් වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,197 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 595,657 ක් වශයෙනි.

සහල් කන්ටේනර් 500 ක් තව ම වරායේ තිබෙනවා – වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන

මෙරට සහල් හිගයට විසඳුම් ලෙස ආනයනය කොට ඇති සහල් කන්ටේනර් 500 ක් පමණ මේ වනවිටත් වරායේ ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම , ඉදිරියට ඇතිවිය හැකි සහල් හිගය පාලනය කිරීම සඳහා ඕනෑ ම කෙනෙකුට සහල් ආනයනයට අවසර දී ඇති බවත්, ආනයන බද්ද ශත විසිපහ දක්වා අඩු කොට ඇති බවත් ඇමතිතුමා…

කෘෂිකර්ම ඇමතිගෙන් තවත් ‘ලක්ෂ තුනක’ පචයක් !

කාබනික ගොවිතැන අසාර්ථක බවට රට පුරා ම ප්‍රයෝගික අත්දැකීම් මත පුවත් පලවෙමින් පවතිද්දී එම පුවත් හෑල්ලු කිරීම සඳහා පුවතක් කෘෂිකර්ම ඇමතිගේ උපදෙස් මත නිර්මාණය කොට ඇතැම් මාධ්‍ය වෙත ලබා දී ඇති අතර එයින් කියවෙන්නේ කාබනික ගොවිතැන අසාර්ථක බව කියන ගොවීන්ට ලක්ෂ තුන බැගින් ගෙවීමට කිසියම් පාර්ශවයක් ගොවීන්ට පොරොන්දු වී ඇති බවයි. ගොවි නියෝජිතයින් කෘෂිකර්ම ඇමතිවරයාට…

අද තවත් කොවිඩ් මරණ 16 ක් , නව ආසාදිතයින් 677 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 16 ක් රජය අද දිනයේ තහවුරු කළ අතර අද හඳුනාගත් නව ආසාදිතයින් ලෙස වාර්තා කල සංඛ්‍යාව 677 කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,190 ක් වශයෙන් සටහන් වෙයි. මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 594,996 ක් වශයෙනි.

“ලෙඩුන්ට දිය යුතු බෙහෙත් රෝහල්වල නැහැ” – වෛද්‍යවරුන්ගෙන් හෙදියන්ගෙන් මැසිවිලි

රෝහල්වල ඖෂධ හිගයක් දැනට නැතැයි රජය ප්‍රකාශ කළ ද , රෝගීන්ට ලබාදිය යුතු ඇතැම් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග තමන්ට ලබාගත නොහැකි තත්ත්වයක් පවතින බවත්, එබැවින් ඒවාට ආදේශක ලබා දීමට සිදු වී ඇති බවත් , ප්‍රධාන රජයේ රෝහල්වල වෛද්‍ය සහ හෙදි කාර්ය මණ්ඩල මැසිවිලි නගමින් සිටින බව වාර්තා වෙයි. ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් නියම කරන ඖෂධ ලබාගත නොහැකි…

අද කොවිඩ් මරණ 11 ක් නව අසාදිතයින් 594 ක් වාර්තා වෙයි.

අද දිනය තුළ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 11 ක් වන අතර අලුතින් හඳුනාගත් අසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සහ්ඛ්යව 594 කි. මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,174 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින්මෙතෙක් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 594,319 ක් ලෙස සටහන් වී ඇත.

මුදල් නැතත් වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අධියරට මුල්ගල තබයි

ඉදීකිරීම් සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන නැතත්, වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අධියරේ වැඩ කරයුතු සඳහා ඊයේ මුල්ගල තබනු ලැබීය. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් දෙවන අධියරේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කරනු ලැබී ය. වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 700 ක් පමණ වියදමක් දැරීමට…

අද කොවිඩ් වාර්තා: මරණ 14 යි ; නව ආසාදිතයින් 653 යි

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 14 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රමාණය 653 ක් ලෙස වාර්තා කොට තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,163 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 593,725 ක් වශයෙනි.

ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමයි

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘CCC’ දක්වා පහත දමා තිබේ. මීට පෙර විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු ඇඟවීමක් සිදු  කරමින් ණය ශ්‍රේණිය පහළ දැමී ය.. ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer…