කළු සල්ලි ගෙනෙන කාලය අප්‍රේල් දක්වා දීර්ඝ කරයි

උපයාගත් ක්‍රමය හෙළිදරවු කළ නොහැකිව විදේශවල තැන්පත් කොට ඇති ධනය මෙරට තැන්පත් කිරීමට දී ඇති කාලය ලබන අප්‍රේල් දක්වා දීර්ඝ කරන බව මහ බැංකුව නිවේදනය කරයි. මෙලෙස රැගෙන එන මුදල් විදේශ විනිමය සඳහා මීට පෙර පවතී සියලු නීතිවලින් නිදහස් කෙරේ. මහ බැංකුව කියන්නේ පසුගිය අප්‍රේල් සිට ලබාදුන් සහනයෙන් සාර්ථක  ප්‍රතිඵල ලැබී ඇති නිසා මෙම තීරණය…

බන්ධනාගාර කොවිඩ් පොකුර 2051 ක් දක්වා ඉහළට ; අදත් 197 ක් එක්වෙති

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති පොකුරෙන්  කොවිඩ් -19 වෛරස ආසාදිතයින්  2,051 දෙනෙකු  හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි. එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. අද දිනයේ ද බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 ක් වාර්තා වී තිබේ.  

යාපනයේ සහ කිලිනොච්චියේ සියලු පාසල් හෙට වැසේ

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකේ සියලු පාසල් හෙට වසා තැබීමට තීරණය කොට තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ජලගැලීම් නිසා මෙම තීරණය ගෙන තිබේ.

ගාල්ලේ සියලුම පාසල් හෙට සිට වැසේ

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට(07) සිට සිට දින 03ක් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියි. කොරෝනා වසංගත තත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිවේදනය කළේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් 26ක් ඇති බවය.

ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්තවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයකු වූ හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වන විට එතුමා 67 වන වියේ පසුව තිබේ. පසුගිය රජයන්වල කැබිනට් අමාත්‍යවරයකු, රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ. ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , පොදු පෙරමුණු සහ එක්සත්…

කොළඹ , ගම්පහ ප්‍රදේශ කිහිපයකට අලුතින් අගුළු දමයි

හෙට (07)උදෑසන 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශය, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටේ වත්ත සහ වැල්ලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කෝකිලා පාර ප්‍රදේශය එලෙස අලුතින් හුදකලා කෙරේ. එමෙන්ම කිරිබත්ගොඩ පොලිස්…

තවත් කොවිඩ් මරණ හතක් ; දැන් එකතුව 137 යි ; තිදෙනකු නිවෙස්වල දී මියගිහින්

අද තවත් කොවිඩ් මරණ හතක වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 137 කි . මෙයින් තිදෙනකු මියගොස් ඇත්තේ නිවෙස්වල යි.  තවත් දෙදෙනකු බන්ධනාගාර රෝහලේ දී මියගොස් ඇති අතර දෙදෙනකු මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ දී ය.

අදත් කොවිඩ් ආසාදිතයින් 669ක් ; පොකුර 23,674 යි ; සමස්තය 27,224 යි

අදත් කොවිඩ් ආසාදිතයින් 669ක් ; පොකුර 23,674 යි ; සමස්තය 27,224 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 669 ක් වාර්තා වූ බව හමුදාපති ලුතිනන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි . 501 ක් සහ 168 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය. මුලින් වාර්තා වූ 501 අතරින් 319 ක් පෑලියගොඩ පොකුරින් සහ 182 ක් බන්ධනාගාර පොකුරෙන් බව පළමු නිවේදනයේ සඳහන් වී ය. දෙවනුව හඳුනාගත් 168…

ගාල්ලේ ග්‍රාම නිලධාරි වසම් පහකට අගුළු දමයි

ගාල්ලේ ග්‍රාම නිලධාරි වසම් පහක් සඳහා සංචරණ සිමාපැනවීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව ගාල්ල නාගරික සභා බල ප්‍රදේශයට අයත් ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම්වල සිමා සහිත සංචරණ සිමා පනවා තිබේ. ගාල්ල නාගරික බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (05) දින වාර්තා වී තිබේ.

මගේ නඩුවේ තීන්දුව 08 වෙනිදා.. එදාට මං හිරේ යනවා.. අද මගේ අවසන් පාර්ලිමේන්තු දිනයයි..- රන්ජන් තමන්ගේ නඩු තීන්දුවත් අදම කියයි..

තමන්ට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩුවක තීන්දුව 8 වනදා ලබා දීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. ඒ අනුව තමන් එදිනට හිරේ යාමට නියමිත යැයි ද ඔහු පැවසීය. අද දින තමන්ගේ පාර්ලිමේන්තුවේ අවසන් දිනය යැයිද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. අඩුම මාස හයක් සහ උපරිමය අවුරුදු දෙකක්…

පොලිස් ස්ථාන 85 ක 1277 කට කොවිඩ් ; ප්‍රභූ ආරක්ෂකයෝ 44 කටත් හැදිලා

දිවයිනේ පොලිස් ස්ථාන 85 ක නිලධාරීන් 1277 කට මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. එයින් වැඩි ම පොරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ නගරයේ ප්‍රධාන පොලිස් ස්ථාන වලිනි. ප්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් 44 දෙනකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දමයි..

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දමා ඇත. එම මධ්‍යස්ථානයේ සේවකයන් සහ ආශ්‍රිතයන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් හා සෙසු සේවකයන්ට කෙරෙන  කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදු කරමින් පවතී….