නාමල් , යෝෂිත බේරාගන්න මහින්ද රනිල්ගේ පිහිට පතයි

නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ දෙදෙනාට එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් චෝදනා වලින් ඔවුන් බේරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී උපකාර ඉල්ලා ඇති බව වාර්තා වෙයි .මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අගමැති නිල කාමරයට ගොස් අගමැති තුමා හමුවී සාකච්චා කර ඇත . තමන්ට දැන් දේශපාලනයෙන් වැඩක් නැති බවත් කෙසේ…

ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට නිදහස් වීසා

ශ්‍රී ලාංකිකයන්ට දින තිහක් සදහා රටට ඇතුළුවන අවස්ථාවේ වීසා ලබාදීමට ඉන්දුනීසියානු රජය තීරණය කොට ඇත . තවත් රටවල් 79කට ද එම පහසුකම ලබාදී ඇත .කෙසේ වෙතත් දින 30න් පසු වෙනත් ආකාරයක වීසා ලබා ගැනීමට ඉඩ නැත .අවශ්‍ය නම් තවත් දින තිහක් සදහා වීසා ලබාගත හැකිය .

ගෝලීය දෙමළ සංසදයෙන් නව ව්‍යවස්ථාවට යෝජනා

ගෝලීය දෙමළ සංසදය යෝජිත නව ව්‍යවස්ථාව සඳහා ජනතා අදහස් ලබාගැණිමේ කොමිසම වෙත තම යෝජනා ඉදිරිපත් කර ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් යුක්තියට දැන ගන්නට ලැබී ඇත. විශේෂයෙන් සිංහළ බෞද්ධ ආධිපත්‍ය හා බහුතරවාදී මෙන්ම සංවරණ තුළන මූලධර්ම නොමැති 72 සහ 78 ජනරජ ව්‍යවස්ථා දෙක ශ්‍රි ලංකාවේ ජාතික ගැටුම උත්සන්න කරමින් රට අධිකාරිවාදයකට යටත් කළ…

මේජර් ජනරාල් ලකී අල්ගම ,එස් එස් පී සෙනෙවිරත්න කොටින් ලවා මැරෙව්වේ බුද්ධි අංශ කල්ලියක්ලු

මෙජර ජෙනරාල් ලකී අල්ගම , එස් එස් පී සෙනවිරත්න ඝාතන ඇතුළු අපරාධ රැසක් එල් ටි ටි යට පහසුකම් හා ඔත්තු ලබාදෙමින් සිදුකර ඇත්තේ හමුදා ඔත්තු සේවයේ පිරිසක් විසින් බව හෙළිවී ඇතැයි සත්හඩ පුවත්පතේ වාර්තාවකින් කියයි පසුගිය සමයේ දී එල්ටීටීඊ සංවිධානයට බැර කළ නමුත් හමුදා බුද්ධි අංශය විසින් දේශපාලන හා පෞද්ගලික එදිරිවාදිකම් මත සිදු කරන ලද…

බිලියන 200ක විදුලි ගනුදෙනු වල විගණන වාර්තා අතුරුදන් – විගණකාධිපති පරීක්ෂණයකට කෝප් කමිටුවෙන් නියෝග

ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 200ක වාර්ෂික විදුලි මිලදී ගනුඉම් ගැන විගණන වාර්තා නොමැති බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා කියයි . ඒ පිල්කිබදව පරීක්ෂා කොට වාර්තා කරන ලෙස කෝප් කමිටුව විගණකාධිපති වරයාට නියෝග කොට ඇත . මණ්ඩලය කළ මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් කිසිදු පිළිගත් ක්‍රමවේදයක් නොතිබූ බවද හදුන්නෙත්ති මහතා කියයි . මේ අතර…

යෝශිතට දෙහිවල මහා මන්දිර දෙකක් – එකක් සිවුමහල් අනෙක දෙමහල්

කළුසල්ලි සුදු කිරීමේ චෝදනාව එල්ල වී තිබෙන යෝෂිත රාජපක්ෂට අයත් තවත් රුපියල් කෝටි ගණනක දේපළ සොයාගෙන ඇති බව අනාවරණය වේ. දෙහිවල මිහිඳු මාවතේ අංක 173/2 දරණ ලිපිනයේ පිහිටි සුවිශාල සිව්මහල් නිවසක් සහ දෙමහල් නිවාසක් මේ වනවිට සොයාගෙන ඇත. ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගෙන ඇති සොදිසි නියෝගයකට අනුව කරන ලද පරීක්ෂණවලදී මෙම දේපල සොයාගෙන…

ගෝඨාගේ ලක්ෂ 400ක තවත් වංචාවක් ගැන පරීක්ෂණ

  මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවති රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් හම්බන්තොට වෙරළ උද්‍යානය සකස් කිරීමට යැයි පයවසා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් ලබාගෙන මුදල වංචාවක් සිදු කර ඇති බවට ලැබී තිබෙන පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි…

බංග්ලාදේශ බැංකු හොරු ශ්‍රී ලංකාවේ සංවිධානයත් රවටලාලු !

