යන පොලිස්පති කොරහත් බිඳගෙනම යන්න හදයි !

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජාතික පොලිස් කොමිසමට ද පිටපතක් සහිතව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මේ වනවිට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. පසුගිය අරගල සමයේදී අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් මොහොතේ එහි තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් පොලිස් විශේෂ…

අයි එම් එෆ් ගිවිසුම මේ සතියේ මැති සබයට

  ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකර ගන්නා ගිවිසුම එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමත වූ වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කොට ඇති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. මෙම සඳුදා එයට අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම තොරතුරු අඟහරුවාදා දැනගැනීමට ලැබෙතැයි අපේක්ෂා කෙරයි. එලෙස අනුමැතිය ලැබුණු පසු මුදල් ඇමති වන…

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න විදෙස් සමාගම් කැදවයි ; වරාය, විදුලි, දුම්රිය ඒ අතර

  තව දුරටත් වැඩ වර්ජන සිදු කරමින් රට තුල අත්‍යවශ්‍ය ඒවා බිඳවැටීමේ තත්වයක් ඇතිවුණොත් එම සේවා පවත්වාගෙන යාම සඳහා විදේශීය සමාගම් කැඳවීමට රජය සූදානමින් සිටී. වරාය වැනි සේවාවන් දිගින් දිගටම වැඩ වර්ජන මගින් අඩාල වුවහොත් දකුණු ආසියාවේ ප්‍රබලම වරාය මෙහෙයුම් සමාගමක් ඒ සඳහා කැඳවීමට දැනටමත් සාකච්ඡා සිදු කර ඇත. විදුලිබල දුම්රිය වැඩවර්ජන නිසා ජනතාවට සිදුවන…

පුද්ගලික විශ්ව විද්‍යාල යන සිසුන්ට ලක්ෂ 11 ක පොලී රහිත ණයක්

  අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු රජයේ විශ්ව විද්‍ය්ලවලට ඇතුළත් වීමට නොහැකි වන හෝ කැමැත්තෙන් පෞද්ගලික උසස් අධ්‍යාපනය තෝරා ගන්නා හෝ සිසුන්ට රුපියල් ලක්ෂ 11 ක පොලී රහිත ණය මුදලක් ලබා දීමට රජය තීරණය කොට ඇත. මෙයින් රුපියල් ලක්ෂ 8 ක් පාටමලා ගාස්තු සඳහා වන අතර ලක්ෂ 3 ක් ලබා දෙන්නේ යැපුම් දීමනාවක් වශයෙනි. පළමු…

රාජකාරි ප්‍රතික්ෂේප කරන රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයින් බැහැරවී සිටීම කනගාටුදායක තත්ත්වයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. හම්බන්තොට ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමීක්ෂණ සිදුකිරීම රාජ්‍ය සේවකයිනගේ වගකීමක් බවය. මේ අතර සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ සමීක්ෂණ මේ මස 31වන දිනෙන් අවසන් වන බැවින් නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි…

රජයේ වාණිජ ව්‍යාපාර 40 ක් වසා දමනවා – මුදල් රජය ඇමති ෂෙහාන් සේමසිංහ

    අකාර්යක්ෂම ලෙස හනුනාගෙන ඇති රාජ්‍ය ව්‍යාපාර 40 ක් වසා දමන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රජය ව්‍යාපාරික කටයුතුවල නොයෙදිය යුතු බවට ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති බව ද ඒ මහතා කියයි. ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල් ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330 ක මුදලක් මාර්තු අග ලැබෙනු ඇති ද ඒමහත පවසයි….

ර්වජනයට ප්‍රතිචාරයක් ! ගුරු මාරු මණ්ඩලය විසුරවයි

  අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර ඇත. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇත. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු…

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවෙන් ශ්‍රේෂ්ටාධිකරණයට ලිපියක්

  පළාත් පාලන ඡන්දයට මුදල් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ටාධිකරණය මුදල් අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබා දෙන්නයි ඉල්ලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ටාධිකරණයට ලියුමක් යවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීම ගැන පරීක්ෂණයක් සඳහා මෙලෙස එම නියෝගය ඉල්ලා ඇති බව ප්‍රේමදාස මහතා කියයි. ඒ…

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි. ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර, නිල නොවන මට්ටමින් මේ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ දේශබන්දු…

පළාත් ඡන්දය තියන්න සල්ලි නැත්නම් මහ මැතිවරණය තියන්න – ආචාර්ය නාලක ගොඩහේවා

  රජය පළාත් පාලන ඡන්දය නොතියන්නේ නම් මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , නිදහස් සන්ධානයේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. මුදල් නැති බව කියමින් ආණ්ඩුව පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම ගැන අදහස් දක්වමින් ඒ මහතා මෙබවකී ය. නාලක ගොඩහේවා මහතා කීවේ මහ මැතිවරණය…

මැතිවරණ කොමිසම රැස්වෙයි ; පක්ෂවල 2021 ගිණුම් ප්‍රකාශ වහා ම ඉල්ලයි ; නොදුන්නොත් ලියාපදිංචිය අහෝසියි

  මැතිවරණ තරග කරන සියලු දේශපාලන පක්ෂවල විගණනය කරන ලද ගිණුම් වාර්තා දින 14 ක් ඇතුලත තමන්ට ලබා දෙන ලෙස සියලු පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම් දීමට අද රැස් වූ මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇත. මැතිවරණ කොමිසම මෙලෙස ඉල්ලා ඇත්තේ 2021 වසර සඳහා වූ ගිණුම් වාර්තා ය. එම වාර්තා ලබා නොදෙන පක්ෂවල ලිය පදිංචිය අහෝසි…

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැහැ – මුදල් ලැබෙන පාටක් නෑ – මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දන්වයි

   ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින්  මුද්‍රණයට අත තැබිය නොහැකි බව  රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ  මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින්  දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන්  කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද   ඇය සඳහන් කොට තිබේ. මුදල්…