වැලිකඩ බන්ධනාගාරයේ සමුහ ඝාතනය සම්බන්ධයෙන්  ගෝඨාභයට මිනීමැරුම් චෝදනා.

වැලිකඩ බන්ධනාගාරයේ සමුහ ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයට මිනීමැරුම් චෝදනා.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අඩපණ කිරීම සඳහා පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලැබී…

වීරසුමන වීරසිංහ අමාත්‍යධුරයෙන් ඉවත් කෙරේ

ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන දකුණු පළාත්සභා අමාත්‍ය  වීරසුමන වීරසිංහ මහතා අමාත්‍යධුරයෙන් ඉවත් කොට ඇත . ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඔහු ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික හා කලා කටයුතු, සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම්, මිනිස් බල හා රැකීරක්ෂා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කරයි

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබේ. ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයවූ රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පසුගිය 2016 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදිය පත් කලේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ඝාතනය, ව්‍යාපාරික මොහොමඩ්…

සිල් රෙදි නඩුවට ලලිත් හා අනූෂ වැරදිකරුවෝ වෙති.

පසුගිය ජනපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදාදීමේ නඩුවට අදාළ චෝදනා එල්ල වී සිටි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාම කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා වැරදිකරුවන් බවට පත්කරමින් කොළඹ මහාධිකරණය එහි තීන්දුව අද (07දා) ප්‍රකාශයට පත් කළේය. රජයේ මුදල් රුපියල් මිලියන 600ක් පමණ වැය කර…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත සම්මතයි !

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඡන්ද 44කි. පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේ සළකා බලා තෙවැනිවර කියවා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනය කළේ ය. පනත් කෙටුම්පත  දෙවනවර කියැවීමේ විවාදය ඊයේ (24)…

අධිකරණය තලතාට බුද්ධ ශාසනේ ගාමිණීට

අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ අධිකරණ අමාත්‍ය තනතුරට වත්මන් රජයේ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (25) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ  දිවුරුම් දී තිබේ. එමෙන්ම  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා ද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇත. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම…

ආණ්ඩුවේ ඉදිරි අට වසරේ දර්ශනය ලබන 4දා ජනතාවට

ඉදිරි වසර අට (2018 – 2025) සඳහා වූ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ දර්ශනය ජනපති – අගමැති දෙදෙනා එක්ව ලබන මස 4වැනි දා ජනතාව හමුවේ තබන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය. ‍වසර 2015න් ඇරඹි නව සම්මුතිවාදී රජයේ ඉදිරි දැක්ම මේ අන්දමට රට හමුවේ තැබීමත් සමඟ ශීඝ්‍ර සමාජ ආර්ථික දියුණුවක් ඇරඹෙන බව ද රාජ්‍ය…

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

සියලුම පළාත් සභාවල  ජන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය  යුතු බවට සඳහන් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත්  පනත් කෙටුම්පත අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම සංශෝධනය අනුව සියලුම පළාත් සභාවල මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය යුතුය. පළාත් සභා විසුරුවන දිනය පාර්ලිමේන්තුව විසින් තිරණය කරන අතර නියමිත දිනට  පෙර ධුර කාලය අවසන්…

ඒකාබද්ධයේ පොදු අපේක්ෂක ලණුව විජේදාස ගිලලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

විජේදාස රාජපක්ෂ මහතා 2020 වසරේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂය දී ඇති ලණුව ගිල අමාරුවේ වැටී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. මිතුරු වෙසින් තම නිවස තුළ සතුරාගේ මිතුරා රැඳී සිටියි නම් එය විශාල හානියක් බවත් නිවසින් පිටමං වී ප්‍රහාර එල්ල කළාට කමක් නැති බවත් නලින්…

ඇමැති විජයදාසගේ ඉරණම අද?

  අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශ්වාසය නොමැති බවට පසුගිය 17දා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ඊයේ (21) දැනුම් දුන්නේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) හමු වී විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බව…

ශිරන්ති වෙනුවෙන් කුලියට අඬන්න බස් පුරවලා සෙනග ගෙනත්

රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරත්නි රාජපක්ෂ 2017/8/15 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියාය . ඒ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මීට පෙර කළ දැනුම් දිමකට අනුවයි. ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. එම…

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි.

හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාට  සහ රාජපක්ෂ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව එල්ලවී  ඇති  චෝදනා සම්බන්ධයෙන්  සිදුකැරෙන පරික්ෂණ කඩිනම්  කිරිමට  රජය තීරණය කර  ඇතැයි වාර්තා වේ. රජය මෙම තීරණය එළබී ඇත්තේ  හිටපු  ජනාධිපතිවරයාට  සහ ඔහුගේ  පවුලේ  සාමාජිකයන්ට එරෙහිව එල්ලවී  ඇති  චෝදනා  පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී  ලෙස සිදුකෙරෙන බව එක්සත්  ජාතික පක්ෂයේ  පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක්  දිගින් දිගටම…