දේශපාලන පක්ෂවලට ගොවියාත් , ඔටුන්නත් නැතිවෙයි !

දේශපාලන පක්ෂ සඳහා ලබාගත හැකි ඡන්ද ලකුණු ලැයිස්තුවෙන් ගොවියා සහ ඔටුන්න ඉවත්කොට තිබේ. මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිකුත් කළ ඇති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නව ඡන්ද ලකුණු නිවේදනය කොට ඇති අතර එමගින් ඉහත ලකුණු දෙක ලැයිස්තුවෙන් ඉවත්කොට තිබේ. ඒ අනුව කිසිදු පක්ෂයකට ගොවියා හෝ ඔටුන්න තම ඡන්ද ලකුණක් ලෙස ලබාගත නොහැකි වෙයි.

අද කොවිඩ් වාර්තා ; මරණ 25 යි , නව ආසාදිතයින් 1217 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ මරණ සංඛ්‍යාව 25 ක් වන අතර හඳුනාගත්  නව ආසාදිතයින් සංඛ්‍යාව 1,217 ක් වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,899 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී තිබෙන්නේ 631,816 ක්…

අද කොවිඩ් මරණ 30 යි ; නව ආසාදිතයින් 1252 යි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ නිවේදන අනුව දිනයේ තහවුරු කල කොවිඩ් මරණ සංඛ්‍යාව 30 ක් වන අතර අලුතින් අහන්දුනාගත් ආසාදිත සංඛ්‍යාව 1,252 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,874 ක් වශයෙනි. මෙරටින් වරත වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 630,599 ක් වශයෙනි.  

චමුදිතගේ නිවෙසට එල්ල වූ ප්‍රහාරය දිගු ලැයිස්තුවකට තවත් අංකයක් නොවිය යුතුය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  හිරු රූපවාහිනී නාලිකාවේ පුවත්පත් සිරස්තල සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල වූ ගල් මුල් හා අසූචි ප්‍රහාරය නිර්ලජ්ජිත එහෙත් බරපතල සිදුවීමක් ලෙස සළකා හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. මීට ඉහත අවස්ථාවකදීද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මරණීය තර්ජන එල්ල වූ බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ ආරක්ෂාව තහවුරු…

අද කොවිඩ් මරණ 31යි , නව ආසාදිතයින් 1150 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද දිනයේ නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 31 ක් වන අතර හඳුනාගත් නව ආසාදිත සංඛ්‍යාව 1,150 ක් වී තිබේ. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,808 ලෙස සටහන් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන්…

එකම ජාතික සම්පත මිනිස් සම්පතයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

  රටේ තිබෙන එකම ජාතික සම්පත මිනිස් සම්පත වන බවත්, එම සම්පතට හොඳ අනාගතයක් හැදීම ආණ්ඩුවේ යුතුකම බවත්  එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටක ජාතික සම්පත යකඩ,සිමෙන්ති හෝ යන්ත්‍ර සුත්‍ර නොවන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා එක ම ජාතික සම්පත වන තරුණ පරපුර අද රට හැර යාමට පෙළ ගැසී…

ජනතාව හූ කියයි කියා මහින්දානන්දට සල්ගාදු රැළියට එන්න එපා කියලා !

  අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය සඳහා සහභාගී නොවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත දැනුම් දී තිබූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි. ඊට හේතු වී ඇත්තේ පොහොර ප‍්‍රශ්ණය මත කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවි ජනතාවගේ දැඩි විරෝධයට මේ දිනවල ලක්ව සිටීමයි. ජනාධිපතිවරයාද සිටින වේදිකාවක කෘෂිකර්ම අමාත්‍යවරයාට යම් විරෝධයක් පෑමට ජනතාව…

විදුලි ඉංජිනේරුවන් විරෝධය පෑ නිලධාරීන් උපදේශකයින් ලෙස යලි සේවයට – අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරයි

අධිකරණ නියෝගයක් මත පුරප්පාඩුව පැවති ලංවිම සාමාන්‍යධිකාරී තනතුරේ වැඩ බැලීමට පත්කොට ඉංජිනේරු සංගමයේ විරෝධය නිසා ඉල්ලා අස් වූ ආචාර්ය සුසන්ත පෙරේරා මහතා සහ හිටපු සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතා මණ්ඩලයේ උපදේශකයින් ලෙස යලි සේවයට බඳවා ගැනීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබේ. ආචාර්ය සුසන්ත පෙරේරා මහතා සේවයට ගැනීමට මණ්ඩලයේ සභාපති එම් සී ෆර්දිනන්ඩෝ මහතා ඉල්ලීමක්…

ඩොලරය රකින්න ගිහින් විදේශයෙන් එන මුදල් සියයට 22 කින් අඩුවෙලා

ඩොලරයට නියම වටිනාකම නොදී පාලනය කිරීමට යාමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිය නිසා මෙරටට විදේශ ශ්‍රමිකයින් එවන මුදල සියයට 22.7 අඩු වී ඇති බව වාර්තා වෙයි. පසුගිය වසරේ එම ලැබීම්වල අඩුවීම සටහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1,6 ක් වශයෙනි මේ අතර ශ්‍රිලංකාවේ ගෙවුම් ශේෂ හිගය ද ඩොලර් බිලියන 8.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව…

විදුලි කපන සැලසුම 15 දා කියයි

ඉදිරි කාලයේ විදුලිය නිෂ්පාදනය සහ කැපීම සම්බන්ධයෙන් සැලසුමක් සහ කාල සටහනක් 15 වැනි දා ,අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව කියයි. ඒ සම්බන්ධයෙන් උපයෝගිතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය අතර පැවති සාකච්ඡා සාර්ථක වූ බවත්, ඒ අනුව යම් සැලසුමක් යටතේ විදුලිය කැපීම ගැන තීරණය කරනු ඇති බවත්, කියති. එම සැලසුම ප්‍රකාශයට පත් කිරීම…

අද කොවිඩ් අඩුවක් ; මරණ 23 යි, නව ආසාදිතයින් 1162 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් මරණ සහ ආසාදිත සංඛ්‍යාවල අඩුවක් පෙන්නුම් කොට ඇත. අද දිනතහවුරු කොට ඇති මරණ සංඛ්‍යාව 23 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 1162 ක් වෙයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 15,777 ක් වශයෙනි….

හොරට ගැසූ රසායනික පොහොරෙන් කෘෂිකර්ම ඇමැතිත් ගොඩ !

මෙවර මහ කන්නයේ දී ඇතැම් ගොවීන් හොර පාරෙන් වැඩි මිලට ලබාගෙන යෙදු රසායනික පොහොර මගින් එම ගොවීන් ලැබූ අස්වැන්න නොවන්නට සමස්ත වී අස්වැන්න ඉතා පහළ මට්ටමකට වැටී කෘෂිකර්ම ඇමති ද මීට වඩා ලොකු අමාරුවක වැටෙන්නට තිබු බවත්, ඇමතිවරයා ද යන්තම් ගොඩ ගියේ හොරට යෙදු රසායනික පොහොරෙන් බවත්, රජරට සහ නැගෙනහිර පළාත්වල ගොවීහු ප්‍රකාශ කරති. ගොවීන්…