බංග්ලාදේශ මහ බැංකුවෙන් මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට හා පිලිපීනයට එවීමේ හොරකමේදී එයට සම්බන්ධ මෙරට රාජ්‍ය නොවන සංවිධානයද රවට ඇති එහි අධ්‍යක්ෂවරු ප්‍රකාශ කරති . ශාලික ෆවුන්ඩ්දෙසන් නම් එම සංවිධානයේ ප්‍රධානි ශාලික පෙරේරා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට ජපාන ජාත්‍යන්තර සහයෝගිත සංවිධානයෙන් මුදල් ලබාදීමට ජපන් ජාතිකයකු පොරොන්දු වූ බවයි . බංග්ලාදේශ රජයේ විදුලි සමාගමකට ලබා දී තිබු…

පසුගීය රජයේ මැති ඇමතිවරු බාර් ලයිසන් තුන් සියයක් බෙදාගෙන – “තිතට මත “

පසුගිය රජයේ මැති ඇමතිවරුන් මත්පැන් විකිණීමේ බලපත්‍ර තුන් සියයකට වැඩි ගණනක් තමන් අතර බෙදාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . එයින් හතලිස් පහක් මැති ඇමතිවරුන්ගේ නමින්ම ලබාගෙන ඇති අතර අනෙක් බලපත් ලබාගෙන ඇත්තේ පවුලේ අයගේ , ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නම් වලටය . වයඹ පළාතේ හිටපු ඇමතිවරයකු බලපත් හැත්තෑ දෙකක් ලබාගෙන ඇත . බලපත්…

එක්නැලිගොඩ ඝාතක සැකකරුවන් ඇප මත නිදහස් කළ නොහැකි බවට අධිකරණය තීන්දු කරයි

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිම සම්බන්ධ නඩුව අද (29) හෝමාගම අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර සැකකාර  හමුදා සෙබළුන් 9 දෙනා ඇප මත නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ විනිසුරු රංග දිසානායක මහතා ඔවුන් යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය. ප්‍රගීත් එක්නැලිගොඩගේ සිරුරක් හමුවී නොමැති බැවින් මොවුන්ට ඝාතන චෝදනා ඉදිරිපත් කළ හැකිද එසේ නැතිනම් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකොට ඇප ලබා…

ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් හදන්න ජපානයෙන් බිලියන 56ක් – පොලිය සියයට දශම එකයි – ගෙවන්නේ අවුරුදු 40කින්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්තයක් ඉදිකිරිම සදහා රුපියල් බිලියන 56ක් ලබාදීමට ජපාන අන්තර්ජාතික සහයෝගිත ආයතනය ඉදිරිපත් වී සිටියි . ජපන් තාක්ෂණයෙන් ඉදිකරණ මෙම පර්යන්තය මගින් අලුතින් වසරකට මගින් මිලියන 15ක් සදහා පහසුකම් සැලසිය හැකිය . දැනට ඇති පර්යන්තයේ ධාරිතාවය මිලියන 6කි .මේ වනවිටත් එම ධාරිතාවය ඉක්මවා භාවිත වන නිසා විශාල තදබද තත්වයක්…

“මිනිය අතුරුදන් කළොත් මිනීමරුවන්ට ගැලවී යා හැකිද ?” – එක්නැලිගොඩ නඩුවේදී අධිකරණයට ප්‍රශ්නයක්

දැන් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ නඩුවේදී ඔහු මරාදම ඇති බව පැහැදිලිව පෙනීගොස් ඇති නමුත් මිනියක් හමුවී නැති තත්වයක් තුල මිනීමැරුම් චෝදනා එල්ල කල හැකිද යන ප්‍රශ්නයට විසදුමක් දීමට අධිකරණයට සිදුව ඇති බව නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි . ප්‍රගීත් පැහැරගෙන යාම පිලිබදව පරීක්ෂණ කරන රහස් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රගීත්…