කොතලාවල විශ්ව විද්‍යාල පනතත් රිවස් කරයි ; අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරයි

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට තීරණය කර තිබෙන බව  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. ඒ අනුව  එම පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන අතර පනත ඉදිරිපත් කිරීම දින නියමයක් නැතිව කල් දමා තිබේ. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය….

‘‘දිල්රුක්ෂි ඩයස් යළි සේවයේ පිහිටුවන්නැයි දුන් නියෝගයට පියවරක් ගන්න‘‘ – ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලයි

වැඩ තහනමට ලක්වූ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළිත් සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය සභාවෙන් දෙන ලද නියෝගය පිළිබඳව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් නීතිපති සංජය රාජරත්න මහතා වෙත ලිපියක් යොමු…

අලියෙක් ගසා මැරුනොත් ලක්ෂ දහයක් වන්දි ! ඇමති මණ්ඩලය තීරණය කරයි !!

අලින් පහරදීම නිසා මියයන අය වෙනුවෙන් දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහේ සිට දහය දක්වා වැඩි කිරීමට ඇමති මණ්ඩලය තීරණය කොට ඇත. ආරක්‍ෂිත සත්ව කොට්ටාස ලෙස නම් කොට ඇති අලි, කොටි, වලසුන්, කුළු හරක්, සහ කිඹුලන්ගේ ප්‍රහාර නිසා මියයන ය වෙනුවෙන් මෙම වන්දි හිමිවනු ඇත. එබඳු ප්‍රහාර නිසා ආබාදිත වන අයට දෙන වන්දි මුදල 75,000…

අද වාර්තා කළ කොවිඩ් මරණ ගණන 74 ට නගී ; නව ආසාදිතයින් 2423 යි

අද රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 74 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645 ක් වෙයි. අද අලුතින් හඳුනාගෙන ඇති බවට රජය වාර්තා කළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,423 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 216,192 ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයින් අඩුවෙන් වාර්තා…

රසායනික පොහොර සම්පුර්ණ තහනම ඉවත් කරමින් බැසිල්ගෙන් ගැසට් නිවේදනයක්

සියලු ම වර්ගයේ රසායනික පොහොර සඳහා පනවා තිබු තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. නයිට්‍රිජන්, පොස්පරස් , සහ පොටසියම් අඩංගු රසායනික හෝ ඛනිජ පොහොර නිෂ්පාදන මෙරටට ගෙන්වීමට මෙම ගැසට් නිවේදනය මගින් අවසර ලබා දී තිබේ. රසායනික නයිට්‍රිජන් පොහොර හෝ කැල්සියම් කාර්බෝනෙට් යෙදූ නයිට්‍රිජන් පොහොර ගෙන්වීමට සහ…

|

ජනාධිපතිතුමනි, ඔබට ලැබෙන තොරතුරු වැරදියි ; වන්දිභට්ටයින් දෙන ලණු කන්න එපා ! – එජාපයේ නවීන් දිසානායකගෙන් ජනාධිපතිතුමාට අවවාද

කෙනෙකු ජනාධිපති වූ විට බොහෝ දෙනා වට වී ස්ත්‍රෝත්‍ර කියන්නට පටන් ගන්නා  බවත් , ඔවුන් ජනාධිපතිතුමාට නිවැරදි තොරතුරු ලබා නොදෙන බවත්, ජනාධිපතිතුමා ඔවුන් දෙන වැරදි තොරතුරුවලට ඇහුන්කන් නොදිය යුතු බවත් , එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය, නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි. රටේ බොහෝ ප්‍රශ්නවල දී ජනාධිපති තුමාට නිවරදි තොරතුරු නොලැබෙන බව පෙනීයන බවත්, විශේෂයෙන්…

කොරෝනා ගැන බ්‍රතාන්‍ය සම්ප්‍රදායට යන්න රනිල්ගේ යෝජනාවට ආණ්ඩුව එක පයින් කැමති වෙයි !

බ්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මෑතක සිට ක්‍රියාත්මක සම්ප්‍රදායයකට අනුව යමින් පාර්ලිමේන්තුව රැස්වන සෑම සතියක ම එවිට පවතින කොරෝනා තත්ත්වය පිලිබඳ සම්පුර්ණ වාර්තාවක් සෞඛ්‍ය ඇමතිතුමිය විසින් සභාවට ඉදිරිපත් කළ යුතු බවට එජාප මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුව අද එක හෙළා පිළිගත්තේ ය. පාර්ලිමේන්තුව අද රැස් වූ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත්…

අද කොවිඩ් මරණ 63 ක් ; නව ආසාදිතයින් 2382 ක්

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 63 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4,571 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 2,382 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 313,731 ක් වෙයි.

නිශ්ශංක සේනාධිපතිගේ හඬපට බොරු ; දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි ; බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු

අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. අදාල සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මිය ගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කරනු ලැබ…

දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිසමට එරෙහිව රනිල්ගෙන් රිට් පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද ගොනු කළේය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු…

වී මිල පහත දමා ආණ්ඩුව මගහරී ! කිලෝව රුපියල් හතලිහට දෙන්න වෙලා !!

යල කන්නයේ අස්වනු නෙලන මේ අවස්ථාව වන විට වී මිල සහ සහල් මිල තදින් පාලනය කරන බව කියා රජය ප්‍රකාශ කළ මිලට වත් වී ගැනීමට ඉදිරිපත් නොවීම නිසා වී කිලෝව රුපියල් හතළිහකට තරම් අඩු මිලකට පෞද්ගලික වෙළෙඳුන්ට විකීනීමට තමන්ට සිදුව ඇති බව රජරට ගොවියෝ කියති. රජය සහතික මිලට වී ගන්න බව කීව ද , බොහෝ…

අද කොවිඩ් මරණ 67 ක් ; නව ආසාදිතයින් 2490 ක්

අද දිනයේ රජය නිකුත් කළ නිල වාර්තා අනුව තවත් කොවිඩ් මරණ 67 ක් තහවුරු කොට ඇත. ඒ අනුව මේ වනවිට මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,508 කි. නව කොවිඩ් ආසාදිතයින් 2,490 ක් අලුතින් හඳුනා ගත් බව ද වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන අනුව සටහන් වන්නේ…