ඇමති බන්දුලගෙන් තවත් වික්‍රමයක් ! කොවිඩ් මැද්දේ අපනයන ආදායම සියයට 31 කින් වැඩි කරගෙන !

කොවිඩ් වසංගතය පැවතිය ද මෙරට අපනයන අදායම සියයට 31 කින් වර්ධනය කරගත හැකි වූ බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. මෙරටින් කෙරෙන භාණ්ඩ අපනයනය සියයට 32.6 කින් ද , සේවා අපනයනය සියයට 27.3 කින් ද වැඩි වී ඇති බව වෙළෙඳ ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත. ඇමතිවරයා කියන්නේ මෙය අපනයන සංවර්ධන මණ්ඩලය ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්…

කළු සල්ලි සුදු කරන්න ඉඩ දෙන නීතියක් ගෙනෙන බව ඇමති බන්දුල කියයි – ඩේසි ආච්චිගෙන් ලැබුණු මුදල් එලියට !

ශ්‍රී ලාංකිකයන් අයතා ලෙස උපයාගෙන ඇති සහ බදු දැලෙන් බේරීම සඳහා සඟවාගෙන සිටින කළු සල්ලි සුදු කිරීමට ඉඩ ලබෙන පනතක් ළඟදී ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලාංකිකයින් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ උපයාගෙන සඟවාගෙන සිටින කළු සල්ලි විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඉඩ සැලසෙනු ඇත….

කොවිඩ් අඩුවක්; මරණ 34 යි ; ආසාදිතයින් 1251 යි

අද වාර්තා කළ, ඊයේ සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 34 කි. එම නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3,191 ක් වශයෙනි. අද වාර්තා කොට ඇති නව ආසදිතයින්ගේ සංඛ්‍යාව 1,251 කි. ඒ අනුව මෙරට සමස්ත ආසාධිත සංඛ්‍යාව සටහන් වන්නේ 264,046 ක් වශයෙනි. එම නිල සංඛ්‍යා අනුව කොවිඩ් ව්‍යාප්තියේ අඩුවක් පෙන්නුම්…

බැසිල්ගේ ඉරණම ගැන රාජපක්ෂ පවුලේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් ! ගෝඨාගෙන් යහපත් ප්‍රතිචාරයක් නෑ!

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කළ රාජපක්ෂ පවුලේ අද පැවතී සාකච්ඡාව කිසිදු තීරණයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවසේ දී මෙම සාකච්ඡාව පවත්වා  ඇත. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පවුලේ සියලු සාමජිකයෙන් මෙයට කැඳවා තිබුණේ දිවා  භෝජන සංග්‍රහයක් ද සුදානම් කරමින් ය. අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ,…

බැසිල්ගේ 8 දා පාර්ලිමේන්තු ගමන බකල් !

බැසිල් රාජපක්ෂ මහතා මෙම මස  8 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට කර තිබු සැලසුම ඒ අයුරින් ක්‍රියාත්මක නොවන බව අලුත් ම ආරංචි මාර්ග හෙළි කරයි. ඒ මහතාට දිවුරුම් දීම සඳහා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ඉල්ලා අස් විය යුතු අතර ඒ සඳහා තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති බව කියති. බැසිල්ට ඉඩ දීමට ඉල්ලා අස් වන අය…

පාටලීට සජිත්ගෙන් දරුණු කැපිල්ලක් – සජබයේ තීරණ ගැනීමෙන් ඉවතට !

සමගි ජන බලවේගය තුළ පාටලී චම්පික රණවක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ගැටුම දරුණු අතට හැරී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් රණවක මහතා සම්පුර්ණයෙන් ම පාහේ ඉවත් කොට ඇති බවත්, එම පක්ෂයේ තතු දත් ආරංචිමාර්ග කියයි. සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට තමන්ගේ පක්ෂයේ වැඩ කටයුතු පිලිබඳ තීරණ ගැනීමට උපදේශක මණ්ඩලයක්…

විනිමය පාලනයේ ප්‍රතිඵල එයි ; ඩොලර් කළු කඩයක් බිහිවෙයි ; මිල රුපියල් 240 යි

ශ්‍රී ලංකාවේ විනිමය පාලනය තව දුරටත් සීමා කරමින් බැංකු මගින් කෙරෙන වීදේශීය ගෙවීම් දැඩි පාලනයකට යටත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා නිකුත් කළ ගැසට් පත්‍රයත් සමග කොළඹ විනිමය කළු කඩයක් බිහි වී ඇති බවත්, ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 240 ක් දක්වා මිළ ඉහල ගොස් ඇති බවත්, වෙළෙඳපොළේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක් රුපියල්…

ජනාධිපතිගේ පල් බොරුවක තරම ඇමති ජී එල් හෙළිකරයි

මෙරට පාසල් 10,000 කට අධිවේගී අන්තර් ජාල පහසුකම් ලබා දී ඇතැයි ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ ජාතිය අමතා කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා  ඊයේ මාධ්‍ය අමතා කළ ප්‍රකාශයක් මගින් තහවුරු කළේ ය. අධ්‍යාපන ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කළේ පාසල් සිසුන්ට අන්තර් ජාල පහසුකම් ලබාගත හැකි ස්ථාන 2000 ක්…

කාබනික වගාව එකවර කරන්න බෑ ; ගොවීන් දැඩි අර්බුදයක – පොහොට්ටු මන්ත‍්‍රී ෂාන් විජේලාල්

රට තුළ රසායනික පොහොර ආනයනය එක්වරම නතර කිරීම හේතුවෙන් ගොවියා දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කරයි. කාබනික වගාවකට රට සූදානම් කළ යුත්තේ ක්‍රමානුකූලව යැයි ද පවසන ඒ මහතා එය එක්වරම සිදුකිරීම හේතුවෙන් ගොවි අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි යැයිද කියා සිටියේය. කාබනික…

කොවිඩ් මරණ 37 ක්, ආසාදිතයින් 1773 ක් අද වාර්තා වෙයි.

අද දින අලුතින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 37 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වන්නේ 3157 ක් වශයෙනි. අද දින නිකුත් කළ නිල වාර්තා අනුව අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,773 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 262,709 ක් ලෙස…

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ස්මාරක නඩුවේ ඉතිරි විත්තිකරුවන් හය දෙනාත් නිදහස්

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීම සඳහා කොටිතුනකට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවරා තිබු නඩුවේ ඉතිරි විත්තිකරුවන් සය දෙනා ද නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මඩුල්ල අද තීරණය කළේ ය. මෙම නඩුවේ එක් විත්තිකරුවකු වූ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා ඔහුට එරහිව නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් මීට පෙර නිදහස්…

ජේ. නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරය සම්බන්ධව මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ෆේස්බුක් ඔස්සේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද තර්ජනාත්මක ප්‍රතිචාරයක් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිවරය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ . මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකමුතුව එමගින් පිලිස්ප්ස්තිවරයාගෙන් ඉල්ලා සිටියි….