අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස ඇති කළ යුතුයි – මහේෂ් සේනානායක

පරාජිකවුත් ජරාජීර්ණවූත් දේශපාලන ක්‍රමය වෙනස් කරමින්, ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස මේ රටට ඇති කීරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැද ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා පැවසීය. සේනානායක මහතා  මේ බව පැවසුවේ ගම්පහ නගර සභා පිටියේදී…

ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මනින්න බැහැ – විජිත හේරත්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ප‍්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය අනුමාන කළ හැකි බව ඇතැමුන් කීවත් ප‍්‍රාදේශීය සභාවක හා ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක ප‍්‍රතිඵලය කිසිවිටෙකත් සමාන නොවන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා ඇල්පිටියේ පැවැත්වුණු ප‍්‍රාදේශීය සභා…

‘‘ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ‘‘ – අකිල විරාජ් කාරියවසම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයකැයිද ඇමැතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට සමත් විය. මැතිවරණ කොමිසන් සභාව අද (11) රාත්‍රීයේ නිකුත් කළ සමස්ථ ප්‍රතිඵලයට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් අවිත්තාව,ඕමන්ත,මැටිවිලිය,ඉඳිපලේගොඩ,අමුගොඩ,කැටන්දොල,ඇලිපිටිය, නවදල,බටුවන්හේන, තලාව, කුඩාගල කදිරන්දොල, වල්ලඹගල පිටුවල,ඇල්ල අම්බනකහදූව පිනිකහ සහ තිබ්බොටුවාව යන කොට්ඨාස සියල්ලටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ තේරී පත්වූහ. SLPP  23372 – 56.3%…

ශ්‍රීලනිපයේ හිටපු මන්ත්‍රීවරු 76කගේ සහය සජිත්ට

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 76දෙනෙකු අද(11) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහුට සහාය දැක්වීමට එකඟතාව දැක්වූහ.   ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවූ පිරිස, එක්සත් ජාතික පක්ෂයට නොව එක්සත් ජාතික පෙරමුණට සහාය දක්වන බව ප්‍රකාශ කර…

එදා ගෝඨා එද්දි මාධ්‍යවේදීන් හැංගෙනවා – අද මාධ්‍යවේදීන් එද්දි ගෝඨා හැංගෙනවා! – දඹර අමිල නාහිමි

2015 දී මහරජා ලෙස අභිෂේක කර තිබූ මහින්ද පරාජය කර මැදමුලන වලව්වේ ඉදිරිපස ජනේලයේ එල්ලූ ජනතාව මීලඟ ජනාධිපතිවරණයේදී ඔහුගේ මල්ලී මැදමුලන වලව්වේ පිටුපස ජනේලයේ එල්ලන බවට කිසිදු සැකයක් නොමැති බව දඹර අමිල නාහිමි පවසයි. එදා මහරජා වෙනුවට අද තරගයට ඉදිරිපත් වී සිටින්නේ කිහිලිකරු අපේක්ෂකයෙකු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. දඹර අමිල නාහිමි මේ බව සඳහන් කළේ ඊයේ…

සජිත්ගේ ජන රැළිය ඇරඹෙයි ; ගාලු මෝදර පිරී ඉතිරෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ආරම්භක ජන රැළිය ගාලු මුවදොර පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජන රැළියට මීට සුළු වේලාවකට පෙර පැමිණියේය. අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, දිගම්බරන් යන ඇමැතිවරු ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක්  රැලියට එක්ව සිටිති.  ඡායාරූප – ඉෂාන් සංජිව ලංකාදීප

බෝගොල්ලාගම සජිත්ට සහයට එයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක් වී තිබේ. හිටපු විදේශ ඇමතිවරයකු වන ඔහු ආයෝජන ප්‍රවර්ධන, උසස් තාක්ෂණ හා ජාතික ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත ආමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර ඇත. පසුගිය දා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන බව මාධ්‍යහමුවක දී…

ශ්‍රිලනිප සහය ගෝඨාභයට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය. ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි. ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව ලකුණ යටතේ තරග කළත් ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ හා එක්ව පුටුව ලකුණින් තරග කරන බවද ඔහු…

ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට ජනපති තීරණය කරයි – පක්ෂ කටයුතු රෝහණ ලක්ෂ්මන්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඒ නිසා ලබන 18 වැනිදා දක්වා පක්ෂ කටයුතු කරගෙන යාම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට පවරා ඇතැයි හෙතෙම පැවසීය  ඩයනා උදයංගනී

සජිත් දිනවන මංගල රැලිය හෙට ගාලු මුවදොර දී

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රාහී මංගල ජන රැලිය හෙට (10) සවස 2ට කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය පැවැත්වෙයි. මේ සඳහා රටේ සතර දිග්භාගයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වීමට නියමිතය. සෑම ආසනයකින්ම…

පසගිය අවුරුදු හතර හමාරේ වෙනස්කම් රැසක් කෙරුවා. සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන්න තීරණය කෙරුවේ ඒ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමටයි – සමන් රත්නප්‍රිය

අපි විශාල වෙනස්කම් ප්‍රමාණයක් කළා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ජනාධිපති බලතල කැපුවා. අවුරුදු හතර හමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල නීතියක් ගෙනාවා. ජනාධිපතිවරය අධිකරණයට යටත් කළා. මූලික අයිතිවාසිකම් කඩවීම්වලට නඩු දාන්න පුලුවන් කියන තත්ත්වය හැදුවා. ඒවගේ හුඟක් වෙනස්කම් කළා. අපි තොරතුරු දැනගැනීමේ පනත ස්ථාපිත කළා. විගණන පනත ස්ථාපිත කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. අධිකරණ ප්‍රතිසංවිධාන…